කාලකණ්ණි මහජන මුදල් භක්ෂකයනි, දැන්වත් සිංහල හරියට හදා දීපල්ලා !!!!!!!!!!!!

සිංහල යුනිෙක්ත නම් විගඩම අපිට හඳුන්වා දී දැන් දශකයකට පමණ කිට්ටු කාලයක් ගතවී තිෙබ්. මම ෙම් ලිපිය ටයිප් කරන්ෙන් වින්ෙඩා්ස් 7 වලය. අදාල විගඩමට සහය දැක්වීම සඳහා යයි කියමින් ෙවනම මෘදුකාංගයක් සියබස් නැමැති ෙවබ් අඩවියකින් ඉන්ස්ෙටාල් කරෙගන ස්ථාපිත කර ෙගනද අැත්ෙතමි. ඒෙහත් දැන් මං ෙම් ලියන අකුරු බලන්න. යුනිෙක්ත ෙම් අාකාරයට අවම වශෙයන් සතියකට තුන් හතර පාරක් පිස්සු ෙකලියි. සමහර ෙවලාවට ෙකාම්බු ෙලාෙවත් නැත. සමහර ෙවලාවට විතරක් ගින්දර වෙග් වැඩය.

ෙම් ඊනියා සිංහල යුනිෙක්තෙය් කවදාවත් නිවැරදි ෙවන වැරදි අැති බව අපි දන්ෙන් ෙඩානල්ඩ් ගාමිණීතිලක නැමැත්තා ඒය කියා අැති බැවින් ෙනාෙව්. අප ඒය දන්ෙන් අත්දැකීෙමනි. ෙකෙස් ෙවතත් ෙම් ෙවනුෙවන් ෙවෙහසවී සටන් කරමින්, තමන් කල වැරදි පිලිෙගන ඒය නිවැරදි කිරීමට අකමැති නිලධාරීන් හා ඊනියා උගතුන් පිරිසක් සමඟ දිගු කාලයක් සමඟ ඔට්ටු ෙවමින් සිටීම පිළිබඳව අප ඔහුට ණය ගැති ෙවමු.

වින්ෙඩා්ස් ඒකස්පී දුවන දවස්වල මුන් කිව්ෙව් මයිෙකාෙසාෆ්ට් සමාගමත් සමඟ ඒකවී ඉදිරි ෙමෙහයුම් පද්දති වල සිංහල ගින්දර වෙග් වැඩ කරන්නට හදන බවය. ඒ්ත් අෙනක් මෘදුකාංගවලව තියා මයිෙකාෙසාෆ්ට් මෘදුකාංගවලදීත් සිංහල යුනිෙක්ත තවමත් පිස්සු ෙකලියි.

ජංගම දුරකථනවලටද, ෙවනත් ෙබාෙහාමයක් ඉෙලක්ෙටානික උපකරණ වලට සිංහල යුනිෙකා්ඩ් ෙපන්නන්ෙන් ම නැති අතර ෙපන්නන ඒ්වා බහුතරයකද පිස්සු ෙකලියි. මේවාට සමහරවිට තව අවුරුදු පන්සියයක් පමණ යනතෙක් සිංහල කියවන්නට ලියන්නට බැරි වන්නට ඉඩ තිබේ.

පිටෙකාටුවට ෙත්ෙරන හැටියන ෙඩානල්ඩ් කියන්ෙන් සරල තර්කයකි. ෙම් ඊිනියා යුනිෙක්ත නිවැරදිව ක්‍රියා කිරීම සඳහා වෙනත් මෘදුකාංගවල සහය පැතිය යුතුය. ඊට හේතුවී ඇත්තේ කොම්බුවත් අකුරත් වෙන වෙනම නිර්මාණය කර ඇති බැවින් ඒවා කෘතිමව අමුණන්නට වීමයි. ඔහු යෝජනා කරන විසඳුම සරලය. එනම් භාෂාවේ සියළුම අක්ෂරයන් සඳහා වෙන වෙනම කේත නිර්මාණය කිරීමයි. එනම් හෝ සහ හ සහ හේ සහ හෙ ආදී වශයෙන් සියළුම වෙනස්වීම් සඳහා කේත සැපයීමයි. (ඒ මට තේරෙන හැටිය.ඔහු කියන්නේ එය නොවන්නටද පුළුවනි. කෙසේ වෙතත් දැනට තියෙන යුනිකේතයේ අවුලක් තියෙන බව කියන්නට ඩොනල්ඩ්ට පමණක් නොව අල්ලපු ගෙදර පොඩි එකාටද හැකිය)

බැලූ බැල්මට එය සරල සුපැහැදිලි විසඳුමකි. තමන් විසින් කල වැරදි පිළිගෙන දැන්වත් තමන් විසින් ගිල දමා ඇති අපේ මව් බාසාව නිවැරදි කර දීමට ICTA ආදී ආයතනවල සිටිනා මහජන මුදල් භක්ෂකයන් විසින් කටයුතු කරත් නම් ඔවුන්ට සතර අපායේ වැටීමෙන් වැළැකීමට කාල වේලා ඇත. නැත්නම් අනාගත පරපුරේ සාපයෙන් ඔවුන් සුන්නද්දූලි වී යනවා නොඅනුමානය.

This entry was posted in Uncategorized and tagged , , , , , , , , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

32 Responses to කාලකණ්ණි මහජන මුදල් භක්ෂකයනි, දැන්වත් සිංහල හරියට හදා දීපල්ලා !!!!!!!!!!!!

  1. වි පවසයි:

    ඉතින් මම ටයිප් කරන්නෙත් වින්ඩෝස් සෙවන් වල නෙ. තව බ්ලොග් සිය ගානක් සිංහලෙන් ලියවෙනව ඒවයෙ අය ලියන්නෙ කොහොමද කියල ඔයා නිකමටවත් හිතුවද. මම භාවිත කරන්නෙ real time singlish කියන ප්‍රෝග්‍රෑම් එක. පේනවද කොම්බු නෙවෙයි රකාරාංස උනත් ටයිප් කරන්න පුලුවන්.

    යුනිකෝඩ් තාක්ෂණය අනුව එහෙම ඔක්කොම අකුරු ඉස්පිලි පාපිලි එක්ක වෙන වෙනම හදන්න ඕන නැහැ. මීට ගොඩක් කාලෙකට ඉස්සර අජිත් තිලකසේන මහත්තය කිව්ව ටයිප් රයිටරේ ටයිප් කරන්න අමාරු නිසා සිංහල හෝඩියෙ ඉස්පිලි පාපිලි වෙනස් කරමු වගේ කතාවක්. මෙතනත් තියෙන්නෙ ටිකක් ඒ වගේ ප්‍රශ්නයක්. අකුරු සමහර සිස්ටම් වල හරියට නොපෙනෙන්නෙ ඒ සිස්ටම් වල තියෙන තාක්ෂණේ ප්‍රශ්නයක් උඩ මිසක් සිංහල යුනිකෝඩ් වල තියන වැරැද්දක් නිසා නෙවෙයි. දැන් ඔයා බැහැ බැහැ කියන වින්ඩෝස් වලින්ම මම ටයිප් කරන එකෙන් පේනව නෙ ඔයාගෙ චෝදනාව අඩු ගානෙ *ඔයා කෑගහන තරම්* සත්‍යතාවක් (ඔන්න යන්සෙකුත් ලිව්වා) ඇති එකක් නොවන බව.

    බාසාවක් වින්ඩෝස් වලට සපෝට් කරන සම්මත ක්‍රමය ලැංවේජ් ඩ්‍රයිවර්, කීබෝඩ් ඩ්‍රයිවර් එහෙම. මම පාවිච්චි කරන්නෙ එහෙම ස්ටෑන්ඩර්ඩ් කීබෝඩ් ඩ්‍රයිවර් එකක් වත් නෙවෙයි අඩු ගනනෙ, මොකද විජේසේකර කීබෝඩ් එක මට පුරුදු නැති නිසා. ඒ උනත් සිංහල ටයිප් කරන්න තියන වේගවත් ම සහ පිලිගත් ම ක්‍රමය ඒක. සියබස් සයිට් එකෙන් ඒක ගන්න පුලුවන්, එහම ගත්ත නම් ඔයාටත් කොම්බු හරියට ටයිප් කරන්න තිබුන. (ඒකෙන් ටයිප් කරන දේ වර්ඩ් වල පේනවද, ෆොටෝෂොප් වල පේනවද කියන එක ඒ ඒ ප්‍රොග්‍රෑම් වල යුනිකෝඩ් ඉම්ප්ලිමෙන්ට් කරල තියන විදියෙ ප්‍රශ්න. යුනිකෝඩ් සපෝට් ඒ ප්‍රොග්‍රෑම් වලින් ඔහොම යනකොට හරියට හදාවි.)

    සමහරු ඉන්නව ඩොනල්ඩ් වගේ, අර නිදාගෙන ඉන්න එකා ඇහැරුවත් හොරට නිදාගෙන ඉන්න එකා ඇහැරවන්න බැහැ කියන්නෙ, අන්න ඒ වගෙ. ඔයත් එහෙම කෙනෙක් නෙවෙයි නම් ඩොනල්ඩ් මහත්තයට අනික් අය දීල තියන උත්තරත් කියවල තේරුම් ගන්න වත් **අවංක උත්සාහයක්** කරන්න. ඊත පස්සෙ ඒ උත්තර වලට උත්තර තියෙනව නම් ඒව ගැන කතා කරමු. නැතුව අර සංවාදයක් දුරට කරන් ගිහින්, කට උත්තර නැති උනහම අතුරු දහන් වෙලා, ආයෙ වෙන කොහෙන් හරි මතුවෙලා මුල ඉඳන් (ඔන්න නාසික ස්වරේකුත් ලිව්වා) පරන කතාම කියන ඩොනල්ඩ් වඑග වෙන්න එපා.

    මෙන්න මෙතනින් පටන් ගන්න, මේක සිංහල යුනිකෝඩ් හදපු උන් ලියපු එකක් නෙවෙයි.
    http://unicode.org/standard/where/

    • Donald Gaminitillake පවසයි:

      Also read
      http://www.unicode.org/review/pr-96.html
      This is not what I have written but what the unicode consortium says
      Quote
      The use of format characters in identifiers is problematical because the formatting effects they represent are normally just stylistic or otherwise out of scope for identifiers. To make matters worse, it’s possible to misapply format characters such that users can create strings that look the same but actually contain different characters, which can create security problems (see UTR# 36: Unicode Security Considerations).
      Unquote

      The current solution SLSI 1134 which is incorrect and incomplete and that is a result of US$ 65 million of the poor sri lanka nationals money

      Donald Gaminitillake
      let us change the standard

    • pitakotuwa පවසයි:

      වි,
      බ්ලොග් ලියන්න විතරක් නම් සිංහල යුනිකේතයක් ඕන නෑනේ. සිංහල යුනිකේතයෙන් තියෙන access 2007 table එකක rows ටික වර්ඩ් 2007 වලට, නැත්නම් word 2007 වලින් access 2007 වලට කොපි පේස්ට් කරලා බලන්න නිකමට ආසාවට. සිංහල යුනිකේත හදපු එවුන් මරාගෙන කන්න හිතෙනවා අපේ මහන්සිය වතුරේ යන හැටි දැක්කම. අකුරු ලොවෙත් නෑ.

      ඔය කියන විදියට ලෝකෙ තියෙන සිස්ටම් මේ යුනිකේතයට compatible විදියට හදනකොට වසර 3000 විතර වෙයි නේද?

  2. arunishapiro පවසයි:

    ඇපල් මැක් වල දාලා තියන සිංහල මලිති අකුරු වලින් ලියන්න පහසුයි. අලුතින් මුකුත් දාගන්න අවශ්‍යත් නැහැ.

  3. වි පවසයි:

    “අදාල විගඩමට සහය දැක්වීම සඳහා යයි කියමින් ෙවනම මෘදුකාංගයක් සියබස් නැමැති ෙවබ් අඩවියකින් ඉන්ස්ෙටාල් කරෙගන ස්ථාපිත කර ෙගනද අැත්ෙතමි.”

    මේ කෑල්ල කියෙව්වම නිකන් හිතෙන්නෙ ඩොනල්ඩ් කියන විදියට අකුරු ටික හැදුව නම් කිසිම “විගඩම”කුත් නැහැ, කීබෝඩ් ඩ්‍රයිවර් ඕනෙත් නැහැ, එහෙම ඒව තිබුනත් ඒවගෙ කිසිම බග් එකක් එහෙම කවදාවත් නැතුව කිරි ටොය්යො වගේ ගහපු ගමන් වැඩ කරනව කියල ඔයා හිතන් ඉන්නව වගේ.

    එතකොට කොම්බුව ගහල කයන්න ගැහුවම වෙනම මෘදුකාංග නැතුව ඒක ‘කෙ’ යන්නෙන් රිප්ලේස් කරන්නෙ පොලීසියෙන් ද?

    • pitakotuwa පවසයි:

      ඒකනේ මං කිව්වේ “මට තේරෙන විදියට” කියලා. ඩොනල්ඩ් කියන විදියට ඒක වෙන්නේ නැතත් දැන් තියෙන යුනිකෝඩ්වලින් බ්ලොග් ලියනවට වඩා අටමගලයක් කරන්න බෑ කියන එක බොරුවක් නෙවෙයිනේ. මම ඒ ගැන හොඳට දන්නේ මම ඔය සිංහල යුනිකේත මිනිස්සුන්ට හඳුන්වා දෙන්න මමත් පෞද්ගලිකව මහන්සි වෙච්ච හින්දා. එහෙම මිනිස්සුන්ට සිංහල යුනිකෝඩ් භාවිතා කරන්න බලකරලා ඒ මිනිස්සුන්ට දවසකට වෙන ප්‍රශ්න දිහා බැලුවම අඳුන්නලා දීපු මෝඩකම කියලා හිතෙනවා. මම මේ කියන්නේ සාමාන්‍ය කම්පියුටර් යූසර්ස්ලා ගැන. කම්පියුටර් එක්ස්පර්ට්ලා ගැන නෙවෙයි.

      මේක 21 වෙනි සියවස. අපිට ඕනේ බ්ලොග් ලියන සිංහල යුනිකේතයක් නෙවෙයි. මේ සියවසට ගැලපෙන, සිංහල භාෂාව අළුත් යුගයකට ගෙනියන, ඕන ගැජමැටික් එකක වැඩකරන, සාමාන්‍ය යූසර් කෙනෙකුට එක්පර්ට් ලාගේ සපෝට් නැතුව වැඩ කරනගන්න පුළුවන් සිංහල යුනිකේතයක්.

      එහෙම එකක් ඔය ඔස්තාද්ලට හදන්න බැරි නම් කරන්න ඕනේ ඒක කරන්න පුළුවන් එවුන් ටිකකට බාර දීලා පැත්තකට වෙන එක. මුන් එහෙම නෙවෙයි ඒක බදාගෙන එක තැන පල් කරගෙන ඉන්නවා. කරන්න පුළුවන් කියලා කියන එකෙකුට අවස්ථාවක් දෙන්නෙත් නෑ.

