
කවදා හෝ කප් එක ගහනා තුරු අපි ඔබට දුක උරුම කර දෙන්නෙමු.
ජෙප්පන් නැවත වරක් පාරට බැස ඇත. ඒ සඳහා මූලික අවශ්‍යතාවයක් සම්පූර්ණ කර ගැනීමට හැකිවීම ඔවුන් ලත් භාග්‍යයකි.
ජෙප්පෝ නැමැති මේ සමාජවාදී දේශපාලන ව්‍යාපාරය රෝහණ විජේවීර විසින් බිහි කල දා පටන් එය මේ රටේ ජනතාවට තිලිණ කර ඇත්තේ කඳුල, භීතිය, මරණය, ත්‍රාසය හා අපේක්ෂා භංගත්වය පමණි. එය මෙරට සියළු ධනවාදී ආණ්ඩු නිසා ජනතාවට හිමිවූ සියළු දුක් දොම්නස් අභිභවා යයි. එපමණක් දුක් දොම්නස් ලබා දී වුවද අන්තිමට ලබා ගත් හූනු බිකක ජයග්‍රහණයක් නැත. ජයග්‍රහණය යනුවෙන් අදහස් කලේ ජෙප්පන්ගේ දේශපාලන ජයග්‍රහණ නොව ඔවුන්ගේ ඊනියා දර්ශනය වන ජනතාවගේ ජීවිතය යහපත් කිරීම නම් ජයග්‍රහණයයි.
ඒ අනුව පෙනී යන්නේ ඔවුන්ගේ මෙම දවල් සිහිනය සැබෑ වන තුරු මෙරට ජනතාවට තවදුරටත් නොනවතින දුක් කන්දරාවක් උරුම කර දීමට ඔවුන් සිතා සිටින බවයි. මන්ද ජෙප්පන්ගේ නායක කාරකාදීන් තවමත් සිතන්නේ පවතින ආණ්ඩු අස්ථාවර කිරීමෙන් රටේ අවුල් වියවුල් ඇති කිරීමෙන් රටේ බලය ඇල්ලීමට පොටක් පාදා ගැනීමට ඔවුන්ට හැකි බවය.
කරුමය වන්නේ එය කිසිදා සැබෑ නොවන සිහිනයක් බව ඔවුන්ට නොතේරීමය. එමඟින් ලැබිය හැකි උපරිම ප්‍රතිඵලය වන්නේ ශ්‍රී ලංකා වීසිවී යූ.එන්.පි ය බලයට පැමිණීම හෝ යූ.එන්.පි. ය විසිවී ශ්‍රී ලංකා එක බලයට පැමිණීමය. රට අස්ථාවර වීමය. ධනවාදී සංවර්ධනය ද ඇණහිටීමය. දුප්පතා කබලෙන් ලිපට වැටීමය.
සමාජවාදය නැමැති සිහින සයුරේ ගිලී සිටින මෙම දේශපාලන ව්‍යාපාරය අපේක්ෂා භංගත්වයට පත්වූ තරුණ පිරිසට ස්වකීය තරුණ විය ගෙවා දැමීම සඳහා නවාතැනක් සපයා දෙනු ලබයි. මෙම අපේක්ෂා භංගත්වයට පත් නායකයන් විසින් මොළ සෝදා දැමූ තරුණ පිරිස ඕනෑම ජල්තරස් වැඩක් සඳහා මොහොතකින් කැඳවීමට ඔවුන්ගේ නායකත්වයට හැකිය. අද කොටුව උද්ඝොෂණයේ යෙදී සිටින තරුණ භික්ෂු පිරිසද මේ පිරිසේ නියෝජනයකි.
මෙම තරුණ පිරිසේ අති බහුතරයක් ජීවිතයේ මැදි වියට එළඹීමේදී මේ දේශපාලන ව්‍යාපාරයේ ස්භාවය වටහාගෙන ඉන් ඉවත් වෙති. (එයින් බහුතරයක් ඉන්පසු පත්වන්නේ ධනවාදීන්ගෙත් ධනවාදීන් බවටය. එනම් බල්ලෝ මරා හෝ සල්ලි හොයන පිරිසක් බවටය) ඉතුරු කොටසින් ද සියල්ලම පාහේ ජීවිතයේ සැදෑ සමයට එළඹෙත්ම වෙහෙසට පත්ව ඉන් ඉවත් වෙති.
ජෙප්පන්ගේ දේශපාලන ශක්තිය රඳා පවතින්නේ මේ පීඩිත අපේක්ෂා භංගවූ සුළු තරුණ පිරිස මතය. පොදු සමාජයේදී කවුරුවත් දැන් ජෙප්පන් ගහන පෝස්ටර සත පහකට ගණන් ගන්නේ නැත. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ යා හැකි උච්චස්ථානයට ළඟාවූ ඔවුන් දැන් එහි අවසානයට ලඟාවී සිටියි.
දැන් ඉතිරිව ඇති එකම විකල්පය වන්නේ නැවත ආයුධ සන්නද්ධ අරගලයකට එළඹීම පමණි. ජෙප්පන්ගේ දේශපාලන තීරණවල අමනෝඥභාවය ඵෙතිහාසිකව සලකා බැලූ කල මේ සඳහා නැවත එළඹීමට ඔවුන්ට ඇති අවශ්‍යතාවය නොසලකා හල නොහැක. සිදුවී ඇත්තේ ඒ සඳහා අවශ්‍ය ශක්තිය ගොඩ නඟා ගැනීමට ඔවුන්ට නොහැකි වීමයි. අනිත් පසින් එල්.ටී.ටී.ඊ ය වැනි සුපිරි මිලිටරි හමුදාවක් සමූල ඝාතනය කල හමුදාවක් සමඟ සටන් කිරීමට සැරසීම කළුගලේ ඔළුව ගසා ගැනීමකි.
