කොටුව ON මාරයාගේ හෝරාව

මමත් නිතර කොමෙන්ට් නොකලට සිංහල බ්ලොගාවකාශයේ නිතර සැරිසරන කෙනෙක්. මාරයාගේ මේ පෝස්ට් එක දැක්කට පස්සේ මගේ අදහසුත් කියන්න හිතුවා.

දැන් දැන් බොහෝ සිංහල බ්ලොග්කරුවන් බ්ලොග්කරණයේ යෙදීමට වඩා ප්‍රමුඛතාවයක් බ්ලොගාවකාශයේ මිතුරු සමාගම් ඇති කර ගැනීමට ලබා දෙන බවක් තමයි පේන්න තියෙන්නේ. මේ නිසා නිර්මාණශීලී ලෙස බ්ලොග්කරණයට අවතීර්ණවූ බ්ලොග්කරුවන් සෑහෙන පිරිසකගේ නිර්මාණශීලීත්වයේ වගේම බ්ලොග්වල අන්තර්ගතයේ (content) තත්වය මේ නිසා බාලවීම බාහිර කියවන්නෙක් ලෙසට මට පැහැදිලිව පෙනුන දෙයක්.

බ්ලොග්කරුවන් සිතට ගත යුතු දෙයක් තමයි තමන් ලියන්නේ සයිබර් මිතුරන් අතලොස්සක් සතුටු කිරීමට වඩා පුළුල් පාඨක පිරිසක් වෙනුවෙන් බව. සිංහල බ්ලොගාවකාශය ළිඳ ළඟ සංගමයක් බවට පත්වීම බ්ලොග්කරණයේ අනාගතය වෙනුවෙන් සුබදායක නොවන බව තමයි මගේ නම් අදහස.
දැන් දැන් ලියවෙන සමහර බ්ලොග් පෝස්ට් හා ඒවාට වැටෙන කොමෙන්ට්ස් කියවීමේදී අනුන්ගේ මිතුරු සමාගමයකට හොරෙන් කන්දීමේදී ඇතිවන්නාක් බඳු අපහසු හැඟීමක් තමයි බාහිර කියවන්නන් වන අප තුල ඇතිවන්නේ.

මිතුරු සබඳතා ඇති කර ගැනීම සඳහා ඒ වෙනුවෙන්ම වෙන්වූ FB, HI5, elakiri වැනි වෙබ් අඩවි භාවිතා කිරීම තමයි වඩාත් සුදුසු. ඒ අරමුණ වෙනුවෙන් බ්ලොගාවකාශය භාවිතා කිරීම අළුතෙන්ම බ්ලොග්කරණයට අවතීර්ණ වන්නන් පවා නොමඟ යැවීමට දැනටමත් හේතුවී තියෙනවා.

නිර්ණාමික බ්ලොග්කරුවන්ගෙන් ප්‍රකට වෙන විචිත්‍රත්වය නාමික බ්ලොග්කරුවන්ගෙන් බොහෝ ප්‍රකට නොවන බව තමයි මගේ පුද්ගලික අදහස. මේක බ්ලොග් කියවීමෙන් ලැබූ අත්දැකීමෙන් කියන දෙයක්. බොහෝ නව්‍ය නිර්ණාමික බ්ලොග්කරුවන් සයිබර් මිතුරු සමාගම්වලට ප්‍රමුඛතාවයදී සළු පිළි උනා දැමූ පසු ඔවුන්ගේ නිර්මාණශීලීබවත් ඒ සමඟම අභාවයට ගිය බවක් තමයි මම නම් දැක්කේ. නිර්ණාමිකත්වයේ විචිත්‍රත්වය තවදුරටත් රැකගෙන සිටින්නේ ටැබූ වැනි බ්ලොග්කරුවන් අතලොස්සක් පමණයි.

http://ctkumara.blogspot.com/2011/03/blog-post_03.html

This entry was posted in Uncategorized and tagged , , , , . Bookmark the permalink.

2 Responses to කොටුව ON මාරයාගේ හෝරාව

  1. නිර්නාමික says:

    අම්මප ඇත්ත යකෝ. මුන් මෙතන ටොයිලට් යන හැටියි, එක එකා රෙන හැටියි කථා වෙනවා පැල් බැඳගෙන. ලිඳ ළඟ සංගම් හොඳයි ඕයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )