රන්වාහිනී සමීකරණය නොහොත් දයා රෝහණ අතුකෝරල කියා නොදුන් ධනවත්වීමේ සුපිරි මං නොහොත් නූතන සේරිවාණිජ ජාතකය !!!!!!!!!!!!!!!!!

රන්වාහිනී ලව් ඇට් 9 නිව්ස් වල ගෝල්ඩ් ස්පොන්සර්ලා ලංකාවේ  අති වැඩකාර වශී ගුරුකම් කාරයෝ නොවේ.

ස්පොන්සර්ලාගේ සල්ලි වැටෙන්නේ රන්වාහිනී එකවුන්ට් එකට නොවේ.

වශී ගුරුකම් කාරයන්ගෙන් නොනැවතී ගබ්සා මුදලාලිලාගේ ඇඩ් දැම්මත් එය නූතන මාධ්‍ය සදාචාරය වේ.

රන්වාහිනිය ගලේතැන්නේ හොර කපුවාට නොමිලේම නිව්ස් වලින් ප්‍රචාරය නොදෙයි.

කලාකරුවන් කොටවමින් මරා ගන්නට සලස්වමින් රියැලිටි වැඩසටහන් පවත්වන්නේ රන්වාහිනිය නොවේ.

ගලේතැන්නේ හොර කපුවා බැතිමතුන්ට දේව පූජාව සඳහා ගෙන එන ලෙස නිර්දේශ කරන්නේ රන්මහල් ගෝල්ඩ් හවුස් රත්තරන් පවුම් (නියම කැරට් 22) නොවේ.

රන්වාහිනී ලාභ ලබන විට තර වෙන්නේ සත්ගුණවත් මාසෝ මැතිනියගේ එකවුන්ට් එක නොවේ.

සරණ ජන හරහා මහා සමාජ සේවයක් කරමින් මාසෝ මැතිනිය බෙදා දෙන්නේ මෙසේ අසාධාරණව ඉපැයූ සල්ලි නොවේ.

වශී ගුරුකම් කාරයන්ව ප්‍රමෝට් කර අසරණ මිනිසුන් බිලි බා ගැනීමට ඉඩ දීම වැනි තුට්ටු දෙකේ බිස්නස් මාසෝ මැතිනිය කවදාවත් කරන්නේ නැත.

පෝය දාට බලා හිතෙන්නට ආස හිතෙන බණ පෙන්වන රන්වාහිනියම බොරුවද, බෙලි කැපීමද, මරා ගැනීමම රජ කරන මෙගා වැඩසටහන්ද ලවින් ස්ටාර් වැනි ලස්සන වැඩසටහන්ද ප්‍රචාරය නොකරයි.

අතිශය ගරු කටයුතු මාධ්‍ය සදාචාරයක් ප්‍රකට කරන රන්වාහිනිය මිනිසුන් වැරදියට පාර පනින එකේ වැරැද්ද නිව්ස් වලින් ටක්කෙටම පෙන්වා මිනිසුන් යහමඟට ගැනීමට කටයුතු කරයි.

ගරු කටයුතු විර්මන් තුමා අමාත්‍ය තනතුරේ තබා ගෙන සිටින රජතුමා හා සමතැන් ගනිමින් මාසෝ මැතිනිය විර්මන් මැතිතුමා තමන්ගේ මාධ්‍යයෙන් පුම්බා වීරයෙක් කිරීමට කටයුතු කර නැත. එබැවින් එතුමිය විර්මන් මැතිතුමාගේ කප්පම් එකතු කිරීම වැනි සමාජ විරෝධී කටයුතු වලට අනුග්‍රහයක් දක්වා නැත.

සමීකරණය විසඳන්න.

This entry was posted in Uncategorized and tagged , , , , , . Bookmark the permalink.

3 Responses to රන්වාහිනී සමීකරණය නොහොත් දයා රෝහණ අතුකෝරල කියා නොදුන් ධනවත්වීමේ සුපිරි මං නොහොත් නූතන සේරිවාණිජ ජාතකය !!!!!!!!!!!!!!!!!

  1. Pissu Man says:

    100% ඇත්ත සීන් එක… රන්වාහිනී චාටර්

  2. ඉස්සර හොඳයි! දැන් නං චාම චා….

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )