පාරට පේන්නට උජාරුවෙන් ආප්ප ගැසීම නොහොත් GAY PRIDE

(ගොසිප් ලංකා හි පිටකොටුව පළ කල කොමෙන්ටුවක කොපියකි)

සමලිංගිකයන්ට ලිංගික ක්‍රියාවල නිරත වීමේ අයිතිය තහවුරු කළ යුතු නමුත් එය (සමලිංගිකත්වය) ප්‍රමෝට් කිරීම නොකළ යුතු බව අපේ අදහසයි. එසේ කිරීමෙන් එය සමලිංගික විවාහ නැමැති විකාර සහගත ක්‍රියාවලිය දක්වා වුවත් දුර දිග යාමේ ප්‍රවනතාවයක් ඇති විය හැකි බැවිනි. ප්‍රජාතාන්ත්‍රවාදය යනු බහුතරයේ කැමැත්තට ඉඩ දීමයි. බහුතරයේ කැමැත්ත වන විෂම ලිංගිකත්වය හා සබැඳි සමාජ ක්‍රියාවලියට ඉඩදී සමලිංගිකයන් පැත්තකටවී සිටීම ලාංකේය සමාජයේ ඉදිරි ගමනට වැඩ දායකය. අපිට පෙනෙන හැටියට අපේ සමාජයේ සමලිංගිකයන්ට කෙරෙහි මතුපිටින් පෙනෙන පිළිකුලක් එල්ල වුවද සමලිංගිකයන්ට සමලිංගිකයන් ලෙස ජීවත්වීමට කිසිදු බාධාවක් නැත. මන්ද විෂම ලිංගිකයන් හෝටල්වලට පැන පොලීසියෙන් අල්ලන් ගියද කිසි තැනක සමලිංගිකයන් ලිංගික ක්‍රියා වල යෙදී සිටියදී පොලීසියෙන් අල්ලන් ගිය බව වාර්තා වී නොමැති බැවිනි. එබැවින් එන්.ජී.ඕ. කාරයන් සරම කැසපට ගහන්නේ සමලිංගිකයන් ගැන ඇති ** අමාරුවකට නොවන බවත් ඊට එහා ගිය ව්‍යාපෘතියක් මෙතන ක්‍රියාත්මක වන බවත් පෙනී යයි. ඒ ගැන අවධානයයෙන් සිටීම වඩා යහපත්ය.

lINK : GAY PROMOTIONS IN SRI LANKA

Advertisements
This entry was posted in Uncategorized and tagged , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

29 Responses to පාරට පේන්නට උජාරුවෙන් ආප්ප ගැසීම නොහොත් GAY PRIDE

  1. Kid පවසයි:

    මේ මම ඒ ඔබේ comment එකට එතන දුන් reply එක. (මම සමලිංගිකයෙක්).

    Dear pitakotowa.wordpress.com,

    සමලිංගික ක්‍රියාවන් වල සහභාගී වීම නීතියෙන් තහනම් නොවිය යුතු බව ඔබ ලියා තිබුණා, එයට ස්තූතියි. නමුත්,

    “අපිට පෙනෙන හැටියට අපේ සමාජයේ සමලිංගිකයන්ට කෙරෙහි මතුපිටින් පෙනෙන පිළිකුලක් එල්ල වුවද සමලිංගිකයන්ට සමලිංගිකයන් ලෙස ජීවත්වීමට කිසිදු බාධාවක් නැත.” කියන මතය පිළිගන්න අපහසුයි.

    මුලින්ම, මතුපිටින් පෙනෙන පිළිකුලත් සුභවාදී දෙයක් නොවෙයි. ඔය පිළිකුලට භාජනය වුණු කී දෙනෙක් සිය දිවි නසාගන්න ඇතිද? අනික, සමලිංගිකයන් ඉල්ලා සිටින්නේ ඔය පිළිකුල පැත්තකට දමලා ඔවුන්වත් සමාජයේ සාමාන්‍ය, වැඩදායී කොටසක් හැටියට පිළිගන්න කියලයි. ඒක එක ‍රැයකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි, දිගු කාලයක් අරගෙන, සමාජයේ සමලිංගිකයන් කෙරෙහි තියෙන වැරදි අදහස් දුරු කරන්න ඕනේ. මට ඔය කියන NGO ආයතන සමඟ සම්බන්ධයක් නැහැ, නමුත් මම ඔවුන් අරගෙන තියන පියවර අගය කරනවා.

    මොකද, මට ඕනෑ ලිංගික ක්‍රියා වලට පමණක් නිදහස නෙවෙයි. සමාජයේ තියෙන වැරදි ආකල්ප දුරු කරන්න ඕනා. මම සමලිංගිකයෙක් බව මගේ පවුලට, නෑදෑයන්ට සහ මිතුරන්ට නොසඟවා මගේ ජීවිතය නිදහසේ ගත කරන්න අවස්ථාවක් ලැබීමයි මගේ ප්‍රාර්ථනාව. මේ ලිංගිකත්වය කියන්නේ මහ අමුතු දෙයක් නෙවෙයි, ඒ ගැන හැදී තිබෙන දුර්මත නැති කරන්න නම් මුලින්ම මේ වගේ කුඩා පියවර වලින් පටන් ගන්න ඕනේ.

    ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහුතර කැමැත්ත පමණක් නෙමෙයි, ප්‍රජාතන්ත්‍රවාදයෙන් අදහස් කරන්නේ සෑම ජන කොට්ඨාශයකගේම මත විමසා බලලා පොදු සම්මුතියකට එන ක්‍රියාවක්. ඒකනේ පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයක් තියෙන්නේ. විෂම ලිංගිකයන්ට සමාජය භාර දීලා, සමලිංගිකයින් පැත්තකට වෙලා සිටිය යුතු නැහැ. මොකද, ලිංගිකත්වය කියන්නේ පුද්ගලයෙකුගේ එක පැතිකඩක් විතරයි. හැම දෙනාටම සමාජයේ ගෞරවණීය පුරවැසියන් හැටියට තමන් ජීවත් වෙන සමාජයට දායක වෙන්න හැකි විය යුතුයි. පෙරළා විවෘත භාවයෙන් ඒ සියළු දෙනාට එක සේ සැලකීම සමාජයට ඇති වගකීමක්. මම ශ්‍රී ලාංකිකයෙක්, මම මගේ මවුබිම වෙනුවෙන් හැකි පමණින් සේවයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් මගේ ලිංගිකත්වය නිසා මම සැඟවෙමින්, බොරු කියමින් මගේ ජීවිතය ගත කරන්න සූදානම් නැහැ.

    මේ කිසිම දෙයක් ඔබට අපහාස කරන්න කියනවා නෙවෙයි, ඔබට මගේ දෘශ්ඨිකෝණයෙන් කරුණු පෙන්වන්නයි මම මේ විස්තරය කළේ. තව දුරටත් විවෘතව මේ කරුණු ගැන සොයා බලන්න කියලා මම ඔබගෙන් ඉල්ලා සිටිනවා. 🙂

    • ජයශ්‍රී පවසයි:

      නෑ! කුමක් හෝ අවාසනාවකට ඔබ ඒ ජීවිතයට යොමුවී සිටිනවා නම් එය ලෝකයට කෑගසා ආඩම්බරයෙන් කීමට දෙයක් නොවේ.එසේ කළහොත් ඔබ ඔබේ පවුලේ අයට ද කරනුයේ නින්දාවකි.ඔබට එයින් ගැලවීමට නොහැකිම නම් අඩුගණනේ එය සගවාගෙන වත් (හත් පොලේ ගාගන්නේ නැතිව වත්) ජීවත්වෙන්න.අලුතෙන් කෙනෙක් ඔය (අවාසනාවන්ත) තත්වයට පත් නොකිරීමට වගබලාගන්න.(Do not promote).

      • Denver පවසයි:

        @ jaya shree

        http://en.wikipedia.org/wiki/Homosexuality

        මම සමලින්ගිකයි කියලා මගේ මුළු පවුලම දන්නවා. යාලුවෝ හැමෝම දන්නවා. වඩා කරන තැනත් දන්නවා. හැබැයි ඒ හැමෝම මට සලකන්නේ “සමලින්ගිකයෙක්” කියලා නෙමෙයි. මනුස්සයෙක් කියලා. ඔවුන් මට ආදරේ කරන්නේ සමලින්ගිකයෙක් කියලා නෙමෙයි. මනුස්සයෙක් විදිහට. සමලිංගිකත්වය “අවාසනාවක් නෙමෙයි සහෝදරයා. ඒක මිනිස්සු ඉපදෙන විදිහ. මේ ගැන තව ඇත්ත තොරෙතුරු දන ගන්න. ලෝක සෞඛ්‍ය සංවිදානයේ වෙබ් අඩෙවියට ගිහින් බලන්න. ඔක්කොමට වැඩිය මනුස්ස්සකමට ගරු කරන්න.

        ඔබ promotion ඒක ගැන සදහන් කරලා තියෙන දේ පල්ලෙහා තියෙන මගේ කොම්මේන්ටුවේ බලන්න. ඔබට ජය. 🙂

    • මලිත් පවසයි:

      මරු. හදුනගන්ඩ කැමතියි ගොඩක්. පුලුවන්නම් ගොඩක් පිං

  2. T පවසයි:

    //ප්‍රජාතාන්ත්‍රවාදය යනු බහුතරයේ කැමැත්තට ඉඩ දීමයි. බහුතරයේ කැමැත්ත වන විෂම ලිංගිකත්වය… // මේ අදහස සම්බන්ධයෙන් නිවැරදි විය යුතු දෙයක් ඇතයි යන්න මගේ හැගීමයි. “ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතරයේ මතය ක්‍රියාවට නැංවීමයි” යන්න ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද යල් පැන ගිය අදහසක් මෙන් ම එය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද මුලු අදහසෙන් එක කොටසක් පමණි. බොහෝ දෙනෙක් නොදන්නා ප්‍රජාත්‍රන්ත්‍රවාදයේ අනිත් කොටස නම් බහුතරයේ මතය ක්‍රියාවට නැංවීමට අදාල සීමා ඇති බවයි. සුලුතරයේ මූලික අයිතිවාසිකම්, මේ සීමා අතර ප්‍රධාන වේ. උදාහරණයක් ලෙස, ජනමතවිචාරණයකින් සම්මත වුණත්, පාර්ලිමේන්තුවේ 2/3 ක් ලැබුණත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මූලික අයිතිවාසිකම් පිළිගෙන ඇති රටක බහුතරයට උවමනා නිසා සුලු ජාතිකයන් සමූල ඝාතනය කරන්නට හෝ පිටුවහල් කරන්නට නොහැක. ඒ එසේ කිරීම ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බැවිනි. එබැවින්, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස පිළිගැනෙන්නේ බහුතරයේ මතය ක්‍රියාවට නැගීම සදහා කිසියම් ව්‍යුහයක් මෙන්ම එම බහුතර මතයට යා හැකි උපරිම සීමා ද පිළිගන්නා ලද රාජ්‍යයන් පමණෛ.
    උදාහරණයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ලෙස සැලකෙන රටවල්වල ලයිස්තුව අරන් බලන්න. ඒ සෑම රටකම රාජ්‍යයේ බලය සීමා කරන මූලික අයිතිවාසිකම් ඇත.
    මේ ප්‍රශ්නයේදී බහුතරයේ කැමැත්ත විෂමලිංගිකත්වය නිසා බහුතරයේ කැමැත්තට ඉඩ දී සමලිංගිකයන් නිහඩව සිටිය යුතු යැයි සිතීම ප්‍රජාතන්ත්‍රවාදය ලෙස දැක්වීම යෝග්‍ය නොවේ. ප්‍රජාතන්‍රවාදී රාජ්‍යයක විරුද්ධ ලිංගිකයන්ට තම හැගීම් ප්‍රකාශ කරන්නට ඇති අයිතියට සමාන අයිතියක් සමලිංගිකයන්ට ද ලැබිය යුතුය.
    ඒ අනුව, මෙවැනි දැන්වීම් පෙළපාලි වලට ඉඩ දෙනවාද නැද්ද යන්න රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදීභාවය තීරණය කරන සාධකයක් බවට පත් වේ.

  3. T පවසයි:

    (Revised Comment)
    //ප්‍රජාතාන්ත්‍රවාදය යනු බහුතරයේ කැමැත්තට ඉඩ දීමයි. බහුතරයේ කැමැත්ත වන විෂම ලිංගිකත්වය… // මේ අදහස සම්බන්ධයෙන් නිවැරදි විය යුතු දෙයක් ඇතයි යන්න මගේ හැගීමයි. “ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතරයේ මතය ක්‍රියාවට නැංවීමයි” යන්න ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද යල් පැන ගිය අදහසක් මෙන් ම එය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද මුලු අදහසෙන් එක කොටසක් පමණි. බොහෝ දෙනෙක් නොදන්නා ප්‍රජාත්‍රන්ත්‍රවාදයේ අනිත් කොටස නම් බහුතරයේ මතය ක්‍රියාවට නැංවීමට අදාල සීමා ඇති බවයි. සුලුතරයේ මූලික අයිතිවාසිකම්, මේ සීමා අතර ප්‍රධාන වේ. උදාහරණයක් ලෙස, ජනමතවිචාරණයකින් සම්මත වුණත්, පාර්ලිමේන්තුවේ 2/3 ක් ලැබුණත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මූලික අයිතිවාසිකම් පිළිගෙන ඇති රටක බහුතරයට උවමනා නිසා සුලු ජාතිකයන් සමූල ඝාතනය කරන්නට හෝ පිටුවහල් කරන්නට නොහැක. ඒ එසේ කිරීම ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බැවිනි. එබැවින්, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස පිළිගැනෙන්නේ බහුතරයේ මතය ක්‍රියාවට නැගීම සදහා කිසියම් ව්‍යුහයක් මෙන්ම එම බහුතර මතයට යා හැකි උපරිම සීමා ද පිළිගන්නා ලද රාජ්‍යයන් පමණි.ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ලෙස සැලකෙන රටවල්වල ලයිස්තුව අරන් බලන්න. ඒ සෑම රටකම රාජ්‍යයේ බලය සීමා කරන මූලික අයිතිවාසිකම් ඇත.

    මේ ප්‍රශ්නයේදී බහුතරයේ කැමැත්ත විෂමලිංගිකත්වය නිසා බහුතරයේ කැමැත්තට ඉඩ දී සමලිංගිකයන් නිහඩව සිටිය යුතු යැයි සිතීම ප්‍රජාතන්ත්‍රවාදය ලෙස දැක්වීම වැරදි ය.රාජ්‍යය ප්‍රජාතන්ත්‍රවාදී නම් බහුතර විෂම ලිංගික මතය ක්‍රියාත්මක විය යුත්තේ සුලුතරයක් වන සමලිංගිකයින්ගේ සමානාත්මතාවය, භාෂණය හා ප්‍රකාශනය, සාමකාමී එක් රැස්වීම් වැනි මූලික අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි ය. එසේ නම් විරුද්ධ ලිංගිකයන්ට තම හැගීම් ප්‍රකාශ කරන්නට ඇති අයිතියට සමාන අයිතියක් සමලිංගිකයන්ට ද ලැබිය යුතුය.
    ඒ අනුව, මෙවැනි දැන්වීම් පෙළපාලි වලට ඉඩ දෙනවාද නැද්ද යන්න අවසානයේදී රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදීභාවය තීරණය කරන සාධකයක් බවට පත් වේ.
    T

  4. Denver පවසයි:

    ඔබේ අදහස් එකින් එක රැගෙන විස්තර කිරීම වැදගත් නිසා එහෙම කරනවා.

