චානුක ඔයා නාමික ද? මං නිර්නාමික ද?

අරුණි ශපීරෝ නැමැති බ්ලොග් කාරියගේ ලිපියක දී චානුක වත්තේගම නැමැති බ්ලොග් කරුවාත් ලලී නැමැති “නිර්ණාමික” (චානුකට අනුව) කොමෙන්ටුකරුවාත් කොමෙන්ට් වාරණයක් ගැන ගේමකට අවතීර්ණවී තිබෙනු දක්නට ලැබුණි. ඇනෝලා ගැන ලියූ ලිපියේද මේ ගැන අපි කථා කර ඇතත් මේ නාමික හා නිර්නාමික බ්ලොග්කරුවන් යන අපබ්‍රංසය නැවතත් මතුවී ඇති බැවින් ඒ ගැන පිටකොටුව නැමැති “නිර්ණාමික” බ්ලොග් කරුවාගේ අදහස් බිඳක් පහත පළ කරමි.

චානුක නාමික බ්ලොග්කරුවන් ලෙස හඳුන්වන්නේ මොක්කුදැයි මට ඇති උභතෝකෝටික ගැටළුවකි. සරල උදාහරණයක් ලෙස මා හෙට දින අළුත් බ්ලොග් එකක් පටන් ගනිමි. මගේ බ්ලොගයේ නම “ආර්.ජේ.කේ. ප්‍රසන්න වීරසිංහගේ සටහන්” ලෙසත් බ්ලොග් ID එක “ප්‍රසන්න වීරසිංහ” ලෙසත් සඳහන් කරමි. මා ලියන්නේ කාපු බීපු දේවල් ගැන හෝ දේශපාලනය ගැන හෝ කම්පියුටර් ගැජමැටික් හෝ වෙන ඕන බම්බුවක් විය හැකිය.

දැන් චානුක වත්තේගම නැමැති නාමික / නාමික නිර්නාමික බ්ලොග් කරුවන් අතර වෙනස ටක්කෙටම කියන්නට දන්නා බ්ලොග්කරුවා මා හඳුනාගන්නේ නාමික බ්ලොග් කරුවෙක් ලෙසද? නිර්නාමික බ්ලොග් කරුවෙක් ලෙසද?

එවිට පිටකොටුව නම් නිර්නාමික බ්ලොග් කරුවා ආර්.ජේ.කේ. ප්‍රසන්න වීරසිංහ නැමැති “නාමික” බ්ලොග් කරුවෙක් බවට රූපාන්තරණය වෙනවාද?

චානුක නාමික බ්ලොග් කරුවන් හඳුනා ගැනීමට හඳුනා ගන්නා නිර්නායකයන් කුමක් ද? (මොකද නමක් ද නිර්නාමික (ආරූඪ නමක්) විය හැකි බැවිනි. උදාහරණයක් ලෙස නාමල් රාජපක්ෂටද අවශ්‍ය නම් කේතුමතී බණ්ඩාරනායක නමින් බ්ලොග් ලියන්නට කාගෙන්වත් තහනමක් නැත. )

1. පෞද්ගලිකව හැඳිනීම

2. සිංහල (හෝ දෙමළ හෝ ඉංග්‍රීසි) නමක් භාවිතා කරමින් බ්ලොග් ලිවීම / කියවීම

3. පෞද්ගලිකව නොහඳුනන නමුත් බ්ලොග් එකේ ඇති අහවල් කඩෙන් කෑවා, අහවල් ඉස්කෝලෙට ගියා, බූට් කෑවා වැනි දේවල් හරියටම වුනා වගේ ලියා ඇති බැවින් මූ නියම නාමික බ්ලොග්කරුවෙක් බව උපකල්පනය කිරීම

නාමික බ්ලොග් කරුවෙක් වීමට නම් චානුක වත්තේගම, අරුණි ශපීරෝ වැනි ගූගල් කල විට හොයා ගන්නට යමක් තිබෙන චරිතයක් විය යුතුද? නැත්නම් ඇත්ත හෝ බොරු ෆේස් බුක් එකවුන්ට් එකක් තිබිය යුතුද?

ආනන්දවර්ධන යනු නාමික බ්ලොග් කරුවෙක්ද? නිර්නාමික බ්ලොග්කරුවෙක්ද? (ඇත්තටම මා දනනේ නැත. මා සිතාගෙන සිටියේ නම් ආරූඪ නමක් බවයි. එහෙත් චානුකට අනුව එය එසේ නොවේ. ඒ අනුව චානුක ආනන්දවර්ධන හඳුනන බව පෙනේ. කරුමෙට මං අඳුනන්නේ නෑනේ :( )

බ්ලොග් ලියන්නට පටන් ගන්න නම් ලංකාවේ පුද්ගලයන් හඳුනාගැනීමේ දෙපාර්තමේන්තුවේ ඩේටා බේස් එකට (එහෙම එකක් තිබේ නම්) ඇතුලත්වීමට හැකියාව ඇති අය විය යුතුද? (කොමෙන්ට් කාරයෝ ඇත්ත එවුන්ද බොරු එවුන්ද යන්න සොයා ගැනීමට)

මට පෙනෙනෙ හැටියට නම් මේ නාමික/නිර්නාමික බේදය වුවමනාවන්ම ගොඩනැගීමට තැත් කරන්නේ තමන්ගේ වාසියට බවයි. ඇනොලාගේ, නිර්නාමික බ්ලොග්කරුවන්ගේ ප්‍රශ්න කිරීම් නැවතුනු කල ඕන කුණුහරුපයක් ලියා “ආ නියමයි මචං, පට්ට ඈ” වර්ගයේ කොමෙන්ට් ගොඩක් මැද සතුටින් ප්‍රීතියෙල් කල් ගත කිරීමට පුළුවන. අනේ ඉතින් එහෙම ඉන්න එක ගැන නම් අපේ කිසිම ඊරිසියාවක් නැත. එහෙත් අපගේ දැන ගැනීම පිණිස බ්ලොග් එකේ උඩින්ම “මිතුරන් අතරේ පමණයි. positive කොමෙන්ට් පමණි.” කියලා සඳහන් කලා නම් පංකාදුය.

This entry was posted in Uncategorized and tagged , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

One Response to චානුක ඔයා නාමික ද? මං නිර්නාමික ද?

  1. Ashoka says:

    ඇනෝ බ්ලොග් එකක් කරන කෙනෙක් ඇනෝ ප්‍රතිචාර තහනම් කරනවානම් අන්න ඒක වැරදියි. නාමිකව (ආරුඪ නෙමෙයි ) බ්ලොග් එකක් කරන කෙනෙක් ඇනෝ ප්‍රතිචාර තහනම් කරනවානම් ඒක බ්ලොග් අයිතිකරුගේ නිදහස. මොකද තම නමින් යන බ්ලොග් එකේ පලවන දෙය ගැන තමාට වගකීමක් ඇති නිසා. මගේ බ්ලොග් එකේ නම් මම ඇනො ප්‍රතිචාර වලට ඉඩ දී තියෙනවා, තවම නම් ප්‍රශ්නයක් ඇති වී නෑ.

    මෙතන තියන ප්‍රධාන කාරණය හැටියට මට පෙනෙන්නේ ඇනෝ ප්‍රතිචාරයක වග කීමක් නැති කම. තමාගෙ හරි නම නැති විට කෙනෙක්ට කැමති දෙයක් ලෙහෙසියෙන් කිව හැකියි, හරි හෝ වැරදි, ඇත්ත හෝ නැත්ත. වැදගත් කාරණයකදී ප්‍රතිචාරයේ නිරවද්‍ය භාවය ගැන වගකීම ගන්නේ කව්ද ?

    මේ කරුණ පිට රටවල බ්ලොග් අඩවි වලත් ස0වාද වනු දැක ඇත්තෙමි. බොහෝ (සීරියස්)බ්ලොග් කරුවන් සාමාන්‍යෙන් අනො ප්‍රතිචාර වලට ඉඩ දෙන්නෙ නැති බව දකින්නට පුළුවන්.

    අනෙක් අතට හරි නමින් ප්‍රතිචාරයක් දමා තම අදහස/මතය වෙනුවෙන් පෙනී සිටීමට බැරි ඇයි ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )