// දුබල කුඩා වුන්ට ඈත ඉන්නා හතුරෙකු පෙන්නා කියනවා නුඹලාගේ දුකට හේතුව අරුන් තමයි nothing to do with this system //
එපමණක් නෙවෙයි. ඕන කෙනෙක්ට ධනවතුන් වෙන්නට කිසිම බාධාවක් මේ සර්ව සම්පූර්ණ “නිදහස් ලෝකයේ” නොමැති බවත් උන් සදාකාලික දුප්පතුන් වන්නේ උන්ගේ තියෙන කම්මැලි කමටත් නොහැකියාවටත් නොලැබීමටත් බවත් උන්ටම ඒත්තු ගන්නනවා. ඒකට ඉතින් බිංදුවේ ඉඳන් කෝටිපතියන්වූ චරිත ඕනෑ තරම් උදාහරණ වශයෙන් පෙන්නන්න පුළුවන්නේ. පොසිටිව් තින්කින්. තමන්ගේ චින්තනය වැරදි බව තේරුම් ගන්න මේ system එක ඇතුලේ විනෝදය ලබන කෙනෙක්ට පහසු වෙන්නේ නෑ.
ඇමරිකාව ඉරාකයට පහරදුන්නේ තෙල් හින්දා කියන කථාවෙන් අදහස් වෙන්නේ ඇමරිකාව ඉරාකයේ තෙල් ටික ඔක්කොම සල්ලි වලට ගන්නවා කියන එක නොවෙයි කියලා අරුණිට නොතේරෙන්නේ ඒ නිසයි. ඇමරිකාවට අවශ්‍ය වන්නේ තමන් බලාධිපත්‍යය දරන බටහිර ධනවාදී ආර්ථිකයට තර්ජනයක් වන රටවල්, නායකයන්, සංවිධාන විනාශ කර දැමීම විතරයි. එහෙම කලාට පස්සේ එහි ප්‍රතිලාභ ලබන්නේ රුසියාවද, යුරෝපයද, චීනයද කියන එක ඇමරිකාවට වැදගත් නෑ. මොකද චීන ආර්ථිකය පවා ඇමරිකන් ආර්ථිකය දුවවන ඇංජිමේ දැති රෝදයක්. ඇමරිකාවට තර්ජනයක් වෙන්නේ චීන කොමියුනිස්ට් පාලනය මිසක් ඉරාකේ තෙල් චීනය මිලදී ගන්න එක නෙවෙයි.
අරුණි ගොඩක් වෙලාවට රඳා පවතින්නේ facts මත. එතකොට සම්පූර්ණ චිත්‍රය එළියෙන් ඉඳන් බලන්න එයාට හැකියාව ලැබෙන්නේ නෑ.
ඇමරිකාවේ තියෙන ඊනියා පුද්ගල නිදහසම තමයි ඇමරිකාවේ පාලකයන්ගේ ආයුධය වෙලා තියෙන්නේ ඔවුන්ව පාලනය කරන්න. මොකද මිනිස්සු හිතනවා තමන් ශක්තිමත් තමන්ගේ අදහස් වලින් පාලකයන්ට බලපෑමක් වෙනවා කියලා. ඒක මොනතරම් විකාරයක් ද කියලා ඇමරිකන් හමුදාව තවමත් ඉරාකයෙන් ඉවත් කර ගැනීමට තියෙන බාලගිරි දෝෂයෙන් පේනවා. ලිබියාවට ගහනවාද නැත්ද කියලා තීරණය කරන්න ඔබාමාට ඊනියා ජනමතය වැඩක් නෑ. ඔබාමා කරන්නේ තමන් ජනමතයට ගූ බයයි කියලා පෙන්නන එකයි.
මට පේන්නේ රැවටීම අතින් ගත්තම කැලණියේ ජනතාවට වඩා ගොඩාක් ඉදිරියෙන් අරුණිලා ඉන්න බව විතරයි. වෙනසකට තියෙන්නේ කැලණියේ ජනතාව පීඩාකාරී විදියට රැවටෙනවා. අරුණිලා සෆාන් එකේ චූන් එකේ “නිදහස” විඳිමින් රැවටෙනවා. නමුත් ඒ රැවටීමෙන් අරුණිලාට කිසිම පාඩුවක් වෙන්නේ නෑ. මොකද ඔවුන් system එක ඇතුලේ success වෙච්ච අය හින්දා. ඒත් හැමෝටම ඒ success එක ලබන්න තියෙන බාධාව මොකක්ද කියලා වෙනම හැදෑරීමක් කරන්න ඇමරිකන් මනස අරුණිලාට ඉඩ දෙන එකක් නෑ. මොකද ධනාත්මක චින්තනය අනුව ඕන කෙනෙකුට, ඕන ජාතියකට ප්‍රජාතාන්ත්‍රවාදය ස්ථාපිත කිරීමෙන් හා මහන්සි වී වැඩ කිරීමෙන් ධනවත් වෙන්න පුළුවන්නේ.










