(ගොසිප්) රැජින ඔබාමා මරා ගෙන කෑම !!!!!!!!!!!

ගැට්ටට අහුවුන ඔබාමාගේ ලීමෝව ගැන අපි මීට කලින් වාර්තා කල අතර ඔබාමාගේ එංගලන්ත රස කථා මින් නිම වන්නේ නැත.

ලීමෝව අළුත්වැඩියා කරගෙන රැජින විසින් දුන් භෝජන සංග්‍රහය පිළිගන්නට බකිංහැම් මාළිගයට ගිය ඔබාමාට මෙවර නම් සිදු වූයේ වස විළිලැජ්ජාවකි.

රැජිනත් සමඟ සවුදිය පුරන්නට ගිය ඔබාමා දෙස දවා අළු කරන බැල්මක් හෙලූ රැජින අහක බලා ගත්තාය. වුනේ මොකක්දැයි නොදන්නා ඔබාමා තුෂ්නිම්භූතවී ගලක් ගිල්ලාසේ හිටගෙන හිටියේය.

බලාගෙන යනකොට වුනේ මේකය. ඔබාමා සවුදිය පුරන කථාව කරන අතරේ බෑන්ඩ් කාරයෝ සංගීතයක් වැයීමට පටන් ගත්හ. වැයෙන සංගීතය තමන්ගේ කථාවට පසුබිම් සංගීතයක් වන්නට ඇතැයි සිතූ ඔබාමා තමන්ගේ කථාව දිගටම කරගෙන ගියේය. සංගීතය ඇරඹද්දී දිගටම කථා කරගෙන යන ඔබාමා දෙස රැජින නොරුස්නා බැල්මක් හෙලුවත් ඔබාමාට එය තේරුම් ගන්නට බැරිවිය. බලනකොට වාදනය වී ඇත්තේ එංගලන්ත ජාතික ගීයය.

ජාතික ගීය යන අස්සේ ඔබාමා සවුදිය පුරන්නට අඬ ගැසීම ගැන රැජිනට මල පැනීම සාධාරණ ද? අසාධාරණ ද? තීරණය පාඨක ඔබට බාරය.

මේ ගැන පැහැදිලි කිරීමක් ලබා ගැනීමට ධවල මන්දිර ප්‍රකාශකයකු සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ කළ මුත් සාර්ථක නොවීය.

This entry was posted in Uncategorized and tagged , , , , , , , . Bookmark the permalink.

2 Responses to (ගොසිප්) රැජින ඔබාමා මරා ගෙන කෑම !!!!!!!!!!!

  1. ඔබාමා චාටර් වෙච්ච දවසක් මම මේ දැක්කමයි …පවු බං ඌ ! අසරනයට පොලව පලාගෙන යන්න හිතුනද දන්නේ නෑ

    ඔය සිදුවීම ලංකාවේ උනානම් අපේ ජාතික ගීයට ඔබාමා චියර්ස් කීවානම්! අපේ අයත් ඔබාමා දිහා ඔරවලා බලයිද ? ….බලයි නේද ? …එක්කෝ ඔවුවා..ඕන නෑ

  2. නිර්නාමික says:

    pissu england walatane . a minihage kathawa medadi mokatada jathika giiya demme ????

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )