ජැක් ගැසීම, ජැක් වීම‍:, කාන්තාවට හා පුරුෂයන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ අතුරු කථා

(පිටකොටුවගේ බ්ලොග් කෙරුවාවට ඇණයක් හෙණයක් වැදී තිබුනත් බ්ලොග් කියවන එක නම් පිටකොටුව අතහැර දමා නැත. එහි ප්‍රතිඵලයක් ලෙස මේ දිනවල උණුසුම්ව නැඟලා යන මාතෘකාවක් කොටුවගේ නෙත ගැටුන අතර විශේෂයෙන් මෙන්න මේ බ්ලොග් පෝස්ට් එක සහ එහි කොමෙන්ට් ටික කියවීමෙන් පසු පිටකොටුවද ෆෝම් විය. අවසාන ප්‍රතිඵලය වූයේ මෙම පෝස්ට් එක ලියවීමය.)

ජැක් ගැසීම හෝ ජැක් වීම * ප්‍රධාන මාතෘකාවක් කර ගෙන ඇරඹුන අදාල සංවාදයන් ස්ත්‍රී පුරුෂ සුරතාන්තය, ස්වයං වින්දනය, ලිංගික තෘප්තිමත් බව ආදරය ආදී එකී නොකී අන්ත රාශියක් කරා අඩු වැඩි වශයෙන් විකාශනය වීමක් දක්නට ලැබුනි.

අදාල සංවාදයේදී එක්තරා බ්ලොග්කාරියක් බ්ලොක්කරුවන් රැසකගේ නිර්දය විවේචනයට ලක්වීමත් එහි ප්‍රතිඵලයක් ලෙස ඇය විසින් ඇයගේ බ්ලොගය ආරාධිතයන්ට පමණක් සීමාවීමත් එහි අතුරු කථාවක් ලෙස සටහන් කල හැකිය.

ජැක් ගැසීම හා ජැක් වීම සම්බන්ධයෙන් අපේ රටේ පොදු ප්‍රවාහන සේවාවල නිරන්තරයෙන් ගමන් කරන අපටද අත්දැකීම් රැසක් ඇත. එහෙත් මෙහිදී අපගේ බලපොරොත්තුව වන්නේ ජැක් ගැසීම සම්බන්ධයෙන් වන අත්දැකීම් මත පාදකවී මනෝ මූලික නිගමනවලට එළඹීම නොව එහි සමාජමය පැතිකඩ හා වලංගුභාවය පිළිබඳව අදහසක් සාකච්ඡා කිරීමය.

පොදුවේ ගත් කල ජැක්කරණය (ජැක් ගැසීම හා ජැක් වීම) යනු ප්‍රාථමික ලිංගික හැසිරීමකි. අදාල සංවාදයේදී බොහෝ දෙනා ඉදිරිපත් කරන ලද  “දෙන්නා කැමති නම් අපිට මොකටද” යන තර්කය අතිශයින් බොළඳ එකකි. ඒ තර්කයට අනුව නම් පොදු ප්‍රවාහන සේවයකදී කාන්තාව කැමති නම් පිරිමියා විසින් ඇයගේ ජංගිය ඇතුලට අත දමාගෙන ගියාටද අනෙක් මඟීන් කළබල විය යුතු නැත. පොදු ප්‍රවාහන සේවා වලදී ලිංගික කටයුතු වල යෙදීම අපුල දනවන හා සමාජයෙන් බැහැර කල යුතු දෙයක් බවට විවාදයක් නැත. කෙසේ වෙතත් ජැක්කරණය ලාංකීය සමාජයේ අතිශය සුලබ සංසිද්ධියක් බවට පත්වීම හා බැඳුනු සමාජමය කාරණාවන් පිළිබඳව සමහර බ්ලොග්කරුවන් විසින් ඉදිරිපත් කරන ලද විග්‍රහයන් සමඟ අපි ද එකඟ වෙමු. එහෙත් ජැක්කරණය යනු ඉදිරි පරිණාමයක් බලාපොරොත්තුවන සමාජයක් විසින් බැහැර කළ යුතු දෙයක් බවට වන සරල සත්‍යය එමඟින් යටපත් කර දැමීමට නොහැක. “සමහර” ජැක් වලට කාන්තාවන් කැමති වීමේත්, “සමහර” ජැක් වලට අකමැතිවීමේත් කරුණ හුවා දක්වමින් ජැක්කරණය සාධාරණීකරණය කල නොහැක.

මෙසේ ජැක්කරණය සාධාරණීකරණය කිරීමට බොළඳ තර්ක ඉදිරිපත් කිරීම මඟින් සිදුවන්නේ එයට එරෙහි සමාජමය ප්‍රතික්‍රියාව දුබල කිරීමකට ලක්වීමය. අප විසින් නිරීක්ෂණය කරන ලද අන්දමට ඉතා විශාල කාන්තාවන් පිරිසක් දිනපතා මෙමඟින් අතවරයට ලක්වන අතර ඒ සම්බන්ධව විරෝධය දැක්වීමට යාමෙන් අදාල කාන්තාවන් තවදුරටත් අපහසුතාවයට පත්වීම වන තරමටම එය අතිශයින් සාමාන්‍යකරණයවී ඇත.

බ්ලොග්කරණයේ යෙදෙන ලාංකීය සමාජයේ උගත් යැයි පිළිගත් කොටසට අයත් වන පිරිමින් බහුරතයක්ද මෙම ක්‍රියාව සාධාරණීකරණය කරමින් හෝ එය නොසලකා හැරිය යුතු දෙයක් ලෙස සැලකමින් කථා කිරීම අතිශයින්ම කණගාටුදායක තත්වයකි. බොහෝ අදහස් දැක්වීම් වලින් පෙනී ගියේ තමන්ගේ පුද්ගලික අත්දැකීම් මත පමණක් පදනම් වී පොදුවේ ගත් කල එමඟින් අසාධාරණයට / අතවරයට / පීඩාවට පත්වන කාන්තාවන් ගැන නොසලකා හැර ඔවුන් කථා කර ඇති බවයි. ජැක් වීමට ලක්වීම මඟින් යම් කිසි කාන්තාවන් පිරිසක් තෘප්තිය ලබන්නා සේම එවැනිම විශාල කොටසක් එමඟින් අතවරයට භාජනය වන බව ඔවුන් අමතක කර දමා ඇත.

අනෙක් අතට කාන්තාව එයට කැමති දැයි, නැත්දැයි යන්න දැන ගැනීම සඳහා ද එක්තරා දුරකට එම ක්‍රියාවෙහි නිරත විය යුතු බැවින්, එම ප්‍රතික්ෂේප කරන අවස්ථාව දක්වා ඔවුන් අතවරයට ලක් කර, කාන්තාව අකමැති අවස්ථාවේදී  ස්වේච්ඡාවෙන් ඉන් ඉවත්වීමට පිරිමින් වෙත කුමන පනතකින් කුමන ආකාරයට නීතිමය නිදහසක් දී ඇත්දැයි දැන ගැනීමට අපිත් කැමතිය.

සඳහන් කළ යුතු විශේෂ කාරණයක් වන්නේ කාන්තාවන් හැරුණු කොට පොදු ප්‍රවාහන සේවයේදී ලිංගික තෘප්තියක් ලැබීම විනෝදාංශයක් කරගත් පිරිස නිසා ළමයින් හා තරුණ පිරිමි ළමුන් රාශියක් ද එවැනිම අතවරවලට ලක්වන බවයි. බොහෝ විට ඔවුන් ගැන සමාජයෙන් කිසිම සංවේදී බවක් එල්ලවන්නේ නැත. අතවරවලට ලක්වන්නේ කාන්තාවන් පමණක් බව අප සමාජයේ බහුතරයකගේ මතයයි.

මෙවැනි දෑ මුලිපුටුනා දැමීම ලංකාව වැනි දියුණුවෙමින් පවත්නා සමාජයක් පවතින රටක අතිශයින් අපහසු කටයුත්තක් බවට සැකයක් නොමැති අතර අපගේ අදහස වන්නේ එමඟින් අතවරයට ලක්වන පිරිස අවම කර ගැනීම සඳහා එයට විරුද්ධව සමාජමය මතයක් ඇති කිරීමයි. එය ඇති කිරීමට කල යුතු සටන අතිශයින්ම අසීරු බව පෙනී යන්නේ ඉහත දැක්වූ ආකාරයට උගත් යැයි සම්මත සමාජයේ පිරිස්ද මෙවැනි අපචාරයන් අනුමත කරමින් කථා කරන වටපිටාවක අප ජීවත්වීම නිසාය.

*******************************************************

එහි අතුරු ප්‍රතිඵලය වූ සංවාදයට ලක්වූ සටහන්වලින් කිහිපයක් රචනා කරන ලද බ්ලොග්කාරියව පිරිමි බ්ලොග්කරුවන් පිරිසක් විසින් ඩීඩොස් ** ඇටෑක් එකක් කර අඩපණ කර දැමීමට තැත් කිරීමද අතිශයින්ම පිළිකුල් සහගත පුරුෂෝත්තමවාදී ක්‍රියාවකි. එතරම් පහර දීමකට ලක්වීමට තරම් “අපරාධයක්” එම බ්ලොග්කාරියගේ අදාල සටහන්වල පිටකොටුව විසින් නොදකින ලද අතර මතවාදී ස්වරූපයකට එහා ගිය පළිගන්නා ස්වරූපයකින් අදාල බ්ලොග්කරුවන් හැසිරී ඇති බව මැදිහත්ව කරුණු නිරීක්ෂණය කළ ඕනෑම අයෙකුට පෙනී යයි.

* ජැක් ගැසීම – පොදු ප්‍රවාහන සේවයක ගමන් කරන කාන්තාවකගේ / පිරිමියකුගේ ශරීරය ස්පර්ශ කිරීමෙන් හෝ තමන්ගේ ශරීරය ඔවුන්ට ස්පර්ශ වීමට සැලැස්වීමෙන් ලිංගික තෘප්තියක් ලබා ගැනීම

ජැක් වීම – ඉහත ක්‍රියාවට ලක්වීම

** DDOS – Distributed Denial Of Service – සංවිධානය වූ හැකර්වරු රාශියක් විසින් ස්ථාන  රාශියකින් විශාල දත්ත ප්‍රමාණයක් එකවර යොමු කර වෙබ් අඩවියක් අකර්මන්‍ය කිරීම හැඳින්වීමට මේ යෙදුම පරිගණක විද්‍යාවේදී භාවිතාවේ. (ඉහත භාවිතා කර ඇත්තේ වටකර පහරදීමක් යන තාක්ෂණික නොවන අරුතිනි)

********************************************************

(කොමෙන්ට් කිරීමට කිසිදු වාරණයක් නැති අතර කොමෙන්ට් වලට පිළිතුරු දීම පිළිබඳව සහතික විය නොහැකි බව පමණක් කාරුණිකව පාඨකයන් වෙත මතක් කරමි )

Advertisements
This entry was posted in Uncategorized and tagged , , , , , , , , , , , , , . Bookmark the permalink.

12 Responses to ජැක් ගැසීම, ජැක් වීම‍:, කාන්තාවට හා පුරුෂයන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ අතුරු කථා

  1. මාරයා... පවසයි:

    මේකට වැටෙන කමෙන්ට් ටිකත් බලමු එහෙනම්…

  2. Indranama පවසයි:

    අනෙක් අතට කාන්තාව එයට කැමති දැයි, නැත්දැයි යන්න දැන ගැනීම සඳහා ද එක්තරා දුරකට එම ක්‍රියාවෙහි නිරත විය යුතු බැවින්, එම ප්‍රතික්ෂේප කරන අවස්ථාව දක්වා ඔවුන් අතවරයට ලක් කර, කාන්තාව අකමැති අවස්ථාවේදී ස්වේච්ඡාවෙන් ඉන් ඉවත්වීමට පිරිමින් වෙත කුමන පනතකින් කුමන ආකාරයට නීතිමය නිදහසක් දී ඇත්දැයි දැන ගැනීමට අපිත් කැමතිය.

    100%ක් එකඟයි.

  3. pissa palaamalla පවසයි:

    කමෙන්ට්ස් දිහා බලන් ඉන්නම්කො

  4. චමිල පවසයි:

    ඒ පෝස්ට් එක කියවල මට ආපු අදහස දාගන්ඩ වෙලාවක් නැතුව හිටියෙ. ඒ අදහසම මෙහෙම වෙනම පෝස්ට් එකකින් දැමීම ගැන ස්තූතියි.
    100%ක් එකඟයි.

  5. බුරු බබා පවසයි:

    සිදුවීම් පෝස්ට් නොකියවූ නිසා ටිකක් විතර තේරුම් ගන්නේ නෑ වෙන්න ඕනේ මම.
    ඒත් ඔබේ ලිපිය සමග බොහොමත්ම එකතුයි.
    මා විදේශිකයෙක්ම නොවුනත් ලංකාවට ආ හැම විටකම පොදු ප්‍රවාහන සේවාවාක් භාවිතා කරන්නත් භය වෙන්න මූලික හේතුව මේ වගේ දේවල් වෙන්න ඕනේ. එක දවසක් මෙහෙම ජැක් ගසන්නෙකුට බලාගෙන ඉඳලා බැනපු විදියටත් එවෙලේ මම ස්ට්‍රෙස් වෙච්ච විදියටත් පස්සේ බස් එකටම සුද්දියක් හැදියාවන් ගැන කතා කිරීම වගේ මැජික් වැඩක් වුන හින්දා මම එතනින් එහාට බස් වල ගිහින් නෑ.
    අසහනකාරයෝ බිහි වෙන්න අපේ සමාජයත් වගකිවයුතුයි කියලා මාත් හිතනවා. ඒත් ඔය තරම් අමාරුවක් තියෙනවා නම් මේ කෙලින් හිටගන්න බරි තරම් මහන්සි වෙලා ගෙදර යන්නේ කොයි වෙලාවෙද කියලා බලාගෙන නඟින බස් එකෙත් මේ වගේ අසහනකාරයෝ ඉන්න එක නම් ලොකු අසහනයක්…..

  6. දුකා පවසයි:

    පොදු ප්‍රවාහන සේවයකදී ජැක් ගැසීම හෝ ගස්සවා ගැනීම ගැන මගේත් ඇත්තේ බලවත් විරෝධයක් . . .

    හොඳ ලිපියක්.

  7. කොග්ගල කොල්ලෙක් පවසයි:

    මම ජැක් ගහන්න ගිහින් නම් නෑ. ඒත් සමහර කොන්දො නිසා කරන්න දෙයක් නැති වෙලා තියෙනවා. අනික මම ඉස්කෝලෙ යද්දි ගියේ ගාමන්ට් අක්කලා යන බස් වල. උන් මට කරපු අතවර මම ආතල් එකේ විඳ දරා හිටියේ ඒක මට කරදරයක් නොවන නිසා.

  8. මනුස්සකම පවසයි:

    මේක ලංකාවේ පමණක් නොව වෙනත් රටවලත් සිදුවන දෙයක් පාලනය කරගත නොහැකි මානසික ආතතිය තමයි මේ සිද්ධියට මුල් වෙන්නෙ ස්ත්‍රීන් හා මිරිමින් අතර ස්වාභාවිකව ඇති වන ආකර්ශනය එකිනෙකා යමි අවස්ථාවක ස්පර්ශ වීම තුලින් ස්මතුවීමට පටන් ගනුලබයි එය සමාජයෙන් නින්දා අපහාස එල්ලවෙතැයි බියෙන් සමහරුන් කෙසේ හෝ පාලනය කරගනිති ඒසේම ඇති තරම් ලිංගික තෘප්තිය ආදරය දයාව නිබද ලැබේ නම් එම තත්වය මානසිකව පහසුවෙන් පාලනය කිරීමට හැතතියාව ඇති අතර එසේ නොවන අවස්ථා වලදී බොහෝ දෙනා මෙවන් ප්‍රාථමික මට්ටමේ සහනයක් හෝ බලාපොරොත්තු වෙති සධාචාරයට පටහැනි වුවත් මෙම ක්‍රියාව සාධාරණි කරණය කල නොහැකි වුවත් විවිධත්ව නිතරම අගය කරන මිනිසාට එමෙන් විවිධ වූ අදහස් දරණ පුද්ගලයින් සහිත සමාජයකදී සහමුලින්ම මෙම තත්වයන් තොර කළ නොහැකි බව අප වටහා ගත යුතුය නමුත් ඉස්සර බස්වල සිගරට් බිව්ව දැන් බොනවද නෑ නේ ඒ වගේ මේ තත්වයන්ට නීතියෙන් යම් දැඩි ප්‍රථිපත්තියක් අනුගමනය කළොත් යම් තාක් දුරට හෝ පාලනය කරගත හැකි බව මගේ අදහසයි….

  9. gamini පවසයි:

    පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ කාන්තා සමලිංගික හිංසනය

    වර්තමානයේත් පේරාදෙණියේ මේ ලිංගික අතවර තියනවා. සමහර ජ්‍යෙෂ්ඨ සිසුවියන් නවක සිසුවියන්ව බලහත්කාරයෙන් සම ලිංගික සේවනයට යොදවා ගන්නවා. මේ වින්දිතයන් ඊළඟ වසරේ එන නවක සිසුවියන්ට ලිංගික අතවර කරනවා. මේක හරියට විෂම චක්‍රයක්. සමහර අතවර පුවත් පත් වල ලිවීමට පවා බැහැ. ඒතරම් අශ්ශීල දේවල් මේ විශ්ව විද්‍යාලයේ සිදුවෙනවා. කවුරුත් මේ ප්‍රශ්න ගැන ලියන්නේ නැහැ.

    read more

    http://andarademala.blogspot.com/2012/02/blog-post.html

  10. i dont know පවසයි:

    ජැක් නැවැත්වීමෙන් බස් කාරයන්ට අලාභවේ

  11. Buddhika Anuradha පවසයි:

    ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් – විකසිත සින්ඩිය. (info@vweb.lk)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )