ගුඩ් බායි ඇනෝ !!!!!!!!!!

(මාරයාගේ හෝරාව නැමැති බ්ලොග් අඩවියේ පිටකොටුව පළ කල කොමෙන්ටුවක කොපියකි)

//ආ මේ මගේ අඩවියේනං මං ඇනෝ කමෙන්ට් වහලා තියෙන්නේ..ඒ අද ඊයේ නෙවෙයි බොහෝම කාලෙකට කලින් ඉඳලා..ඒ කියන්නේ පිට කොන්දක් ඇති කෙනෙකුගෙන් මිස..තමන්ගේම කියා පෞර්ෂයක් නැති අයගේ කොමෙන්ටුවකින් මට ඇති වැඩක් නැති නිසා… එය හොඳක් උනත් නරක් උනත් මට එයින් පලක් නැත. ඒ නිසා ඇනෝලා කොමෙන්ට් කිරීමට උත්සහ කරන්න ඕන නැහැ..ස්තූතියි.//

මේක නම් එක්තරා විදියක අන්තවාදී අදහසක්. ඇනෝ නමින් කොමෙන්ට් කරන්නේ පෞරුෂයක් නැති කෙනෙක් කියලා කියන්නේ මොන පදනමකින්ද කියලා මට නම් තේරෙන්නේ නෑ. යම් කිසි පෝස්ට් එකක් ගැන තමන්ගේ අදහසක් පළ කරන්න ඉන්ටර්නෙට් වගේ අඤ්ඤකොරොස් ප්ලේස් එකක නියම නමින් පෙනී සිටින්න කියලා ද මේ කියන්නේ. මොකද නමක් දැම්මත් ඒක ඇත්ත නමක්ද, බොරු නමක්ද, අනුන්ගේ නමක්ද කියලා තහවුරු කරගන්න කාටවත් බෑ. ඒක නිසා ඇනෝ නමින් කොමෙන්ට් දාන්නේ කශේරුකාවක් නැති අය කියලා කියන එක නම් සාමාන්‍ය පාඨකයාට කරන්න පුළුවන් අන්තිම අපහාසයක්.

බැලිය යුත්තේ ඇනොද, ටැනෝද, බැනෝද කියා නොව කොමෙන්ටුවේ අන්තර්ගතය දෙසය. මොකද ඇනෝ නමින් බොහෝ බ්ලොග් අඩවි වල ඉතා සාධනීය කොමෙන්ට් පළවූ අවස්ථා මම ඕන තරම් දැක තියෙනව.

මම දන්න තරමින් බ්ලොග් කියවන (ලියන නෙවෙයි) බහුතරයක් බ්ලොගර්, වර්ඩ්ප්‍රෙස් කියන්නේ කොස් ද, දෙල් ද කියලා දන්නෙත් නෑ. ඉතින් එහෙම අයට ඒ, ඒ සයිට් වලට ගිහින් ෆෝම් පුරවලා, පාස්වර්ඩ් දීලා, ඒවා මතක තියාගෙන, captcha ගහලා, එකවුන්ට් ඇක්ටිවේට් කරලා ඇවිල්ලා කොමෙන්ට් කරපල්ලා කියලා බල කරන එක කොච්චර සාධාරණද?

නාමිකව හෝ නිර්නාමික ලෙස අදහස් පළ කරන්න පාඨකයාට තියෙන අයිතිය අහිමි නොකල යුතුය කියලා තමයි සිංහල බ්ලොගාවකාශයේ දියුණුව පතන කෙනෙක් හැටියට මගේ නම් අදහස. මොකද එකවුන්ට් තියෙන එවුන්ට විතරක් අදහස් ප්‍රකාශ කරන්න දුන්නම අනිත් එවුන්ට පාන්ද? බ්ලොග් කියවන හැම එකෙක්ම බ්ලොග් ලිවිය යුතුද?

කෙසේ වෙතත් තමන්ගේ මැට්ටම් තම්මැට්ටම් කීවා වගේ තමන්ගේ අඩවිවල ඕනෙ කරණමක් ගැසීමට බ්ලොග් අයිතිකාරයන්ට නිදහස ඇති බැවින් කල්ලි ගැසී ඇවිත් අපට පහර නොදෙත්වා. අපි අපේ අදහස පමණක් පළ කලෙමු. we report. you decide. :)

අනිත් හරිය ගැන නම් කියන්න තියෙන්නේ ඔය වගේ කොමෙන්ට් වලට උත්තර දෙන්න කාලය නාස්ති කරන එකම ගොන් කමක්. ඒකෙන් වෙන්නේ ඔය කියන කොමෙන්වලට අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලැබීම විතරයි.

උප්පැන්නයක් නැති ඇනෝලා වෙනුවෙන්,

- කොටුව -

Link to original – http://ctkumara.blogspot.com/2011/05/blog-post_03.html

This entry was posted in Uncategorized. Bookmark the permalink.

7 Responses to ගුඩ් බායි ඇනෝ !!!!!!!!!!

  1. rim says:

    සහතික ඇත්ත. මම ඇනෝ නැති සයිට් වල කවදාවත් කමෙන්ට් කරන්නේ නෑ.
    පලවෙනි හේතුව නම් කාරණාව ගැන කතා නොකර කල්ලි ගැසී පුද්ගලිකව පහරදීම. දැන් බලන්න මාරයට උනත් පුද්ගලිකව බේබදු, සික්කා කතා කියන්නේ ඇනෝ නැති නිසානේ.
    දෙවනි කාරනය නම් ‘to keep the professional life aside from the personal life’. කවද හරි වෙන ජොබ් එකකට ඇප්ලයි කලාම නම ගූග්ල් කලොත් අනිත් අය අපිට මඩ ගහපු කුනු කන්දල් එන එක චාටර් නේ. බලන්න නිකං කාලිංගගේ වගේ නම ගූග්ල් කරලා. කොච්චර කුණු කතාද? ඒ වගේ වෙලාවට ඒවා ඇත්තද නැද්ද කියලා හොයනවට වැඩිය ඊලග ඇප්ලිකේශන් එකට යන එක ලේසියි
    මම නම් controversial යමක් නොවුනත් ඇනෝ නැත්තං කමෙන්ට් කරන්නේ නෑ. මම කතන්දර, සයිබර් යායේ එහෙමත් කමෙන්ට් කරන එක නැවැත්තුවේ ඒකයි.

    • rim says:

      “දැන් බලන්න මාරයට උනත් පුද්ගලිකව බේබදු, සික්කා කතා කියන්නේ ඇනෝ නැති නිසානේ.”

      තව පැහදිලි කලොත් මාරයා ඇනෝ විදිහට නැතුව නියම නමින් ඉන්න නිසානේ

  2. Buwa says:

    ඔබේ අදහසට එකඟයි , අන්තර්ජාලයේදී තමන්ගේ අනෙන්‍යතාවය හෙලි නොකර ඉන්න එක තමයි වඩා හොඳ , උදා විදිහට බුවා කියල ලියන මගේ ඇත්ත නමත් බුවා නෙවෙයිනේ , ඉතින් බුවා කියන්නෙත් එක්තරා ආකාරයක ඇනෝ කෙනෙක් තමයි

  3. නිර්නාමික says:

    oyage site eke ano tiyenawada

  4. Pingback: චානුක ඔයා නාමික ද? මං නිර්නාමික ද? | ||||| —- පිටකොටුව —- |||||

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )