කල්ලිවාදය කියනදේ ලංකාවට අළුත් දෙයක් නෙවෙයි. කල්ලි/ගැන්සි/මාෆියා වැනි විවිධ නම් වලින් මේවා හැඳින්වෙනවා. මාධ්‍ය මාෆියාව, බස් මාෆියාව, මාළු මාෆියාව, ත්‍රීවීල් මාෆියාව, රෝහල් මාෆියාව ආදී මෙකී නොකී වශයෙන් හැඳින්වෙන මේ කල්ලි/ගැන්සි/මාෆියා බිහිවීමේ රෝග නිධානය ඇත්තේ කොහේද?
මේක බෝහෝ විට තියෙන්නේ ලාංකීය චිත්තනයේ. අපි සහජයෙන්ම බොහෝ දුරට කල්ලි වාදයට කැමතියි. ඇත්තටම යාළු මිත්‍රකම්, සබඳතා කියන්නේ නරක දේවල් නෙවී. ඒත් අපේ තියෙන මේ කල්ලිවාදයේදී බොහෝ දුරට කරන්නේ පිටස්තරයාගේ අයිතිය අහිමි කිරීම, තමන් පමණක් වැජඹීම, හරි වුනත් වැරදි වුනත් තමන්ගේ එකා වෙනුවෙන් පෙනී සිටීම, තමන්ගේ එකා වැරැද්දක් කලත් චියර් කිරීම ආදී මෙකී නොකී දේවල් තමයි. මේවා නම් ඉතින් ඉතා නරක ලක්ෂණ.
කන්තෝරුවකට ගියත්, ත්‍රීවීල් පාක් එකකට ගියත්, මාකට් එකකට ගියත්, රෝහලකට ගියත් මේ කල්ලිවාදයේ ලක්ෂණ සුපැහැදිලිව දැක ගන්න පුළුවන්. අපි වැඩක් කරගන්න කොහේ හරි තැනකට යද්දි අඳුනන කෙනෙක් ඉන්නවද කියලා මුලින්ම හතර වටේ හොයලා බලන්නේ මේ කල්ලියේ එකාට තියෙන සැලකිල්ලයි, කල්ලියේ නොවන එවුන්ට තියෙන සැලකිල්ලයි අතර වෙනස පැහැදිලිව දන්න හින්දා. කල්ලි තියෙන තැනකට ගිහිල්ලා කොහේ හරි අඩුපාඩුවක් එහෙම පෙන්නලා දුන්නොත් කල්ලියම එකතු වෙලා දෙන සබ්බුව දන්නවනේ ඉතින්.
මේ කල්ලි වාදයෙන් ඉක්මනින් අපේ මනස නිදහස් කර ගන්න පුළුවන් නම්? අඩුම ගානේ මේ බ්ලොගාවකාශේවත්?










ඇත්තටම සමහර මිනිස්සුන්ට ශිෂ්ඨ සංවාදයකට එළඹෙන්න බැරි වුන ගමන් තමන්ගේ රැළත් එක්ක එකතු වෙලා ප්‍රතිවිරුද්ධ අදහසක් දරණ පුද්ගලයාට මඩ ගහන්න, කොන් කරන්න, හාස්‍යයට ලක් කරලා සතුටු වෙන්න පෙළඹෙන්නේ ඇයි?
ඩාවින් න්‍යායට අනුව නිසි පරිදි පරිණාමයට ලක් නොවීමේ ගැටළුවක්ද?