      ඔබතුමාට අවංකව කියන්න පුළුවන්න නම් කියන්න බලන්න සිංහල යුනිකේතයේ පසුගිය “දශකය” තුල සිදුවූ තාක්ෂණික වර්ධනය ගැන සතුටු වෙන්න පුළුවන්ද කියලා. යමක් වර්ධනය නොවනවා කියන්නේ ඒකෙ උපන්ගෙයි අඩුපාඩුවක් තියෙනවා කියන එක නේද? (සිංහල යුනිකේතයේ වර්ධනය කියන්නේ බ්ලොග් පඩංගු දහස් ගණනින් හතු පිපෙන ගානට බිහිවෙන එකනම් නෙවෙයි මහත්තයෝ)

      • Donald Gaminitillake පවසයි:

        Disadvantage of the present system
        * Any text composed using one software is not readable by another software .
        * This isolate users from one another in the same ethnic group.
        * The Basic of Internet is not to isolate users.
        * Two different keyboards are used to input characters.
        * Even a bilingual person will have to learn two different layouts of a keyboard to use any one of the languages.
        Even a monolingual person will have to learn the keyboard layout even to write a simple E-mail

        Advantages of new system innovated by me giving all sinhala characters a UTF value

        1 Leap-frog to ICT status of developed countries.
        2 Aid the implementation compatible Prepress system
        3 Educate and develop the rural economy.
        4 Promotion of E-Commerce, E- Governance, E- Learning , E-Health ,Workflow Management systems
        5 Digital Democracy
        6 Since the QWERTY keyboard is currently in use, there is no need to learn a new keyboard layout .
        7 Compatible with any software develop by any vendor
        8 Enable use of OCR software, Voice to text software,
        9 Text to Voice software,
        10 Software for Vision or Voice impaired community,
        11 Software for automated News castings,
        12 Alert systems in medical industry,
        13 Interactive telephones,
        14 Document reading, Language education, Translation of Languages
        15 Language synthesizers,
        Toy manufacturing —– to name a few.
        16, School books in ipad
        17. O/L , A/L examinations using ipad
        18 GPS control public transport system

        Choice is yours
        We can make the wonder if asia in Sri Lanka

        Donald Gaminitillake
        Let us change the standard

      • pitakotuwa පවසයි:

        1 Leap-frog to ICT status of developed countries.
        2 Aid the implementation compatible Prepress system
        3 Educate and develop the rural economy.
        4 Promotion of E-Commerce, E- Governance, E- Learning , E-Health ,Workflow Management systems
        5 Digital Democracy
        6 Since the QWERTY keyboard is currently in use, there is no need to learn a new keyboard layout .
        7 Compatible with any software develop by any vendor
        8 Enable use of OCR software, Voice to text software,
        9 Text to Voice software,
        10 Software for Vision or Voice impaired community,
        11 Software for automated News castings,
        12 Alert systems in medical industry,
        13 Interactive telephones,
        14 Document reading, Language education, Translation of Languages
        15 Language synthesizers,
        Toy manufacturing —– to name a few.
        16, School books in ipad
        17. O/L , A/L examinations using ipad
        18 GPS control public transport system

        දැන් මේ D.G. කියන විදියට එයාගේ සිස්ටම් එකෙන් මේ වැඩ ටික කෙරෙනවා නම් දෙයියනේ එයා කියන ගාණක් දීලා හරි මේක අරන් implement කලාම හෙණ ගහනවද? ඔය ICTA එකෙන් බොරු ප්‍රොෙජක්ට් වලට කෙළ කෝට් ගණන් මහජන මුදල් භක්ෂණය කරන්නේ දැනටමත්. වැඩ කරන සිස්ටම් එකකට කීයක් හරි වැඩිපුර ගෙව්වත් මොකද එකතැන පල්වෙන හරියට වැඩ නොකරන “නොමිලේ” දෙන එකකට වඩා.

        දෙයියනේ අපේ භාෂාවේ අනාගතය ගැන හිතලවත් අපේ tax පතට කීයක් හරි වැඩිපුර එකතු කරලා හරි එහෙම කලාට කමක් නෑ.

      • වි පවසයි:

        පිට කොටුව,

        දශකයකට කලින් සිංහලෙන් පරිගණක වල කෙරුනෙ පේජ් සෙටිං විතරයි. අද අපි ඊමේල් වල චැට් වල වගේ බොහෝ තැන් වල යුනිකෝඩ් පාවිච්චි කරනව. පත්තර කියවන්න පුලුවන් ෆොන්ට් 10ක් විතර ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරන්නෙ නැතිව. මොබයිල් ෆෝන් වලත් සිංහල වැඩ කරනව. අද OS එකක් දා ගත්තම සිංහල ටයිප් කරන්න ඒක සෙටප් කර ගන්න යන්නෙ විනාඩි දහයකටත් අඩු කාලයක්. මට නම් මේ වර්ධනය ගැන සතුටු වෙන්න පුලුවන්. අඩු පාඩු නැතුව නෙවෙයි.

        “එහෙම එකක් ඔය ඔස්තාද්ලට හදන්න බැරි නම් කරන්න ඕනේ ඒක කරන්න පුළුවන් එවුන් ටිකකට බාර දීලා පැත්තකට වෙන එක.”

        කවුද ඉතින් අනේ ඔය පුලුවන් උන්? ඔයා එහෙම කෙනෙක් හොයා ගත්ත නම් අපිටත් පෙන්නන්න කො ආසාවට බලන්න. දැන් මෙහෙම බලමු කො. ජේවීපී එක කියන්නෙ “යූ ඇන් පී ශ්‍රීලංකා දෙකම රට කනව, අතන මේ වැරැද්ද තියනව, මෙතන මේ වැරැද්ද තියනව, අපි ආවොත් තමයි මේ රට හදන්න පුලුවන්” කියල. ඔයා මේව අහල ජේවීපී එකට චන්දෙ දෙනවද? ඔව් හරි නැහැ හරි කියන්න කො.

        සරලව කියන්නම් උදාහරණෙ තේරෙන්නෙ නැත්නම්. ඩොනල්ඩ් ගෙ සිස්‍ටම් එක විකුණගන්න ඩොනල්ඩ් කියනව අපිට අරක කරන්න බැරි මේක කරන්න බැරි යුනිකෝඩ් වල වරද නිසා, මම කියන සිස්ටම් එක මට රෝයල්ටි ගෙවල දැම්ම නම් ඒකෙන් ඔය ප්‍රශ්න ඔක්කොම විසඳෙනව කියල. ඔය කතා ඔක්කොටම මේ වෙන කොට උත්තර දීල ඉවරයි. ඕනෙ නම් පරන බ්ලොග්, lklug එකේ එහෙම පිටු ගනන් ගිය සාකච්ඡා කියවල බලන්න. කරුණු හොයන්නෙ නැතුව කට කතා වලට උඩ පනින්න එපා. යුනිකෝඩ් හඳුන්වල දීල තවම වැඩි කලක් නැහැ – ඒක නිසා ඉංගිරිසියෙ භාවිතා නොවන ZWJ වගේ කැරැක්ටර් එක්ක වැඩ කරන කොට සොෆ්ට්වෙයා වල තවම ප්‍රශ්න තියනව. (ආණ්ඩු කීපෙක උන් හොරකම් කරන්නත් ඇති වුනත්) මම දන්න හැටියට නම් උන්ට සල්ලි වෙන් කරල තිබුනෙ නැහැ MS Word, Photoshop වගේ දේවල් ෆික්ස් කරන්න. ඔයා දන්නව නම් එහෙම වෙන් කරල තිබුන කියල, ඩොනල්ඩ් ගෙන් අහගෙන හරි කමක් නෑ කරුනාකර පෙන්නන්න. දන්නෙ නැති දේ ඉගෙන ගන්න අපි නම් ලෑස්ති.

        ඩොනල්ඩ් අහපු අර “සිංහල හෝඩියෙ දුයන්න පුලුවන් නම් යුනිකෝඩ් වලින් පෙන්නන්න” වගේ තකතීරු ප්‍රශ්න වලට උත්තර යුනිකෝඩ් කොන්සෝටියම් එකෙන් ම දීල තියනව කියල මම ඔයාට ලින්ක් දීල පෙන්නුව නෙ. ඒත් ඔයා මේ “ඩොනල්ඩ් ආවොත් පායයි හිරු” කැම්පේන් එකක ඉන්නෙ ඩොනල්ඩ් ගෙ වර්කිං සිස්ටම් එකක් ඇහැට දැකල ද? ඒ කියන සිස්ටම් එකෙන් වින්ඩෝස් වලට කීබෝඩ් ඩ්‍රයිවර්ස් නැතිව ටයිප් කරන හැටි ඔයාට තේරිලා ද?

        අපි ඩොනල්ඩ් ට සල්ලි දෙන ගමන් අර වතුරෙන් කාර් දුවන්න පුලුවන් කියන අයටත් ටිකක් දෙමුද මෙයා, මොකද ආණ්ඩුවෙ ලෙතාජික් හොරු මහජන සල්ලි වලින් පැට්‍රෝල් ගෙන්නල සල්ලි ගහ ගනිද්දි ඒ අය තනියම වතුරෙන් දුවන්න කාර් හැදුව නෙ. (කොහෙද අනේ ඒ අය දැන්?)

        මේක කොච්චර කීවත්, ආයෙත් මාස කීපෙකින් තවත් කවුරු හරි පෝස්ට් එකක් ලියාවි “යුනිකෝඩ් මෙච්චර ප්‍රශ්න, ඩොනල්ඩ් ගෙ සිස්ටම් එක ගත්ත නම් ඉවර නෙ” කියල.

        නිදහසෙන් පස්සෙ අවුරුදු බර ගානක් යූඇන්පී ශ්‍රීලංකා දෙකටම දීලත් රට දියුනු කර ගන්න බැරි වුනා නෙ පිටකොටුව, මොකද කියන්නෙ දැන් කරන්න ඕනෙ ජේවීපී එකට හරි නවසමසමාජ පක්ෂෙට හරි හෙළ උරුමෙට හරි දෙන එක නේද? උන් කියනව නෙ උන්ට දුන්නොත් කරල පෙන්නනව කියල?

  4. Susantha Kumara පවසයි:

    මම කෙලින්ම පාවිච්චි කරන්නේ විජේසේකර යතුරු පුවරුවමයි. ඒත් මම අතින් ටයිප් කරද්දි සිද්ද වෙච්ච වැරද්ක් ඇරෙන්න වෙන අවුලක් නම් ඇවිත් නෑ.

    • pitakotuwa පවසයි:

      සුසන්ත කුමාර,
      අපිට ටයිප් රයිටරෙන් කරපු වැඩ ටික කරගන්න නම් ඕක යන්තම් අටවලා කරගන්න පුළුවන්. ඒක ගැන විවාදයක් නෑ.

      මම කථා කලේ ලෝකෙත් එක්ක ඉදිරියට යන්නට සුදුසු තාක්ෂණයකට මාරු වෙන එක ගැන. ඔය තියෙන යුනිකේතයෙන් එදත් කලේ ටයිප් කරන එක අදත් කරන්නෙ ටයිප් කරන එක (ලියුම් හා බ්ලොග්). ඕක පාවිච්චි කරලා හදපු එක advanced application එකක නමක් ආසාවටවත් කියන්න පුළුවන්ද? ඒ කියන්නේ මිනිස්සුන්ගේ ජීවිත පහසු කරන application එකක්. පර්යේෂණාගාර මීයෝ නෙවෙයි. ICTA කාරයටවත් එහෙම එකක් හදාගන්න බැරි වුනා කියන්නේ අනිත් එවුන්ට එහෙම කරන්න පුළුවන්ද?