    * “සමලිංගිකයන්ට ලිංගික ක්‍රියාවල නිරත වීමේ අයිතිය තහවුරු කළ යුතු නමුත් එය (සමලිංගිකත්වය) ප්‍රමෝට් කිරීම නොකළ යුතු බව අපේ අදහසයි. එසේ කිරීමෙන් එය සමලිංගික විවාහ නැමැති විකාර සහගත ක්‍රියාවලිය දක්වා වුවත් දුර දිග යාමේ ප්‍රවනතාවයක් ඇති විය හැකි බැවිනි.”
    – සමලිංගිකත්වය promote කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අනික සමලිංගිකත්වය කියන්නේ ඒ ” ලිංගික ක්‍රියාව පමණක් නෙමෙයි. විරුද්ධලින්ගිකයන් සේම ඔවුන් ආදරේ කරනවා. සමලිංගිකත්වය කියන්නේ පුරුෂයෙක් හෝ ගැහැනියක් තමන්ගේම ලිංගයේ පුද්ගලයෙකුට ඇති “මානසික, හැගීම් වලින් හා ශාරීරිකව ආකර්ෂණය වීමයි”. එය හුදෙක් ලිංගික ක්‍රියාවක් පමණක් නෙමෙයි. http://en.wikipedia.org/wiki/Homosexuality
    විවාහය කියන්නේ ආදරය කරන දෙදෙනෙකු තම ජීවිත බෙදා ගන්න ඇති වන බැදීමක්. විවාහය කියන්නේ වර්ගයා බෝ කිරීම නෙමෙයි. ඉතින් විරුද්ධ ලිංගිකයන් ආදරේ කරන අයව විවාහ වීම විකාරයක් නෙමෙයි නම් සමලිංගිකයන් තමන් ආදරේ කරන අයව විවාහ වීම විකාරයක් වෙන්නේ කොහොමද ?

    * “ප්‍රජාතාන්ත්‍රවාදය යනු බහුතරයේ කැමැත්තට ඉඩ දීමයි. බහුතරයේ කැමැත්ත වන විෂම ලිංගිකත්වය හා සබැඳි සමාජ ක්‍රියාවලියට ඉඩදී සමලිංගිකයන් පැත්තකටවී සිටීම ලාංකේය සමාජයේ ඉදිරි ගමනට වැඩ දායකය.”

    – ඇත්තටම මම මෙයට පිළිතුරු දෙන්නේ නැත්තේ උඩ සහෝදරයා ඒක හොදට විස්තර කරලා තියෙන නිසා. හැබැයි දමිල ජනතාව මේ රටේ සුළුතරයක් නිසා අපි කවදාවත් කියනවද බහුතර සිංහල ජනතාවට තියෙන අයිතියට වඩා අඩු අයිතියක් ඔවුන්ට තිබිය යුතයි කියලා ? අවුරුදු 30 යුද්ධයක් ලංකාවේ තිබුනේ මේ හේතුව නිසා නෙමෙයිද සහෝදරයා ?

    * “අපිට පෙනෙන හැටියට අපේ සමාජයේ සමලිංගිකයන්ට කෙරෙහි මතුපිටින් පෙනෙන පිළිකුලක් එල්ල වුවද සමලිංගිකයන්ට සමලිංගිකයන් ලෙස ජීවත්වීමට කිසිදු බාධාවක් නැත. මන්ද විෂම ලිංගිකයන් හෝටල්වලට පැන පොලීසියෙන් අල්ලන් ගියද කිසි තැනක සමලිංගිකයන් ලිංගික ක්‍රියා වල යෙදී සිටියදී පොලීසියෙන් අල්ලන් ගිය බව වාර්තා වී නොමැති බැවිනි. ”

    – සහෝදරයා ඔබ ඇත්තටම මේ කරුණු නොදැන සදහන් කිරීමක්. ඔබට දත්ත නොමැති වුනත් අපිට තියෙනවා. Blackmail කිරීම ( පොලිසියෙන් පවා ) සිදුවන දෙයක්. ඔවුන් බිය ගන්වා මානසිකව වට්ටවා ඔවුන්ට ඔවුන්ගේ ජීවිත පවා එපා කරවන සිදුවීම් ගොඩක් තියෙනවා. ශාරීරික වද හිංසා තවත් එකක්. විරුද්ධ ලිංගික යුවලක් ආදරේ කරලා පොලිසියෙන් ගුටි කනවද සහෝදරයා? නමුත් සමලිංගිකයන් ආදරේ කරලා පොලිසියෙන් ගුටි කන අවස්ථා අනන්තයි.

    අවසානයට මම මෙහෙම කියන්න කැමතියි . මෙය promotion එකක් විදිහට සදහන් කරලා තියෙන්නේ ” Gossip lanka ” අය මිසක් මෙම ආයතනය නෙමෙයි . ඔවුන් සදහන් කරලා තියෙන සියලු කරුණු වැරදයි. ඉන්දියාවේ නවදිල්ලි මහාධිකරණය අපේ රටේ සමලිංගිකත්වය තහනම් කරන 365 / 365 A වගන්තිය වැනිම 377 වැනි වගන්තිය අහෝසි කළා. ඔවුන් අපට වඩා සමලිංගිකත්වය ගැන විවෘතව කතා කරනවා. රුපවාහිනී චැනල, චිත්‍රපටි, සංවාද …. මේ හැම දෙයක්ම පවත්වනවා . ඒක විතරක් නෙමෙයි නේපාලයේ මුළු රටේම සමලිංගිකත්වය පිලි අරන් තියෙනවා. ඔවුන්නුත් Gay pride සමරනවා. Gay pride කියන්නේ පාරට බැහැල කෑ ගහන ඒක නෙමෙයි සහෝදරයා. එය තමන් තමන්ව පිලි ගන්න ඒක සැමරීමක්.

    මගේ කොමෙන්ටුව ඔබට විරුද්ධව අදහස් පල කිරීමක් නෙමෙයි. මෙය අදහස් බෙදා ගැනීමක් පමණයි. 🙂 ඔබට ජය !

  5. අමා පවසයි:

    සමලිංගිකත්වය ‘ප්‍රමෝට් කිරීම’ යයි දෙයක් නැත. එය ඔවුන් ඉපදී සිටින විදියයි. කවරකු ටවත් එය වෙනස් කිරීමට නොහැක. මෙය ජිව විද්‍යාත්මක කරුණක්. ඔබ මේ ගැන දැනුවත් වන්න.
    කියන්නට බොහෝ දේ ඇති මුත් ඉහත සහෝදරයන් ඒවා කියා ඇත.
    අවසන මට ඔබෙන් ඇසීමට ප්‍රශ්නයක් ඇත :
    දෙදෙනෙක් ඔවුනොවුන්ට ආදරය කරන්නේ නම් ඔවුන් විවාහ වීමට කැමති නම් ඔවුන්ගේ පාඩුවේ ඔවුන් සතුටින් කැදැල්ලක් තැනීම ගැන ඔබ විරුද්ධ වන්නේ ඇයි? එයින් ඔබට ඇති හානිය කුමක්ද? තවද, මෙයින් ලාංකේය සමාජයේ ඉදිරි ගමනට වන හානිය කරුණාකර පහදා දෙන්නේ නම් වටී.

    • gtrz පවසයි:

      කිසිම කෙනෙක් උපතින් වසලයෙක් නොවේ උපතින් බ්‍රහ්මණයෙක් නොවේ ඒක පුද්ගලයා කරන කියන දේ අනුව තමයි තීරණය වෙන්නේ ඒ වගේම තමයි සම ලිංගිකයෙක් වෙන්නේ ඕනම කෙනෙක් උපතින්ම නෙවේ ඒක එම පුද්ගලයා සමාජයට නිරාවරණය වෙලා ලබන අත්දැකීම් ඔස්සේ ඇති කරගන්න මානසිකත්වයෙන් එන දෙයක්. ඒ වගේම ඒක ජීව විද්‍යාත්මක කරුණක් නෙවේ ඒක මනෝවිද්‍යාත්මක කරුණක්. ජීව විද්‍යාවේ කිසිම සම්බන්ධයක් නැහැ මේකට. මේ සමාජයේ හැම තිස්සෙම තිබුනා වගේ බහුතර දෙනා කරන දේ හරි අනෙක් ඒවා වැරදි අන් ඒ වගේ පටු ආකල්පයෙන් මිනිස්සු මේ ප්‍රශ්ණය දිහා බලන්නේ. සමලිංගිකයෙක් වෙන එක ප්‍රශ්ණයක් නෙවේ ප්‍රශ්ණයක් වෙන්නේ ඒම පුද්ගලයන්ට අපහස කරන එකයි. මම හිතන්නේ කෙල්ලෝ හෝ කොල්ලෝ හෝ කවුරු වුනත් තමන්ට සමලිංගිකයන් වෙන්න ආශාවක් තියෙන නම් ඔහෝ වෙච්ච දෙන් ඕගැන හිතනවට වඩා අද රටේ ප්‍රශ්ණ තියෙන විසදගන්න. තුන්වෙනි ලෝකයෙන් ගොඩ එන්නේ නැතුව මඩේ එරීගෙන ඇදුමේ තියෙන ඇදබලන්නේ නැතුව එතනින් ගොඩ එන එකයි හොදම වැඩේ ඒකාමේන් නැගිටලා.

  6. ජයශ්‍රී පවසයි:

    @Denver & Kid: සමාවෙන්න මිත්‍රයා.මගේ අතින් විශාල වරදක් වුණේ.ඉහක කොමෙන්ටුව ලිවීමේදී මගේ සිතේ වැඩ කලේ මා දන්නා එක්තරා පුද්ගලයෙක් ගැනම පමණයි.ඔහු තම කැමැත්තෙන්ම බලහත්කාරයෙන් සමලිංගික චර්යාවන්ට යොමුවූ උපතෙන් එසේ නොවූවෙක්.මේ මාර්තෘකාව සම්බන්ධ එක් පාර්ශවයක් මට සහමුලින්ම අමතකව ගොස් තිබුණා.එය මතකයේ තිබුණා නම් මම කීයටවත් කොමෙන්ටුව ලියන්නේ නෑ.සිත්වේදනාවට පත්වුණා නම් නැවත වතාවක් සමාවන්න.

    පිටකොටුව ඔබට හැකිනම් මගේ පළමු කොමෙන්ටුව මකාදමන්න.

    • Denver පවසයි:

      “කැමැත්තෙන්ම බලහත්කාරයෙන් “???? සහෝදරයා සමලිංගිකත්වය කෙසේ වෙතත් මෙය නම් ඔබ පැහැදිලිම කල යුතයි කියල මට හිතෙන්නේ …. 🙂

      අනේ එපා…. ඔබේ කොමෙන්ටුව මකා දැම්මොත් අනිත් අය මේ වගේ හිතනවානම් ඔවුන්ට උත්තර දෙන්න විදිහක් නැහැ. ඔවුන්ට මේවා ගැන දැන ගන්න විදිහක් නැති වෙනවා. ඔබගේ කොමෙන්ටුවට මගේ කිසි තරහක් නැහැ සහෝදරයා. ඔබ ලිව්වේ ඔබ දන්නා දේ. එත් ඔබ කවදාවත් ගොස්සිප් ලංකා කොමෙන්ටුවක මම දැක්කා වගේ “සමලින්ගිකයෝ පෝලිමට තියලා වෙඩි තියන්න ඕනේ කියල කිව්වේ නැහැනේ . ඉතින් පොඩ්ඩක් හිතන්න කෝ අපේ ලංකාවේ මිස්සුගේ ” මනුස්සකම” ??? ඔබත් එක්ක කිසිම තරහක් නැහැ. ඇබ්බැහිවීම වෙනත් දෙයක් සහෝදරයා. ඇත්තම කිව්වොත් සමාජ පීඩනය නිසා බලෙන් විරුද්ධලිංගික ක්‍රියාවට ඇබ්බැහි වෙච්ච සමලිංගික අය ඉන්නවා. මේ අය තම බිරිදත් එක්ක ලිංගික ක්‍රියාව විතරයි කරන්නේ. කිසිම ආදරයක් නැහැ. ඒකද විවාහය කියල කියන්නේ ? ඒකෙන් අහිංසක ගැහැණියෙකුත් අමාරුවේ වැටෙනවා. ඒකයි අපි කියන්නේ සමලින්ගිකත්වයට තියෙන සමාජ පීඩනය නතර කරන්න ඕනේ කියලා.

