
සින්ඩි ගැන ආයෙත් ලියන්න හිතුනේ අදහස ආපු වෙලාවේ ලියුවේ නැත්නම් අමතක වෙලා යන හින්දයි. මගේ කලින් පෝස්ට් එකේ කිව්වා වගේ ඒකෙ තියෙන සින්ඩි 3 තමයි මම වැඩිපුරම පාවිච්චි කරන්නේ. ඒ අතුරින් දිගු ඉතිහාසයක් තියෙන හා ලංකාවේ ප්‍රථම සින්ඩිය (?) කියලා මම හිතන කොත්තුව (kottu.org) විශේෂයි. මට මතක හැටියට මම ලංකාවේ ලියවෙන බ්ලොග් කියවන්න මුලින්ම පටන් ගත්තේ කොත්තුව හරහා. ඒ දවස්වල ඒකේ බහුතරයක් තිබුනේ ඉංග්‍රීසි එව්වා. සිංහල ඒවා කිහිපයකුත් තිබුනා මතකයි.
දැනටත් මම අනිත් සින්ඩි වලට වඩා කොත්තුවට ප්‍රිය කරන්නේ එක හරිම සිම්පල් ප්ලෑන් එකක් හින්දයි. ඒ කියන්නේ ඒක වැඩිපුර ගැජමැටික් නැති හරි සරල සින්ඩිකේටරයක්. මට ඒකෙ වැදගත්ම දේ තමයි බ්ලොග් පෝස්ට් එකක අන්තර්ගතය ගැන වැටහීමක් ලබා ගන්න ප්‍රමාණවත් තරම් කොටසක් ඒකේ පෙන්නනවා. ඒ අතින් ලාංකීය සිතුවිලි (syndi.lankeeya.lk) නම් මට අල්ලන්නෙම නෑ. බොහෝ පෝස්ට් වල පෙන්නන්නේ පේලියක් විතරයි. ඒ පේලිය විතරක් කියවලා පෝස්ට් එක බලනවද නැත්ද කියලා තීරණය කරන්න හරිම අමාරුයි. ඒ පේලිය දැකලා මෙලෝ රහක් නැති පෝස්ට් එකක් ඕපන් වුනාම (බොහෝ වෙලාවට සිදු වන දෙයකි) මල පනිනවා. සිංහල බ්ලොග් කියවනයත් (blog.sinhalabloggers.com) කොත්තුවට බොහෝ දුරට සමාන අන්තර්ගතයක් feed එකේ පෙන්නුවත් ඒකෙ width එක වැඩි නිසා (ඒ කියන්නේ හරස් අතර text එක විසිරිලා හින්දා) කියවන්න ටිකක් අමාරුයි.
මගේ අදහස නම් බ්ලොග් කියවනයකින් විය යුත්තේ කියවන්නා හා ලියන්නා අතර සහසම්බන්ධය ගොඩනැගීමයි. සරලව කියනවා නම් කියවන්නාට තමන් කියවන්න කැමති අන්තර්ගතයක් ඇති පෝස්ට් නිවැරදිව හා පහසුවෙන් තෝරා ගැනීමට ඉඩ කඩ සැලසීමයි.
ඒ දේ නිවැරදිව කිරිගහට ඇන්නාසේ ඉටු කරන කොත්තුවටයි මේ මල් මිට !!!!!!!!!!!!!!!!1









