සුද්දාගේ Time සහ අපේ දෙපිට කාට්ටුවෝ

ලෝකයේ අතිසුප්‍රසිද්ධ, අතිජනප්‍රිය, මහාර්ඝ සඟරාවකින් මහා ඡන්ද විමසීමක් පැවැත්විය. එයට සූ ගාලා ලෝක වැසියෝ වැල නොකැඩී ඡන්දය ලබා දුන්හ. එක්තරා රටක එක්තරා ජනනායකයකුගේ මාධ්‍ය ඔස්තාද්ලාද මෙම අරුම පුදුම ඡන්ද විමසීමට සකලවිධ ආණ්ඩු මාධ්‍ය භාවිතා කරමින් හා ෆේස් බුක් එක පිරෙන්නට ඇඩ් පවා දමමින් ජනාධිපතිවරණයකට නොදෙවෙනි ලෙස ඡන්ද ප්‍රචාර ගෙන ගියහ. මෙන්න අවසාන ඡන්ද ප්‍රතිථලය. ජනනායකතුමා ටයිම් කාරයා හලලාය. වැරැද්ද ටයිම් කාරයාගේද? බල්ලොත් ඡන්දය නොදුන් හිඟන ඡන්දයක් ප්‍රෙමෝට් කල ජනනායකයාගේ මාකටිං ගෝලයන්ගේද? නෑසූ කන්ව බලා සිටි රජතුමාගේද?

අසත්වා. බලත්වා.

http://www.time.com/time/specials/packages/completelist/0,29569,2066367,00.html

පසු විපරම : මෙම ඡන්ද විමසීමට rain ගේ fans ලා හැරෙන්නට වෙන බල්ලෙක්වත් (ලංකාවේ හැර) ඡන්දය ලබා දී නොමැති බව, නැතිනම් පයිසයකට මායිම් කර නොමැති බව ඊනියා global poll එකට ලැබී ඇති ඡන්ද ප්‍රමාණ වලින් පැහැදිලිවේ. ලංකාවේ සමහර ප්‍රාදේශීය සභා අපේක්ෂකයන්ටත් මෙහි සඳහන් ලෝක නායකයන්ට වඩා ඡන්ද ලැබේ. වෙන වෙලාවට බටහිර මාධ්‍යවලට පළු යන්නට පහර දෙන රජයේ මාධ්‍ය මෙහිදී මෙම තුට්ටු දෙකේ ඡන්ද විමසීමට ලබා දුන් මාධ්‍ය ප්‍රචාරය අති භයංකාරය. ඊමේල් ෆෝවර්ඩ් කිරීමෙනුත්, FB එකේ ඇඩ් දැමීමෙනුත් රැවටීමට හවුල්වූ ඊනියා ජනතාවට අපගේ ප්‍රණාමය. වැඩිම කණගාටුව වන්නේ ජනතාව රටට්ටන්නට ගොස් අන්තිමේදී කිච වුනේ ලංකාවේ නායකයාත්, ලංකාවත් නිසාය. පහත වීඩියෝව බැලීමෙන් ඒ බව මනාව පැහැදිලි වනු ඇත.

http://www.time.com/time/video/player/0,32068,909857706001_2066039,00.html

This entry was posted in Uncategorized. Bookmark the permalink.

2 Responses to සුද්දාගේ Time සහ අපේ දෙපිට කාට්ටුවෝ

  1. Buwa says:

    අප්පා මෙ මක්කෙයි උනේ..අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රනයක්වත්ද ? මය ලිස්ට් එකේ 20 ගනන් වල ඉන්න කොට මම ඇත්තටම සතුටු උනා ලංකාවේ නායකය නිසා . පස්සේ තමයි හිතුනෙ අපේ මාධ්‍ය කට්ටිය පුප්පන හැටි දැක්කාම මේකත් මාකටින් පාරක් කියල . ඕනිවට වඩා මාකට් කරන්න නොගිය නම් ලයිස්තුවෙන් හලන එකක් නැ මගේ හිතේ

  2. Sagara Nanayakkkara says:

    Mwvata thamai Puka Dee Nasee kiyala game aya kiyanne!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )