“පිට රට ඉන්නා බහුතරයක් අපිව වැද්දන් ලෙස සලකන්නේ ඇයි? මම රට ගිය හැම වෙලාකම දැකපු දෙයක් තමා ලංකාවෙන් ආවෙ කිවුවම උන් බලාපොරොත්තු වෙන්නෙ යටත් විජිතවාදී මානසිකත්වයක් තියෙන, සුදු හමට වඳින කෙනෙක්. අපි ඊනියා සදාචාරයක් ගැන කතා කරන කිසිම ආතල් එකක් නොගන්න කොන් වෙලා ඉන්න පිරිසක් විදියට තමා උන් දකින්නෙ”
සුද්දො අපි ගැන ඕන හු*** හිතුවම අපිට මොකද බං? තමන් කැමති ජීවන රටාවකට ජීවත් වෙන එක තමන්ගේ කැමැත්ත. කුණුවෙන්න බීලා පාරවල් ගානේ වැටිලා ඉන්න එක උඹේ මානසිකත්වයෙන් උඹට ආතල් එක වෙනවා වගේම, නිස්කලංක පරිසරයක වැඩි සමාජ සම්බන්ධතා වලින් තොරව සරල ජීවිතයක් ගත කරන එක තවත් කෙනෙකුගේ “ආතල්” එක වෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ “සදාචාරය” නැත්නම් ජීවන දැක්ම අනුන් පිට බලෙන් පටවන්න ගියාම තමයි ප්‍රශ්න ඇතිවෙන්නේ.
“උන් එක්ක සෙට් වෙලා උන්ට හිතා ගන්නවත් බැරි තරමට පිස්සු කෙලියම උන්ට සුවර් නෑ ඇත්තටම මූ ලංකාවෙ එකෙක්ද කියල”
පිස්සු කෙළින එක “මාර” වැඩක් කියලා සුද්දා හිතනව නම් ඒක සුද්දාගේ නොදියුණුකමේ ලක්ෂණයක් කියලයි කොටුවට නම් පේන්නේ. එහෙව් සුද්දාගෙන් “ෂා මූ මාර පොරක්නේ” කියලා අහගන්න උඹ ඔච්චර ආස උඹේ තියෙන යම් හීනමානයක් හින්දා වෙන්න පුළුවන්.
Link to the post : http://r4ng4.blogspot.com/2011/03/blog-post_20.html