    • Kid පවසයි:

      ඒ comment එක ගැන අමනාපයක් නැහැ. ඔබ අනෙක් comments විවෘතව කියවලා, කරුණු තේරුම් ගත් එක ගැන සතු‍ටුයි. මගේ යාළුවෝ කීප දෙනෙක් සමලිංගික අය ගැන වැඩිය හොඳින් හිතපු අය නෙවෙයි, නමුත් මම මා ගැන හෙළි කළාම ඒගොල්ලෝ මෙතන තියන යථා තත්වය තේරුම් ගත්තා. අපේ සමාජයේ ගොඩක් දෙනා සමලිංගිකයන් කියන්නේ කොයි වගේ අයද කියා වත් දැනීමක් නැතුව, තමන්ගේ හිතේ තියන ප්‍රතිරූපයකට එල්ලිලා සමලිංගිකයන්ට විරුද්ධව කටයුතු කරනවා. ඒක හරියට කවදාවත් ඇපල් කාපු නැති මිනිහෙක් අනුන්ගේ කියමනක් උඩ ඇපල් තිත්තයි කියලා හිතන් ඉන්නවා වගේ වැඩක්. මේ ඇපල් මොන වගේද, ඇත්තටම තිත්තද, නැද්ද කියලා සොයා බලන්නේ නැතුව ඇපල් මුදලාලිලාට ගල් ගහනවා වගේ වැඩක්. මිනිස්සු දැනුවත් වෙන්න නම් විවෘත වෙන්න ඕනේ. ඔබ විවෘතව මේ ගැන සිතීම ගැන සතු‍ටුයි.

      Denver කියන දේ හරි.මම ඔබ කියන පුද්ගලයා ගැන දන්නේ නැහැ. නමුත් ඔහු ඇත්තෙන්ම සමලිංගිකයෙක්/ ද්විලිංගිකයෙක් වෙන්න පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්. ඔහු ගේ “සැබෑ” ලිංගිකත්වය දන්නේ ඔහු පමණයි. අපේ රටේ සමලිංගික/ ද්විලිංගික අයගෙන් 95%ක් විතර (මම හිතින් කියන්නේ, මගේ ළඟ දත්ත නැහැ! :P) තමන්ගේ ලිංගිකත්වය සඟවාගෙන විෂමලිංගිකයන් වගේ පෙනී ඉන්නවා. ඒ නිසා ඔවුන් ජීවත් වෙන්නේ දැඩි මානසික පීඩාවන් මැද. සමාජය සමලිංගිකයන්ව පිළිගන්න සූදානම් දවසක මේ අය තමන් කවුද කියලා හෙළි කරයි, එතකොට සමහර විට ඔබ පුදුම වේවි ඔබ දන්න කොපමණ අය සමලිංගික/ ද්විලිංගික ද කියලා.

      මේ සාකච්ඡාවට මුල් වුණු දැන්වීමෙන් කියන්නෙත් ඒ ගැනයි. සමලිංගික අය සමාජයේ සෑම තලයකම ජීවත් වෙනවා. ඔවුනුත් ඔබ වගේම සාමාන්‍ය මිනිස්සු. ඒ නිසා “ලිංගික යොමුවීම” ගැන අමුතුවෙන් බිය වෙන්න උවමනා නැති බවයි ඒකෙන් කියවෙන්නේ. ඒත් සමහරු ඒක වැරදියට වටහාගෙන ඒ සංවිධානයට චෝදනා කරනවා, අර ඇපල් මුදලාලිලාට ගල් ගහනවා වගේ 😉 lol

      • Denver පවසයි:

        T

        මම හැංගීමුත්තම් කලේ පොඩි කාලේ…
        මම මමමයි! ඇත්ත මම සමලින්ගිකයෙක් කියල මගේ කරේ බෝඩ් ගහගෙන නැහැ. නමුත් මම මගේ ලිංගිකත්වය ගැන විවෘත්තව කතා කරනවා. මිනිස්සු මට ගරු කරන්නේ එක නිසයි. 🙂

  7. Kid පවසයි:

    මේක මට මේ blog කිහිපය කියවද්දී ආපු අදහසක්. ඇත්තෙන්ම ලංකාවේ සමලිංගික/ ද්විලිංගික/ සංක්‍රාන්ති ලිංගික… ආදී තැනැත්තන් කොයි වගේද කියලා ගොඩක් දෙනෙක්ට දැනුමක් නැහැ. මට හිතෙනවා සමලිංගික අයට/ ඔවුන්ගේ මිතුරන්ට ස්වාධීනව අදහස්/ නිර්මාණ දක්වන්න හැකි, මිත්‍රශීලී සංවාදයක් පවත්වාගෙන යන්න පුළුවන් විදිහේ විදිහේ බ්ලොග් එකක් පටන් ගන්න. මේකට දායක වෙන්න කැමති නම්/ යෝජනා දෙන්න කැමති නම් කරුණාකරලා lgbtbloggerssl@gmail.com වලට ඊ-මේල් එකක් එවනවද? (මේ ඊ-මේල් එක මම මේ දැන් හැදුවේ! :D) Denver, විශේශයෙන් ඔබට දායක වෙන්න හැකි නම් සතු‍ටුයි, ඒත් බැරි නම් අමනාපයක් නැහැ.

