සිංහල බ්ලොගාවකාශේ කුණුහරුප කොමෙන්ට්වලට චිර ප්‍රසිද්ධයිනේ. අවශ්‍යතාවය නිසාම කුණුහරුප භාවිතා කරපු ශීලාචාර කුණුහරුප කොමෙන්ටුවරු වගේම හතර අතේ තේරුමක් නැතුව කුණුහරුප වක්කරමින් ගිය හීරෝ කොමෙන්ටුවරු ගැනත් බ්ලොග් අවකාශයේ සැරිසරන්නෝ දන්නවා. ඒ හින්දා සමහර බ්ලොග් අයිතිකාරියන් බ්ලොග් වසා දමන තරම් පශ්චත්තාපයට පත්වීම ගැන නම් කොටුවට කණගාටුයි.
දේශපාලන බ්ලොග්කරුවන් නම් කුණුහරුප කොමෙන්ටු එතරම් සීරියස් ලෙස නොගත්තත් වෙනත් අංශවල බ්ලොග් කරුවන් හා කාරියන් මේ කුණුහරුප කොමෙන්ටුවරු නිසා අපහසුතාවයට හා කලකිරීමට පත් වීමට ඉඩ තියෙනවා.
තමන්ට මොවුන්ගෙන් තර්ජනයක් තියෙනවා නම් කොමෙන්ට් මොඩරේට් කිරීම වඩාත් සුදුසුයි.
කුණුහරුප කොමෙන්ටුවරු ගැන කොටුවගේ නම් තියෙන්නේ මධ්‍යස්ථ අදහසක්. බ්ලොග් අවකාශය කියන්නේ ජාතික පත්තරයක් නොවන හින්දා සීමාවකට යටත්ව කුණුසරුප භාවිතා වුනාට කමක් නෑ කියලා තමයි කොටුව හිතන්නේ. අනික ඉතින් කුණුහරුපවල ඔය කියන තරම් කුණු ගතියක් පේන්නේ ඒවායේ ඇත්ත තේරුම හොයන්න ගියොත් තමයි.
උදාහරණයක් විදියට, හීරෝ කෙනෙක් ඇවිත් “අනේ උඹේ අ*** හු***” කියලා කොමෙන්ට් කරලා ගියොත් මේක ඇත්ත තේරුම ගැන හිතන්න ගියොත් වෙනදේ දන්නවනේ. ඒක හින්දා ඒකෙ ශබ්දාර්ථය විතරක් අරන් පබ්ලිශ් කිරීම හෝ මකා දැමීම ගැන තීරණයක් ගැනීම තමයි සුදුසු.
කුණුහරුප කොමෙන්ටුවරු ගැන ඔබේ අත්දැකීමුත් බෙදා ගනිමු ද?










No Comments
No Comments
No Comments