      • වි පවසයි:

        ඩොනල්ඩ් ගෙ සිස්ටම් එකෙන් පුලුවන් ද මෙයා එහෙම ඇඩ්වාන්ස්ඩ් ඇප්ප්ලිකේෂන් හදන්න?

        එහෙම නැත්නම් ඔයා මේ යුනිකෝඩ් ගැන කතාව පැත්තක තියල කැලේ යනව ද?

        අකුරු තියෙන්න ටයිප් කරන්නයි කියවන්නයි, ඊමේල් කරන්නයි එහෙම තමා. මිනිස්සුන්ගෙ ජීවිත පහසු කරන ඇප්ලිකේෂන් හදන්න ඕනෙ එක ඇත්ත ඒක හැබැයි යුනිකෝඩ් ෆොන්ට් හදන උන්ගෙ වැඩක් නෙවෙයි. දැන් මයික්‍රොසොෆ්ට් ලට ෆොන්ට් හදන උන්, බිට්ස්ට්‍රීම් එහෙම ඔයා අහල තියෙද මිනිස්සුන්ගෙ ජීවිත පහසු කරන ඇප්ලිකේෂන් හැදුව කියල?

        ඔයා කරන්නෙ මේ ඉටැලියන් රෙස්ටොරන්ට් ලංකාවෙ අඩුයි කියල අල තක්කාලි වනන උන්ට බනිනව වගේ වැඩක් නෙ.

      • Susantha Kumara පවසයි:

        “සුදුසු තාක්ෂණයකට මාරු වෙන එක ගැන” අපි එදිනෙදා පාවිච්චි කරන ජනප්‍රිය බොහෝමයක් මෘදුකාංග සිංහල භාෂාවෙන් ක්‍රියාත්මක වෙනවා මම දැකල තියෙනවා. ඒත් ඒ සිංහල භාෂාවට වඩා මෙතක් භාවිතා කළ ඉංග්‍රීසි භාෂාව හොදයි කියලා හිතෙනවා ඒ වචන වල තේරුම හොයන්න ගියාම. අනිත් දේ අපේ අනාගත පරපුර ඉංග්‍රීසි භාෂාව අනිවාර්යයෙන්ම දැනගත යුතුයි කියන තැන මම ඉන්නේ. මොකද ඔය කියන ජාතියේ ඇඩ්වාන්ස් මෘදුකාංග හදන සමාගම් අපි වගේ පොඩි රටක්(හා හොර කොපි භාවිතා කරන) ගැන සලකල අපිට සිංහල පරිවර්තනයක් දෙයි කියලා හිතනවද(වින්ඩෝස් දුන්න බව දන්නවා). පරිගණක තාක්ෂයේ ඉතිරි දැනුම සිංහලෙන්ම ගන්න පුළුවන්ද? දැන් තියෙන භාෂාව අනිවාර්යයෙන් වැඩි දියුණු වෙනවා නම් අපිත් කැමතියි. ඒත් සිංහල භාෂාව පරිගණක ‍තුළට මේ තරමට හරි ගෙන ඒම සම්බන්ධවත් ස්තූති වන්ත විය යුතුයි නේද?

  5. ඉන්දරේ පවසයි:

    ඩොනල්ඩ් මේ කතාව කිය කිය ඇවිදින්නේ බොහොම අතීතයේ ඉඳන්. එහෙනම් ඇයි කවුරුත් මේක ගනං ගන්නේ නැත්තේ? හේතුව ඩොනල්ඩ්ට අවශ්‍ය වෙලා තියෙන්නේ දැනට පවතින යුනිකෝඩ් සිස්ටම් එක වෙනුවට ඔහු හඳුන්වාදෙන යුනිකෝඩ් සිස්ටම් එක මුදලට විකිණීමටයි. මේ බව ඩොනල්ඩ් පැහැදිලිවම කියලා තියෙනවා, ඔහුගේ සිස්ටම් එක පාව්ච්චි කරනවනං ඔහුට royalty ගෙවන්න ඕනේ කියලා. මෙන්න මේ ව්‍යාපාරික අරමුණ නිසයි කවුරුත් මේ ගැන සලකන්නෙ නැත්තෙ, මොකද යුනිකෝඩ් සම්මුතිය හැමදෙනාටම නොමිලේ භාවිත කල හැකි පද්ධතියක් විදියට සම්මත නිසා.

    පිටකොටුව පොඩ්ඩක් පැරණි බ්ලොග්කරුවන්ගේ බ්ලොග්, සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ ගූග්ල් සමූහයේ පැරණි පෝස්ට් සර්ච් කරලා බලන්න, ඩොනල්ඩ් සමග කරපු වාද විවාද තියෙනවා ඇති තරම්. මගේ ලිපියකටත් ඔහු වරක් අදහස් පල කරලා තිබුනා.

    • pitakotuwa පවසයි:

      ROYALTY තියා මොන මඟුලක් (මහජන මුදලින් හරි) ගෙව්වත් කමක් නෑ එකතැන පල්නොවී වර්ධනය වෙන තාක්ෂණයකට. අපේ ළමයින්ටවත් ඕන මොබයිල් ෆෝන් එකක, එස්.එම්.එස්. එකක, ඇමේසන් කින්ඩල් එකක, ජී.පී.එස්. ඩිවයිස් එකක, ඇපල් අයි පෑඩ් එකක ඉදිරියට එළි දැකීමට නියමිත ඕන ගැජමැටික් එකක නියම සිංහල නියම විදියට පාවිච්චි කරන්න පුළුවන් කම ලැබේවා කියලා හතර වරම් දෙවියන්ට කියනවා හැරෙන්න වෙන විකල්පයක් නෑ මේ නාම්බෝ ටික මේක බදාගෙන කරන්න පුළුවන් කියන එකෙකුටවත් අවස්ථාවක් නොදී ඉන්නකල්.

      යකෝ මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා කියලා කොම්පැණියක් ලංකාවේ අටවලා තියෙද්දිත් ලංකාවේ විකුණන බලපත්‍ර සහිත මයික්‍රොෙසාෆ්ට් කම්පියුටර්වලවත් සිංහල නෑ. ඒකටත් එක එකාට කන්කෙදිරි ගාලා සියබස් අරබස් සයිට් වලින් සොෆ්ට්වෙයා බාලා ඉන්ස්ටෝල් කරන්න ඔනෑ සිංහල අකුරක් හරියට ලියාගන්න. ඉතින් ඔය කාළකණ්ණි ICTA මහජන මුදල් භක්ෂකයන්ගේ කෙරුවාව ගැන තවත් කතන්දර ඕනෙද? උන්ට බැරි උනාද තාමත් ලංකාවේ විකුණන බලපත්‍ර සහිත කම්පියුටර්වලවත් සිංහල තියෙන්න ඔනෑ කියලා මයික්‍රොසොෆ්ට් කාරයා එක්ක එකඟතාවයට එන්න.

      උන් හතර අපායේ වැටෙනවා ඒකාන්තයි.

  6. Donald Gaminitillake පවසයි:

    I offered my project to the SLSI free of charge, when they requested the public opinion. My proposal was rejected by the SLSI and approved the SLSI 1134. At that point I applied for a patent and received it “13120” in 2009. Now I have a patent and a copyrights. Am I wrong?

    All other countries except the indic group has solved the problem by registering all the characters in their respective national standard. Before we do anything we got to correct the National Standard the SLSI 1134. Unicode consortium only accept the National Standards.

    If you like please visit me I will explain and show you the error.

    Donald Gaminitillake
    Let us change the standard

  7. ඉන්දරේ පවසයි:

    You hold the copyright, and you need to sell it, not to offer as the current unicode system. Isn’t it?
    Do you think it is possible to turn people from a free solution which is currently in action, to a paid solution?

  8. Donald Gaminitillake පවසයි:

    You are confused with UNICODE CONSORTIUM
    The SLSI 1134 is incorrect and incomplete. We got to solve this problem in Sri Lanka. What was thefree solution? Govt spent 65 Million American Dollars on ICTA solution and +++ you think 65 million $ is free.
    Come and meet me. Understand the issue and then talk

    Donald Gaminitillake
    Let us change the standard

  9. Kaveen පවසයි:

    It is very clear that the Unicode consortium adopt the national standard. Unfortunately our people is very incapable of setting and maintaining a standard. There are unique characters for every compound characters in some languages. It is already there in the implementation. But we have to use the same keyboard to type all the letters. So it is not possible to assign a key to all the variations of letters. Sinhala unicode system is working well now. What is need is to get the software makers to support the fully implement it on their product.

    • Donald Gaminitillake පවසයි:

      You are on the wrong track sir. Forget about Sinhala or Tamil. Think of any European language Ü or å or Å or ø or Ø I use the same qwerty key board to enter all these or even Japanese スリランカ 日本国 or Korean can be used with the QWERTY key board.

      All Sinhala characters need to be identify and given UTF values. Keyboard is just an input
      We use computers not typewriters. Inputting Sinhala using QWERTY is not a problem at all.

      Why not organize a seminar I will give you a presentation or come over meet me understand the actual problem

      Donald Gaminitillake
      Let us change the standard

    • pitakotuwa පවසයි:

      “What is need is to get the software makers to support the fully implement it on their product”

      ඒක එහෙමනම් අදාල ආයතනත් එක්ක සාකච්ඡා කරලා ඒකට පසුබිම හදන්න ඕනෙත් ඔය මහජන මුදල් භක්ෂකයන්ම මිසක් ගමේ ඉන්න සිරිපාලලා, සිරියලතාලා නෙවෙයි නේද? ඔය මහජන මුදල් භක්ෂකයන් ඉදිරියටත් බුදියගෙන ඉඳියි කියලා මිසක් ඒකට ක්‍රියාකාරීව වැඩ කරයි කියලා හිතන්න පුළුවන්ද? වැඩිම වුනොත් මිලියන 100 ක විතරක් ප්‍රොෙජක්ට් එකක් පාස් කර ගනියි යුනිකේත ප්‍රෙමා්ට් කරන්න කියලා. කරලා ඒකෙන් බැංකු ගිණුම් තර කර ගනියි තම තමන්නේ. නොදෝමකින්.

