කොටුව බ්ලොග් එක උණ්ඩි කරලා බෙදාහරින්න සින්ඩි තුනකට දැම්මා. මට මතක තිබුනේ ඒ තුන විතරයි.
- කොත්තු (kottu.org)
- ලාංකීය සිතුවිලි (syndi.lankeeya.lk)
- සිංහල බ්ලොග් කියවනය (blog.sinhalabloggers.com)
මේවායින් ලාංකීය සිතුවිලි වලින් බුලට් වගේ ප්‍රතිචාරයක් ලැබුනා. පැය කිහිපයක් ඇතුලත සයිට් එක ඇඩ් කරලත් ඉවරයි. මේ වගේ බුලට් සින්ඩි තියෙනවා නම් බ්ලොග් කලාවට යන කල දසාව යහපත් වෙනවා සිකුරුයි. මේ මල් මිට ලා.සි. ට. (අනිත් සිංඩි වලට කෝචොක් එකක් එහෙම නෙවෙයි. කොටුවගේ අත්දැකීමක් විතරයි කිව්වේ)










ලංකාවේ බ්ලොග් වලට තියෙන සින්ඩියි, ඒවා ගැන ඔබේ අදහසුයි දැනගන්නත් කොටුව කැමතියි. කරුණාකරලා ඒ ගැන කොමෙන්ට් කලොත් ස්තූතියි.
ඔබ සඳහන් කරන ලද සිංඩි තුන ඉදිරියෙන්ම තිබෙන සිංඩි තුනක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. අනිත් සිංඩි දෙකෙනුත් නොබෝ දිනකදීම ඔබේ බ්ලොග් අඩවිය පළ කෙරෙනු ඇති.
සින්ඩි හැම එකක්ම අපිට වටිනවා.අහවල් සින්ඩිය හොදයි අහවල් එක නරකයි කියන්න එපා.මේ පෝස්ට් එක එලොවටත් මෙලොවටත් වැඩක් නැති පෝස්ට් එකක් වහාම ඉවත් කරන්න යාළු,තරහකට කිව්වා නෙවෙයි.
මම දැකල තියනව සින්ඩි වලින් පාඨකයො පිරිසක් හදාගෙන ඊට පස්සෙ සින්ඩි බල්ලට දාල කතාකරන සමහරක්. ඔබ එසේ නොවේයැයි සිතමි. මේ ලෝකෙ තනියම ජීවත් වෙන්න අමාරුයි. සහයෝගයක් නැත්නම් වර්ධනයක් නෑ.