අවසානයේ සියළු පව් මර්වින් සිල්වාගේ ගිණුමට බැර විය. මෙතෙක් කල් ඒ සියළු ජඩකම්, මැරකම්, බලුවැඩ සඳහා ආශිර්වාදය හා රැකවරණය සැපයූ නායකයන් දෑත පිස දමා ගෙන ඇත.
ළඟදීම එළඹෙන සතියක සති අන්ත පුවත්පත්වල ඊනියා සතියේ දේශපාලන විග්‍රහයේ විහිළුවේ * මෙසේ පල වනු ඇත.
” මර්වින් සිල්වා ඇමතිතුමා මේ දිනවල දේශපාලන කරලියේ ඉමහත් කථාබහට ලක්වන චරිතයක් වී තිබේ. ඇමතිවරයාගේ මේ හැසිරීම් සම්බන්ධව ජනාධිපතිතුමා කෝපයට පත්වී ඇති බවක් අරලියගහ මන්දිරයේ උදෑසන කෑම මේසයට වාඩිවූ ඇමතිවරුන්ට පෙනෙන්නට තිබුනි. “බලන්නකෝ මේ මනුස්සයා කරලා තියෙන වැඩ. මටත් කොලේ වහලනේ කරලා තියෙන්නේ. මේ වගේ මිනිස්සුන්ට මගෙන් සමාවක් නෑ” “
ඊටත් පස්සේ සතියේ මෙහෙම වැටුනත් පුදුම වෙන්න දෙයක් නෑ.
“මර්වින් සිල්වා ඇමතිවරයා විසින් සිදුකර ඇතැයි කියන දූෂිත ක්‍රියා ගැන ආරංචිවූ ජනාධිපතිතුමා විසින් විනය කමිටුවක් පත් කර ඔහුව ආසන සංවිධායක ධූරයෙන් හා ඇමති ධූරයෙන් නෙරපීමට ක්‍රියාකිරීම පසුගිය සතියේ දේශපාලන ලෝකයේද, රටේද ඉමහත් කථාබහට ලක්වූ සිදුවීමක් විය. මර්වින්ගේ මේ ක්‍රියාවන් නිසා රජයේ සංවර්ධන ගමන පිළිබඳව ඇති ජනප්‍රසාදයද අඩාල වන බව ආණ්ඩු පක්ෂයේම බොහෝ නායකයන් විසින් ජනාධිපතිතුමාට පැමිණිලි කර තිබුනි. “බලන්නකො තාත්තේ මේ මනුස්සයා කරන වැඩ නිසා අපිටවත් පාරේ බැහැලා යන්න බෑනේ” නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා අරලියගහ මන්දිරයේ බණ්ඩක්කා වගාව නරඹමින් සිටි ජනාධිපතිවරයාට පවසා තිබුනේ තවත් ඇමතිවරුන් පිරිසක් ඉදිරියේදීය. ජනාධිපතිවරයා විසින් මර්වින්ට එරෙහිව ගත් පියවර රටේ බොහෝ දෙනාගේ පැසසුමට ලක්විය.”
*******************************************************************










ඊට කලින් වැටෙයිද අවලං බ්ලොග් කරුවෙක් දේශද්‍රොහි කමක් කොරන්න ගිහින් රහස් පොලිසියෙන් අල්ලලාය , බ්ලොග් එකේ පාස්වර්ඩ් එක පෙන්වන්න පිටකොටුවට ගිය වෙලාවේ පැනල යන්න ගිහින් වෙඩි කාල මලාය කියල
මාත් කාලයක් හැමපත්තරේම ඔය ලිපි කියෙව්වා දැන් නම් උඩින් පල්ලෙන් බලන්නේ , පත්තරේ වීව් පොයින්ට් එක අනුව කථාව පොඩ්ඩක් වෙනස් වෙනවා .උදා සිලුමිනේ , තිලංගගේ ලක්බිමේ , විජේවර්ධන ගේ ලංකාදීපේ එකම කථාව ගියත් තම තමන්ගේ වීව් පොයින්ට් එකට අනුව වෙනස් කරගෙනයි ලියන්නේ
නෙත් එෆ් එම් වැනි ගුවන් විදුලි සේවාවන් රටේ උන්නතියට පහිටවන බව මුලින්ම කිව යුතුයි…… තුවක්කු කටට බයේ වකුටු වුණ මිනිසුන් අවදි කරන්නට හේතු වාසනා වේවා….
@”පුදුමය වන්නේ විවිධ පුවත්පත් වල විවිධ ලේඛකයන් විසින් ලියා ඇති වුවද මේ ලිපිය ෆොටෝ කොපි ගැසූ ලිපියක් තරමටම සමාන වීමයි” – ඒකෙන් ඔප්පු වෙන්නේ කතාව ඇත්ත කියලනෙ.හිතන්න, පත්තර 4 ක එකිනෙකට පරස්පර විස්තර 4ක් තිබ්බ නම් පේන්නේ ඒවා බොරු කියල.