ඉතින් අමරසිංහලා වැටී සිටින තැන හැටියට ඔවුන්ට තවදුරටත් වැටීමට තැනක් නැත. එයින් ගොඩ ඒමට පොටක් පාදා ගැනීමට ඔබේ ජීවිත වලට ඕනෑමට දුක් කඳුලක් උරුම කර දීමට ඔවුන් පසුබට වන්නේ නැත. කරුමෙට ඔවුන් මේ සියවස තුල නම් (වසර 3000 දක්වා) බලයට පත්වන්නේත් නැත. ඔවුන් ඔබට තිළිණ කරන්නේ දුක් කම්කටොළු කඳුළු පමණි. (මිනුවන්ගොඩ රොෂේන්ගේ පවුලේ සාමාජිකයන්ට මෙන්) එබැවින් ඔබත් සමාජවාදී සිහිනය දකින්නෙකු වුවත් ඔබේත්, ඔබගේ දරුවාගේත්, මුණුපුරාගේත් ජීවිත ගැන සිතාවත් ජෙප්පන්ට හුරේ දැමීම ගැන මොහොතක් සිතා බලන්න.
යූ.ඇන්.පී, ශ්‍රී ලංකා, හෙළ උරුම, සමසමාජ, කොමිනියුනිට්, ලිබරල්, වාම ආදී එකී නොකී ඕනෑම දේශපාලන පක්ෂයක් ඔවුන්ට වඩා යහපත්ය. මිනිස්සු ගස් බඳින, කප්පම් ගන්නා මැරවින් ලා වත් ඔවුන් තරම් ඔබේ ජීවිතයට අයහපත ළඟා කරන්නේ නැත.
JVP, PLEASE GO TO HELL BROTHERS !!!!!!!!!!!!!!!!!!!!!!1










ජෙප්පන්ට ඔහේ බැණ අඩ ගැසීමක් විනා මේකෙ කරුණු කාරණා මොකුත් නැහැනෙ සබද.ජෙප්පොන්ට පාරට බහින්න චාන්ස් එකක් හම්බෙන්නෙ ආණ්ඩුව ගහල මිනිස්සු මැරෙන නිසානෙ. ඉතින් ඒවගෙ බලු වැඩ නොකර රටේ සේරම ප්‍රශ්න විසදලා දුප්පත්කමයි අනිත් හැම ප්‍රශ්නෙමයි විසදල ගත්තනම් ජෙප්පො නිකම්ම වද වෙලා යනවනෙ..එහෙම කරන්න බැරි උනාම ඉතින් මේ වගේ ව්‍යාපාර එහෙම චාටර් ගහන මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන කතාකරන එකේ වැරැද්දකුත් නැහැනෙ ජෙප්පො කෑ ගැහුවෙ නැත්තං කිසි විරෝධයක් නැතිව ඔය පුද්ගලික විශ්‍රාම වැටුප මෙලහකට සම්මත වෙලත් ඉවරනෙ නේද?අර යූන්පී කාලෙ වතුර විකුණන්න හිටං ලෑස්ති වුන හැටි මට මතකයි.ඒවට විරුද්ධවත් කෑ ගැහුවෙ පාරට බැස්සෙ යූඑන්පී ශ්‍රී ලංකා ලිබරල් කොමිනිස් ඔය කවුරුත් නෙමෙයි එපා කරපු ජෙප්පො නේද?සටන් විරාම ගිවිසුම එහෙම?කදුලු ගෑස් කකා ගුටි කෑවෙ උන්නෙ. ඉතින් ලියනකොට ඒවත් සැලකුවා නම් මොකද?
ela kiri comment eka sahodaraya, thumbs up….!
රටේ සියලුම දේට මුව හමට තඩි බාමු. ඒක ලේසිය. ආණ්ඩුව ගසා කන්නට සැරසෙන එකට විරෝධය දැ්වීම JVP වෙයි. මම JVP නොවුනත් මේ සටන ගෙනගියෙ JVP නඔව තමන්ගෙ බඩට ගැීමට එරෙහි වූ කම්කරුවන් බව නොදැනීම පුටු රත්ත කර කර සයිබර් අවකාශයේ පොර ටෝක් දෙන අයට නොතේරීම පුදුමයක් නොවේ.
අනිත් අයට කෙල වුනාට අපිට කෙල වුනේ නෑ නෙ . ඔහොම ඉන්න
කුමුශාන් ඉදිරිපත් කල අදහසට එකගයි,පාලක පක්ශ වලින් මිනිසුන්ගේ ප්‍රශ්න විසදනවනම් මේ කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ,මටනම් ඇත්ත්ටම දේශපාලනය කියන්නේ එපාමකරපු මාතෘකාවක්,අනික තව දේයක් කියන්න ඕන නිදහස් අද්යාපනය කියල දෙයක් නමටවත් තාම ඉතුරුවෙලා තියෙන්නේ ජෙබ්බෝ නිසා කියලා මට හිතෙන්නේ,
කවුරු විරුද්ධ උනත් විශ්‍රාම වැටුප් ක්‍රමය ගෙන එන බවට වහසි බස් දෙඩූ මී හරක් දේස පාලුවන් ඇතිකල ගැටලුවක්.