      • Donald Gaminitillake පවසයි:

        The problem is the cost of the software.
        Private individual cannot afford need a grant to make it
        Govt has the funds but they will not implement it.
        ===============
        It has to be done part in Sri Lanka part in Japan
        Then give it to the public free of charge
        Sri Lanka part contains
        Sinhala Elocution (wag vidiyawa) from uni of Colombo
        Drawing of all sinhala characters at ( least 3 fonts group)
        Digitizing giving UTF values
        Dictionary development (sinhala to english and vv)
        Data base writing
        publishing
        Traveling
        Need a team of 6 to 8 persons who will work 24/7 basis

        +++++++
        Japanese part need about $ 250,000
        +++++++
        Then we have to pay one time royalties to microsoft and apple for using certain areas of their OS system. Need to get permission from various small patent holders sometime pay them small fees. Certain areas only inform and obtain permission.
        ++++++++++
        Lots if work

        Donald Gaminitillake
        Let us change the standard

      • Donald Gaminitillake පවසයි:

        Any software will support any character with proper UTF value
        ALL Sinhala CHARACTERS and most in indic group have not given UTF values

        for UTF values — read
        http://en.wikipedia.org/wiki/UTF-16/UCS-2

        We got to give UTF values to all Sinhala characters. This is what I have been telling and publishing. Only I have published the table for Sinhala characters.

        Please come and meet me.

        Donald Gaminitillake
        Let us change the standard

  10. Donald Gaminitillake පවසයි:

    Quote
    මේ ව්‍යාපාරික අරමුණ
    Unquote
    Is ICTA guys working free of charge?
    What have they given to the public using 65 million ++++ dollars of public funds?

    Quote
    ZWJ වගේ කැරැක්ටර් එක්ක වැඩ කරන කොට සොෆ්ට්වෙයා වල තවම ප්‍රශ්න තියනව
    Unquote

    This 2011 going to 2012!!!!
    I have given the solution without these odd characters (ZWJ)
    Accept the error SLSI made and change the standard

    Come and meet me I will show you the error then you can comment more!!!

    Donald Gaminitillake
    Let us change the standard

  11. වි පවසයි:

    Mr Gaminitillake,

    With all due respect for you, I will not descend in to the level of dignifying you with a reply to the “points” you have made, because you have shown numerous times that all you can do is to resort to out of context quoting, selective amnesia, pretending like you didn’t see other person’s points, name calling etc etc. and ultimately running away from the argument and surface from somewhere else to repeat the same babbling.

    Anyone who has been reading what has been written about Unicode has seen enough of this. I am just a user of Unicode, and I don’t have any affiliations with anyone that worked about Sinhala Unicode.

    I wrote the above answers just because i have some respect for the Pitakotuwa blogger, although I do not agree with all his ideas. If he genuinely wants to read how you behaved in the debate, he can read the history at

    http://anuradha.sayura.net/2006/03/is-sinhala-unicode-incomplete.html

  12. Donald Gaminitillake පවසයි:

    I will ask you two questions?
    1. Why you call “Sinhala Unicode”? Does other countries name there scripts as English unicode? Japanese unicode?

    2. Does all Sinhala Characters have UTF values? If not why?

    Donald Gaminitillake
    Let us change the standard

  13. Donald Gaminitillake පවසයි:

    The lack of fluency in English is considered as a weakness and obstacle to our progress, with only 6% of our population fluent in English. Yet, instead of looking for weakness, let us consider how we could build on our strengths. We have a 92% literacy through our native languages, Sinhala and Tamil. But the main obstacle in using Sinhala and Tamil is its links to IT due to the lack of a Sinhala and Tamil that links us to other world languages as well as to each other.

    Only I have the solution

    With the present system you cannot make any program in sinhala
    By allocating UTF values to Sinahla the whole sinhala world will change
    You guys are scared of it. That is why Lanka is not developing.
    Open your eyes and think ahead for the betterment of the future lankika nation.

  14. Bobbie U. Mullins පවසයි:

    ෙම් ඊනියා සිංහල යුනිෙක්තෙය් කවදාවත් නිවැරදි ෙවන වැරදි අැති බව අපි දන්ෙන් ෙඩානල්ඩ් ගාමිණීතිලක නැමැත්තා ඒය කියා අැති බැවින් ෙනාෙව්. අප ඒය දන්ෙන් අත්දැකීෙමනි. ෙකෙස් ෙවතත් ෙම් ෙවනුෙවන් ෙවෙහසවී සටන් කරමින්, තමන් කල වැරදි පිලිෙගන ඒය නිවැරදි කිරීමට අකමැති නිලධාරීන් හා ඊනියා උගතුන් පිරිසක් සමඟ දිගු කාලයක් සමඟ ඔට්ටු ෙවමින් සිටීම පිළිබඳව අප ඔහුට ණය ගැති ෙවමු.

    • Donald Gaminitillake පවසයි:

      Thank you for your comments. I am still trying to address the issue . If any one can get the access to LLRC report — “Language Issue” on Chapter 9 – 9.242, 9.243, 9.244 & 9.245 all these can be achived by my method. My method will also accomodate any other “”MATA WADAYAs”” The reason is I use two byte character allocations which can register up to 64,000 individual characters in a single panel in SLSI. If you still have more you can introduce the second or third panels.

      All the indic lanuages will have to follow this system and go beyond the American Unicode Consortium.

      Donald Gaminitillake
      Let us change the standard

වි වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න