    pitakotuwa, මේ බ්ලොග් එකේ ඊ-මේල් ලිපින ඇතුලත් කරන්න අවසර තිබෙනවාද කියලා මම දන්නේ නැහැ. එහෙම නැතිනම්, මට සමා වෙලා මේ comment එක ඉවත් කරන්න.

    • Denver පවසයි:

      http://sakhicollaboration.com/blog/

      ඔබේ ආරාධනාවට බොහොම ස්තුතියි! මම ඔබට e mail එකක් එවන්නම්. ඔබටත් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ගැන වැඩියෙන් සිංහලෙන් ලියන්න. ලංකාවේ මේ ගැන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි නොදැනුවත්කම. ඉතින් ඒකට ඒ මිනිස්සුන්ට බැන බැන ඉඳල හරියනවද ? හික් හික් .. දැනුවත් කරනවා මිස. නැද්ද මම කියන්නේ.

  8. T පවසයි:

    උපතින් සමලිංගිකයන් වන අය හැරුනු විට මට හිතෙන හැටියට ලංකාවේ විශාල ප්‍රමාණයක් ඇත්තේ සමාජය විසින් විරුද්ධ ලිංගික අවස්ථා අහිමි කිරීම නිසා සමලිංගිකයන් බවට වුනු අයයි. වෙන රටවල මෙන් නොව ලංකාවේ විරුද්ධ ලිංගික ආස්‍රය පවා නිදහසේ කළ හැකි දෙයක් නොවේ. විරුද්ධ ලිංගික සම්බන්ධතා හරහා ලිංගික පීඩනය මුදා හැරිය නොහැකි වන විට යම් පිරිසක් සමලිංගිකත්වය වැනි විකල්ප ක්‍රම වෙත යොමු වීම ස්වාභාවික ය. ඔවුන් අතරින් සැලකිය යුතු පිරිසක් නැවත විරුද්ධ ලිංගික ආස්‍රය ලැබුනත් ඒ අතට හැරෙන්නේ නැත. මෙයට හොදම උදාහරණ හිර ගෙවල් තුලින්, ආගමික කණ්ඩායම් තුලින්, ආරක්ෂක අංශ තුලින් මෙන්ම පිරිමි හා ගැහණු ලෙස බෙදා ඇති පාසල් වලින් ද සොයාගත හැක.

    විශේෂයෙන් ම ලංකාවේ ගහැණු පිරිමි වශයෙන් බෙදා පාසල් පද්ධතිය පිහිටවීමේ අරමුණ වූයේ ම හැකිතාක් තරුණ කොටස් අතර ගැහැණු පිරිමි සම්බන්ධතා අඩු කිරීම ය. (මේ පාසල් බහුතරයක් ලංකාවේ පිහිටවූයේ ඉංග්‍රීසීන් විසින්, ඔවුන් ඒ කාලයේ මහ ඉහලින් සැලකූ වික්ටෝරියානු සුචරිතවාදයේ මූලධර්ම වලට අනුකූලව ය. පසුව බෞද්ධාගමික ප්‍රබෝධයත් සමග බෞද්ධ පාසල් බිහි වුනත් ඒවාද මිෂනරි පාසල් වල ආකෘතියෙන් මිදුණේ නැත.) අනික් අතට තරුණ වයසේ හෝමෝන ක්‍රියාකාරීත්වය වැඩි නිසා බණේ මොකක් තිබුණත් ලිංගික හැගීම් යටපත් කරගැනීමද දුෂ්කර ය. මෙහි නියත ප්‍රථිපලය වන්නේ පාසල් කාලය තුළ සැලකිය යුතු තරුණ පිරිසක් සමලිංගිකත්වය දෙසට නැඹුරු වීමයි. ඇතැම් විට පාසල තුළ ම සමලිංගික ප්‍රේම සම්බන්ධතා පවා ඇති වේ. පිරිමි පාසලක උගත් නිසා මා මෙය කියන්නේ ඇත්දැකීමෙනි. නමුත් විරුද්ධ ලිංගික පාසල් වල ගුරුවරුන්ගේත් වැඩිහිටියන්ගේත් දහසකුත් එකක් කෙනෙහිලිකම් මැද ගුටි කමින් පන්ති තහනම් වෙමින් හෝ කොල්ලන් කෙල්ලන් අතර සම්බන්ධතා ඇති වන නිසා සමලිංගික ප්‍රේම වෘතාන්ත ගැන අහන්නට ලැබෙන්නේ නැත.

    සමලිංගිකත්වය පැතිරීම පාලනය කිරීමට නම් තරුණ පිරිමි ගහැණු සම්බන්ධතා දෙස මීට වඩා නිදහස්, අවසර දෙන සුලු ආකල්පයකින් බැලිය යුතු ය. අවුරුදු 30 දී විවාහ වෙනතුරු තරුණියන්ගෙන් හා තරුණයින්ගෙන් බඹසර අපේක්ෂා කිරීමෙන් වෙන්නේ සමාජයේ සමලිංගික ප්‍රතිශතය ඉහළ යන එක පමණි. විරුද්ධ ලිංගිකයන්ට වත් අයිතිවාසිකම් නැති රටක, සමලිංගික අයිතිවාසිකම් ගැන කවර කතා ද?

    • Denver පවසයි:

      @ T

      මම නැවත වරක් කියන්නේ එකම ලිංගයේ දෙදෙනෙකු ලිංගිකව හැසිරුණු පලියට සමලිංගික වෙන්නේ නැහැ. එය ලිංගික ක්‍රියාවක් පමණයි. එනෙක සමලිංගිකත්වය පතුරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මම ඉහත සදහන් කළ කොමෙන්ටුව ඔබේ දැනගැනීම සදහා නැවත උපුටා දක්වන්න කැමතියි.

      “– සමලිංගිකත්වය promote කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අනික සමලිංගිකත්වය කියන්නේ ඒ ” ලිංගික ක්‍රියාව පමණක් නෙමෙයි. විරුද්ධලින්ගිකයන් සේම ඔවුන් ආදරේ කරනවා. සමලිංගිකත්වය කියන්නේ පුරුෂයෙක් හෝ ගැහැනියක් තමන්ගේම ලිංගයේ පුද්ගලයෙකුට ඇති “මානසික, හැගීම් වලින් හා ශාරීරිකව ආකර්ෂණය වීමයි”. එය හුදෙක් ලිංගික ක්‍රියාවක් පමණක් නෙමෙයි. http://en.wikipedia.org/wiki/Homosexuality
      විවාහය කියන්නේ ආදරය කරන දෙදෙනෙකු තම ජීවිත බෙදා ගන්න ඇති වන බැදීමක්. විවාහය කියන්නේ වර්ගයා බෝ කිරීම නෙමෙයි. “

  9. ජයශ්‍රී පවසයි:

    @Denver & Kid; ස්තුතියි ඔබ දෙදෙනාටම.

    මිනිසුන් වන අප දිනපතා ම ලබන අත්දැකීම් වලින් පරිනත වෙනවා.මිය යනතුරු ම අප යමක් ඉගෙන ගන්නවා නොවේද?

  10. dsdsdsd පවසයි:

    ආහ් මෙතන පොන්නයෝ දෙන්නෙක් ඉන්නවා වගේ

  11. මාතර කිඹුලා පවසයි:

    මෙතනත් කැරි පල්ලි පොන්නයෝ දෙන්නෙක් ඉන්නවා වගේ මේවා ගැන උඹලා වගේ උන් දන්නේ නැහැ කොල්ලෝ ප්ලෑන් ශ්‍රීලංකා ඉදලා සේරම පිටිපස්සේ ඉදපු එකෙක් මම…….

  12. real gent පවසයි:

    පෝන්නයො වෙන්න එපා යකෝ..තොගේ පොන්න කම තමයි තෝ ඔය පෙන්නනෙ..ඔන්න කෙල්ලො කෙල්ලො ආප්ප ගහන එකටනමි මගේ විරැද්ධත්වයක් නෑ…මතක තියාගනින් පොන්නයා ආයිත් ඔක promote කරන්න එපා…උඔ වගේ පොන්න අය නෙවෙයි ගොඩක් උදවිය..

  13. මීයා පවසයි:

    ලාංෙක්ය බ්ෙලාග් කලාව!

  14. නිර්නාමික පවසයි:

    ජීවිතය කියන්නේ ලිංගිකත්වය විතරක්ම නෙමෙයි සමලිංගිකත්වය හෝ විරුද්ධ ලිංගික ආකර්ෂණය පිලිබද කතා කරන්න තරමි මං සුදුසු නෑ මොකද සම ලිංගිතයන්ගේ හැගීම් මට තේරුම් ගන්න බෑ ඒත් එක දෙයක් අපි සේරම මිනිස්සු ඒක අමතක කරන්න එපා සමලිංගිකයන් ඇසුරු කරත් එයාලත් පණ තියන මිනිස්සු

  15. පිස්සු කොල්ලා පවසයි:

    ලංකාවේ කොල්ලන්ගේ තවත් සුපිරි වැඩක්,

    කට්ටිය Android phone පාවිච්චි කරනවා ඇති නේ, අපේ කොල්ලෝ ටිකක් නියම app එකක් හදල තියෙනව කට්ටියම පොඩ්ඩක් download කරලා උන්ට sup එකක් විදිහට හොද review එකක් දෙන්න ඔනී හරි 🙂

    මෙන්න මේක තමයි ලින්ක් එක

    https://play.google.com/store/apps/details?id=com.ionicframework.geo2741681

    app එකේ නම තමයි “FindMeOnTheGo” මේකෙන් කරන දේ හරිම සරලයි එත් ගොඩ දෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි, මේකෙන් පුළුවන් ඔය ඉන්න තැන තව කෙනෙක්ට sms එකක් මාර්ගයෙන් දැනුම් දෙන්න, sms එක ලැබෙන කෙනාට පොඩි ලින්ක් එකක් ලැබෙනවා එක click කරපුවම sms එක එවපු එක්කෙනාට ලගවෙන්න ඕනේ directions map එකක ඇදෙනවා.

    හිතන්න ගොඩක් දුර යාලුව්ක් හම්බෙන්න යනවා කියල, පොර ඉන්න තැන හරියට දන්නෙත් නැ එතකොට යාලුවට කියන්න පුලුවන් මේ APP එක පාවිච්චි කරලා location sms එකක් එවන්න කියල. ලේසියෙන් යාළුවා ඉන්න තැනට ලගවෙන්න පුළුවන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )