මෙන්න ගන්න ආසනික් ——–

ආසනික් කථාව කරළියට පැමිණ දැන් කලක් ගතවී ඇත. කලින් විද්‍යාව කරන්නන් පමණක් ගෝචරවූ ආසනික් නැමැති මූලද්‍රව්‍යය හෝ රසායනිකය දැන් පේව්මන්ට් එකේ හා කඩපිළේ ද කතා බහ කරන මාතෘකාවක් වී ඇත.

විද්‍යාඥයෝද, විද්‍යාර්ථීහුද දෙපිළ බෙදී ආසනික් ගැන සංවාද කරති. කෙසේ නමුත් රජරට මියයමින් පවතින හා මිය යාමට නියමිත වකුගඩු රෝගීන්ට සහනයක් සැලසෙන ආරංචියක් තවම ලැබී ඇත්දැයි සැක සහිතය.

ජලයේ හෝ හාලේ හෝ පසේ හෝ ආසනික් පැවතීම පිළිබඳ සත්‍ය අසත්‍යතාවය පැත්තකින් තැබුවත් මේ ආසනික් කථාව කරළියට පැමිණීම නිසා සිදුවූ අයහපතට වඩා යහපත විශාලයි. ඉන් ප්‍රධාන වන්නේ උවදුරට ලක්වූ ජනතාවගේ කථා පුවතට ලැබුණ අසමාන්‍ය ප්‍රචාරයයි. මෙවැනි උවදුරක් පවතින බවටත්, එයට පිළියමක් මෙතෙක් නොලැබී ඇති බවත් යන සත්‍යය ජන සමාජයේ කථා බහට ලක් වීම වැදගත්ය. මන්ද අසරණවූ වකුගඩු රෝගීන්ට සාධාරණයද, යුක්තියද, ජීවිතය ද ලබා දිය යුතු බැවිනි.

කෘමිනාශක වල ආසනික් ඇතැයි කීමෙන් පසු නටන ලද නෙයියාඩගම සැක කටයුතුය. කැළණිය පර්යේෂකයන් භාවිතා කළ ක්‍රමවේදයත්, නාථ හෝ වෙන මොනයම් දෙයියෙක්ගේ මැදිහත් වීමද පැත්තකින් තැබුවත් අදාල කතිකාව මතුවීමෙන් පසු වගකිවයුත්තන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ අපට කිසිම පැහැදීමක් නැත.

දනි පනි ගා සියළු වෙළඳ තරඟයන් නවතා එකමුතුවූ කෘමිනාශක වෙළෙන්දන් දැන් කියන්නේ කාර්මික හා තාක්ෂණ පර්යේෂණ ආයතනයේ සිදු කළ පරීක්ෂණද ඔවුන්ට පිළිගත නොහැකි බවය. කොටින්ම කියන්නේ නම් ලංකාවේ කිසිම පර්යේෂණාගාරයක කරන ලද පරීක්ෂණ නිරවද්‍ය බවට ඔවුන් නොපිළිගන්නා බවයි. දැන් මේ කෘමිනාශක වෙළෙන්දෝ රටේ නීතියත් අභියෝගයට ලක් කරන තරම් බලවත්වී ඇත. දේශපාලකයෝද ඔවුන්ගේ පැත්තේය.  කැළණිය පර්යේෂකයන්ට විරුද්ධ නඩු පවරන බවට ගෝරනාඩු කළත් නඩුවක් ෆයිල් නොකරන බව ඉරහඳ සේ ඒකාන්තය.

පර්යේෂණ ක්‍රමවේදයන්  හෝ දේව මැදිහත්වීම පසෙක තබා බැලූ විට අපට පෙනෙන විදියට නම් කැළණිය පර්යේෂකයන්ගේ නිගමනයට හොඳ තාර්කික පදනමක් ඇත. වකුගඩු රෝගය රජරට ගිලගත් කාල රාමුවත්, කෘමිනාශක වෙළෙන්දන්ගේ අලෙවි ඉතිහාසයත්, කෘමිනාශක-පස හා ජලය යන ත්‍රිත්වයේ සංයෝගයෙන් වකුගඩු මාරයා පහළ වන බවටත් ඔවුන් දක්වන අදහස බැහැර කරන්නට ඉඩ නොදිය යුතු බව අපේ අදහසය. අනෙක් අතට එයට අභියෝග කළ යුත්තේ බයිලා ගැසීමෙන් නොව එම නිගමනයන් නිවැරදි නොවන බවට පිළිගත හැකි පර්යේෂණාගාර සාක්ෂි ඉදිරිපත් කිරීමෙනි. ඔවුන්ගේ ක්‍රමවේදයන් වැරදි නම් එහි සාවද්‍ය බව නිවැරදි ක්‍රමයකින් ඔප්පු කර පෙන්වීමය.

පර්යේෂණ කිරීම සඳහා මෙරට යන්ත්‍ර සූත්‍ර ප්‍රමාණවත් නැති නම් පිටරටින් ගෙන්නනවාට කවුරුවත් විරුද්ධ වන්නේ නැත. කෘමිනාශක වෙළෙන්දන් පිටරට “ස්වාධීන” ආයතනයකින්ම පරීක්ෂණයක් ඉල්ලා සිටින්නේ ඇයි? (අපි නොදන්න ස්වාධීන පරීක්ෂණ ආයතන)

සරල සත්‍යය නම් වැඩේ යම් කිසි විදියකින් පත්තු වී ඇති බවත්, එය වසා දැමීමට බහුජාතික බූවල්ලන් එක පෙළට සිට ගෙන සන්ධාන ගතවී ඇති බවත්ය. අනෙක් අතට රටේ ප්‍රශ්න මතුවීම පාලකයන්ට ගැටළුවකි. රජරට වැසියෝ වකුගඩු රෝගයෙන් මියයාම අදාල අයගේ ඥාතීන්ට පමණක් දැනෙන රටට නොදැනෙන ගැටළුවකි. එනමුත් ආසනික් කථාබහද එමඟින් කෘෂිකාර්මික නිෂ්පාදනයන්ට සිදුවිය හැකි බලපෑම් ද ජනතාවටද එමඟින් ආණ්ඩුවටද දැනෙන දෑය. එබැවින් ප්‍රශ්නය යට යනවාට ආණ්ඩුවද පැනලා කැමතිය.

ලෝකයේ ඕනෑම තැනකින් ඕනෑම දහජරාවක් ගෙනවිත් රිසිසේ විකුණන්නට අපගේ මව්බිමේ “ප්‍රජාතාන්ත්‍රවාදී” නිදහසක් ඇත. (අවශ්‍ය නම් අවශ්‍ය තැන්වලට මුදල් ටිකක් පොම්ප කිරීම එම කටයුතු නිදහසේ දිගටම කරගෙන යාමට පහසුවකි) වකුගඩු බැරිනම් ඕන අවයවයක් නරක්වී අනුරාධපුරයේ ගොවි පවුල්වල එවුන් මලාට කොළඹ ඉන්න අපිට පාන්ද? අපි කෘමිනාශක වෙළෙඳ කොම්පැණියක සුදු කර පටි රස්සාවක් කරමින් ආසනික් විකුණමින් සුවසේ ජීවත් වෙමු.

ආමෙන් !!!!!!!!!!!!!!!!!!!!!

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , , | ප්‍රතිචාරයක් ලබාදෙන්න

දොස්තර සංගමයට රෙද්දක් අවශ්‍යවී තිබේ !!!!!!!!!

ප්‍රවෘත්තියක් : නර්ස් කාමරයට රිංගුවායැයි දොස්තරලා වර්ජනයේ

අපෙ දොස්තරලා ලැගල හිටපු කාමරේ
හෙඩ් නර්ස් ඇවිත් ඇල්ලුවාලු ජරමරේ
ලොක්ක ඇවිත් දොස්තරලගේ සංගමේ
පටන්ගත්ත කරල පුරුදු වර්ජනේ

කේස් එක වුනේ පොළොන්නරුව රෝහලේය. දුක් විඳින්නේ කුරුණෑගල, අනුරාධපුරය රෝගීන්ය.

පොළොන්නරුවේ කාමරයක කේස් එකකට කුරුණෑගල රෝගීන්ට වද දෙමින් වර්ජනය කරන්නට තරම් ලංකාවේ වෛද්‍යවරු අඳබාල පිරිසක් බවට පත් වූයේ කෙසේද?

එකම රෝහලේ කුලල් කා ගන්නා මෙවන් සෞඛ්‍ය වෘත්තිකයන් පිරිසක් සිටිද්දී අපේ සෞඛ්‍ය සේවයේ අනාගතය කුමක්ද?

Posted in Uncategorized | එක් ප්‍රතිචාරයක්

සීනුව හැඬවෙන්නේ ඔබේ මරණය වෙනුවෙනි !!!!!!!!!!!!!!

කවදා හෝ කප් එක ගහනා තුරු අපි ඔබට දුක උරුම කර දෙන්නෙමු.

ජෙප්පන් නැවත වරක් පාරට බැස ඇත‍. ඒ සඳහා මූලික අවශ්‍යතාවයක් සම්පූර්ණ කර ගැනීමට හැකිවීම ඔවුන් ලත් භාග්‍යයකි.

ජෙප්පෝ නැමැති මේ සමාජවාදී දේශපාලන ව්‍යාපාරය රෝහණ විජේවීර විසින් බිහි කල දා පටන් එය මේ රටේ ජනතාවට තිලිණ කර ඇත්තේ කඳුල, භීතිය, මරණය, ත්‍රාසය හා අපේක්ෂා භංගත්වය පමණි. එය මෙරට සියළු ධනවාදී ආණ්ඩු නිසා ජනතාවට හිමිවූ සියළු දුක් දොම්නස් අභිභවා යයි. එපමණක් දුක් දොම්නස් ලබා දී වුවද අන්තිමට ලබා ගත් හූනු බිකක ජයග්‍රහණයක් නැත. ජයග්‍රහණය යනුවෙන් අදහස් කලේ ජෙප්පන්ගේ දේශපාලන ජයග්‍රහණ නොව ඔවුන්ගේ ඊනියා දර්ශනය වන ජනතාවගේ ජීවිතය යහපත් කිරීම නම් ජයග්‍රහණයයි.

ඒ අනුව පෙනී යන්නේ ඔවුන්ගේ මෙම දවල් සිහිනය සැබෑ වන තුරු මෙරට ජනතාවට තවදුරටත් නොනවතින දුක් කන්දරාවක් උරුම කර දීමට ඔවුන් සිතා සිටින බවයි. මන්ද ජෙප්පන්ගේ නායක කාරකාදීන් තවමත් සිතන්නේ පවතින ආණ්ඩු අස්ථාවර කිරීමෙන් රටේ අවුල් වියවුල් ඇති කිරීමෙන් රටේ බලය ඇල්ලීමට පොටක් පාදා ගැනීමට ඔවුන්ට හැකි බවය.

කරුමය වන්නේ එය කිසිදා සැබෑ නොවන සිහිනයක් බව ඔවුන්ට නොතේරීමය. එමඟින් ලැබිය හැකි උපරිම ප්‍රතිඵලය වන්නේ ශ්‍රී ලංකා වීසිවී යූ.එන්.පි ය බලයට පැමිණීම හෝ යූ.එන්.පි. ය විසිවී ශ්‍රී ලංකා එක බලයට පැමිණීමය. රට අස්ථාවර වීමය. ධනවාදී සංවර්ධනය ද ඇණහිටීමය. දුප්පතා කබලෙන් ලිපට වැටීමය.

සමාජවාදය නැමැති සිහින සයුරේ ගිලී සිටින මෙම දේශපාලන ව්‍යාපාරය අපේක්ෂා භංගත්වයට පත්වූ තරුණ පිරිසට ස්වකීය තරුණ විය ගෙවා දැමීම සඳහා නවාතැනක් සපයා දෙනු ලබයි. මෙම අපේක්ෂා භංගත්වයට පත් නායකයන් විසින් මොළ සෝදා දැමූ තරුණ පිරිස ඕනෑම ජල්තරස් වැඩක් සඳහා මොහොතකින් කැඳවීමට ඔවුන්ගේ නායකත්වයට හැකිය. අද කොටුව උද්ඝොෂණයේ යෙදී සිටින තරුණ භික්ෂු පිරිසද මේ පිරිසේ නියෝජනයකි.

මෙම තරුණ පිරිසේ අති බහුතරයක් ජීවිතයේ මැදි වියට එළඹීමේදී මේ දේශපාලන ව්‍යාපාරයේ ස්භාවය වටහාගෙන ඉන් ඉවත් වෙති. (එයින් බහුතරයක් ඉන්පසු පත්වන්නේ ධනවාදීන්ගෙත් ධනවාදීන් බවටය. එනම් බල්ලෝ මරා හෝ සල්ලි හොයන පිරිසක් බවටය) ඉතුරු කොටසින් ද සියල්ලම පාහේ ජීවිතයේ සැදෑ සමයට එළඹෙත්ම වෙහෙසට පත්ව ඉන් ඉවත් වෙති.

ජෙප්පන්ගේ දේශපාලන ශක්තිය රඳා පවතින්නේ මේ පීඩිත අපේක්ෂා භංගවූ සුළු තරුණ පිරිස මතය. පොදු සමාජයේදී කවුරුවත් දැන් ජෙප්පන් ගහන පෝස්ටර සත පහකට ගණන් ගන්නේ නැත. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ යා හැකි උච්චස්ථානයට ළඟාවූ ඔවුන් දැන් එහි අවසානයට ලඟාවී සිටියි.

දැන් ඉතිරිව ඇති එකම විකල්පය වන්නේ නැවත ආයුධ සන්නද්ධ අරගලයකට එළඹීම පමණි. ජෙප්පන්ගේ දේශපාලන තීරණවල අමනෝඥභාවය ඵෙතිහාසිකව සලකා බැලූ කල මේ සඳහා නැවත එළඹීමට ඔවුන්ට ඇති අවශ්‍යතාවය නොසලකා හල නොහැක. සිදුවී ඇත්තේ ඒ සඳහා අවශ්‍ය ශක්තිය ගොඩ නඟා ගැනීමට ඔවුන්ට නොහැකි වීමයි. අනිත් පසින් එල්.ටී.ටී.ඊ ය වැනි සුපිරි මිලිටරි හමුදාවක් සමූල ඝාතනය කල හමුදාවක් සමඟ සටන් කිරීමට සැරසීම කළුගලේ ඔළුව ගසා ගැනීමකි.

ඉතින් අමරසිංහලා වැටී සිටින තැන හැටියට ඔවුන්ට තවදුරටත් වැටීමට තැනක් නැත. එයින් ගොඩ ඒමට පොටක් පාදා ගැනීමට ඔබේ ජීවිත වලට ඕනෑමට දුක් කඳුලක් උරුම කර දීමට ඔවුන් පසුබට වන්නේ නැත. කරුමෙට ඔවුන් මේ සියවස තුල නම් (වසර 3000 දක්වා) බලයට පත්වන්නේත් නැත. ඔවුන් ඔබට තිළිණ කරන්නේ දුක් කම්කටොළු කඳුළු පමණි. (මිනුවන්ගොඩ රොෂේන්ගේ පවුලේ සාමාජිකයන්ට මෙන්) එබැවින් ඔබත් සමාජවාදී සිහිනය දකින්නෙකු වුවත් ඔබේත්, ඔබගේ දරුවාගේත්, මුණුපුරාගේත් ජීවිත ගැන සිතාවත් ජෙප්පන්ට හුරේ දැමීම ගැන මොහොතක් සිතා බලන්න.

යූ.ඇන්.පී, ශ්‍රී ලංකා, හෙළ උරුම, සමසමාජ, කොමිනියුනිට්, ලිබරල්, වාම ආදී එකී නොකී ඕනෑම දේශපාලන පක්ෂයක් ඔවුන්ට වඩා යහපත්ය. මිනිස්සු ගස් බඳින, කප්පම් ගන්නා මැරවින් ලා වත් ඔවුන් තරම් ඔබේ ජීවිතයට අයහපත ළඟා කරන්නේ නැත.

JVP, PLEASE GO TO HELL BROTHERS !!!!!!!!!!!!!!!!!!!!!!1

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , , , | ප්‍රතිචාර 5

(පිටකොටුව කොමෙන්ටුවක්) ඇමරිකාවට අත නොතබනු !!!!!

අරුණි ශපීරෝ වෙතින් බ්ලොගයේ පළ කළ කොමෙන්ටුවක කොපියකි.

// ගමක ජීවත්වන මට ඇමෙරිකාවේ දී තුඹ කරවිල, මුකුණුවැන්නා, දඹල සමඟ බාස්මතී බත් කා, අනගි ලංකා තේ කෝප්පයක් ටිකිරි මාරි විස්කෝතුවක් සමඟ කන්නට හැකි ආකාරය නොදකියි. බල්ටිමෝරයේ දී අවන්හලකට ගොඩ වැදී උණු කොත්තමල්ලි වීදුරුවක් පානය කළ හැකි ආකාරය නොදකියි. 2011 දී එය ඩොලර් දෙකයි පනහකි. 2008 දී ඔඩෙල් වෙළඳ සංකීර්ණයේ තේ කොප්පයකටත් ඩොලර් දෙකයි පනහක් ගෙවූ බව මතකයි. //

අරුණිගේ ලියමන් අර කවුරුදෝ කීවාක් මෙන් දැන් දැන් වඩ වඩා හාස්‍යජනක තත්වයකට ඇද වැටෙමින් පවතී. මෙවැනි සිල්ලර කරුණු ගෙන හැර පෑමෙන් අරුණි බලාපොරොත්තු වන්නේ කුමක්ද? (අරුණි facts වලින් කරන විකාර සහගත රංගනය ගෙන හැර පෑමට මේ තරම් හොඳ උදාහරණයක් තවත් කුමටද?)

මාකට් එකක් තිබේනම් ලංකාවේ කාන්තාවන් පාවිච්චි කර ඉවතලන ජංගි වුවත් චිකාගෝ වල විකුණන්නට හැක. බල්ටිමෝර් අවන්හලේ කොත්තමල්ලි විකුණන්නට ඇත්තේ ඒවා බොන එවුන් ඇමරිකාවේ ඉන්න නිසාය. නැත්නම් කොත්තමල්ලි ගෙනවුත් ප්‍රදර්ශනයට තබා ගන්නට තරම් කඩ කාරයාට ** අමාරුවක් තිබෙන්නට විදියක් නැත. වෙළඳපල ආර්ථිකයක් ඇති රටක මාකට් එකක් තිබේනම් (නීති විරෝධී නොවන) ඕනෑම දෙයක් කඩේ තියා විකුණන්නට හැකි බව ඇමරිකන් ඇන්ටි නොදනී. ඇමරිකාවේ විතරක් නොවේ ලො‍කේ කොහේත් එනම් ලංකාවේත් ඒක එහෙමය.

කරුමෙට ඇන්ටි බැල්ටිමෝර්වල අවන්හලේ මිල සංසන්දනය කරන්නේලංකාවේ සුපිරි පාංතිකයන් සඳහා වෙන්වූ ඔඩෙල් එකත් සමඟය. නැතුව රේණුකා ඔසුපැන්හල සමඟ නොවේ. ඒ සැසඳීමම කොතරම් සත්‍යය විකෘති කිරීමක්දැයි මො‍හොතකට බලන්න.

සමාන උදාහරණයකින් පැහැදිලි කරන්නේ නම්, පිටකොටුව ඉස්ටේසම ඉස්සරහා කඩේකින් රු. 30 පළතුරු බීම එකක් බොන රවී උපහාසයෙන් මෙහෙම කියයි. “මන් දවසක් හබරණ අහවල් හෝටලෙන් (තරු පන්තියේ එකකි) මේ වගේම එකක් බිව්වා රු. 250 ක් වුනානේ. පළතුරු හැදෙන ගමට වැඩිය කොළඹ පළතුරු කොච්චර ලාබද”.

ඇමරිකාවේද මිල අධික සුපිරි අවන්හල් ඕනෑ තරම් ඇති බව අරුණි නොදන්නවා නොවේ. නමුත් අරුණිගේ ලිපියේ අරමුණ ඇමරිකාවේ ගුණ ගායනය නිසා අරුණි ටක්කෙටම හරියන දේ ‍‍තෝරා ගනියි. ඩොලර් 2.50 ක් දී ඔඩෙල් එකෙන් කොත්තමල්ලි බොන්නට තරම් අපට පිස්සුවක් නැත්තේ අරුණිද ඇමරිකා‍වේදී බ්‍රැඩ් පිට්ලා, ඇන්ජලීනා ජොලීලා කන මිල අධික සුපිරි අවහන්හල්වලින් කෑම නොකන බවට අපිට නිකමට හිතෙන නිසා නොවේ.

——————————————————————————

එහෙත් වැඩේ අරුණි හිතන තරම් දැන් ලේසි නැත. මොකද අලි ගහණ කැලෑවේ ඉඳගෙන හිස් අහස ලියන සඳරූලාටද දැන් ඉන්ටර්නෙට් තිබෙන නිසාය. ඇමරිකන් කාරයා රට ඇතුලේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් ඇතැයි ලෝකෙට පරකාසේ දමමින්, ලෝකේ වටා කරන බිහිසුණු කුමන්ත්‍රණ ගැන (විකීලීක්ස් නොකියවාම) අද දවසේ ලංකාවේ පොඩි දරුවොත් දන්නා නිසාය. හෙට දවසේ ඉරාකයේ කාර් බෝම්බයකින් මැරෙනා පොඩි එවුන් ඇතුළු දෙතුන් සීයක් දෙනාගේ මරණවලට කාලකණ්ණි ඇමරිකන්කාරයා වගකිවයුතු බව දන්නා නිසාය. සමූලඝාතක අවි නිපදවූ ඒකාධිපතියා (අන්තිමට සොයා ගත් අවියක් නැත. CIA කාරයා මාර දක්ෂය ඇමරිකාව ඉරාකයට පහර දුන්නේ සමූලඝාතක අවි කතන්දරය නිසා මිස සදා‍ම් ඒකාධිපතියෙක් වූ නිසා නොවේ. ඔසාමා මෙන්ම සදාම් ද ත්‍රස්තවාදය ලොව පතුරවන අංක එකේ ත්‍රස්තවාදියාවූ ඇමරිකාවේ කලින් ගජ මිතුරන්ය) රජ කරන කාලයේදී ඉරාකයේ මිනිසුන් මෙසේ බල්ලන් බලලුන් මෙන් මහමග මිය ගියේ නැත. ඒ ‍ඇමරිකා‍ව ලෝකයේ ස්ථාපිත කරමින් යන සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයේ නූතන කථා පුවත්ය. ඉතිහාසය ඊට වඩා ජුගුප්සාජනකය.

ප්‍රභාකරන් නැමැති බිහිසුණු ත්‍රස්තවාදියා ඇතුළු රැලම සමූහ ඝාතනය කර නිදහසේ ඉන්නා අපට බැන් කී මූන් ලවා වාර්තා හදමින් බැටේ දෙන්නට හදන්නේත් නැවතත් ලංකාව අස්ථාවර කර ලේ විලක් කිරීමට එම බල තන්හාධික දේශයට අවශ්‍යව ඇති බැවිනි. ලෝකේ කොහේ හෝ තමන්ට අවනත නායකයෙක් සිටී නම් ඔහු මිනී කීයක් මැරුවත් ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් පමණක් සෑහීමකට පත්වී අහක බලාගෙන සිටින්න්නේත් තමන්ට අවනත ‍නොවන නායකයෙක් එක මිනියක් මැරුවත් ටොන් ගණන් බර මිසයිල පතිත කිරීමටත් තරම් ලෝක පොලිස්කාරයා සාධාරණ බව දන්නා බැවින් ජාතියක් ලෙස එකමුතු වීම මේ මොහොතේ අවශ්‍යය.

හැමදේටම “ෂා නියමයි අරුණි අක්කේ” කියා ප්‍රශස්ති ගයන අපේ කෝකටත් හොඳයි කියන බ්ලොග් මල්ලිලා නංගිලා (එයාලාට හැමදේම ෂෝක්ය. ෂෝයි බබාලා.) අනුකරණය කිරීමට නිකමට හිතුන බැවින් පිටකොටුවද මෙසේ කියයි.

“නියමයි අරුණි, සුපිරි පෝස්ට් එකක්” 🙂

Posted in Uncategorized | ප්‍රතිචාර 7

රන්වාහිනී සමීකරණය නොහොත් දයා රෝහණ අතුකෝරල කියා නොදුන් ධනවත්වීමේ සුපිරි මං නොහොත් නූතන සේරිවාණිජ ජාතකය !!!!!!!!!!!!!!!!!

රන්වාහිනී ලව් ඇට් 9 නිව්ස් වල ගෝල්ඩ් ස්පොන්සර්ලා ලංකාවේ  අති වැඩකාර වශී ගුරුකම් කාරයෝ නොවේ.

ස්පොන්සර්ලාගේ සල්ලි වැටෙන්නේ රන්වාහිනී එකවුන්ට් එකට නොවේ.

වශී ගුරුකම් කාරයන්ගෙන් නොනැවතී ගබ්සා මුදලාලිලාගේ ඇඩ් දැම්මත් එය නූතන මාධ්‍ය සදාචාරය වේ.

රන්වාහිනිය ගලේතැන්නේ හොර කපුවාට නොමිලේම නිව්ස් වලින් ප්‍රචාරය නොදෙයි.

කලාකරුවන් කොටවමින් මරා ගන්නට සලස්වමින් රියැලිටි වැඩසටහන් පවත්වන්නේ රන්වාහිනිය නොවේ.

ගලේතැන්නේ හොර කපුවා බැතිමතුන්ට දේව පූජාව සඳහා ගෙන එන ලෙස නිර්දේශ කරන්නේ රන්මහල් ගෝල්ඩ් හවුස් රත්තරන් පවුම් (නියම කැරට් 22) නොවේ.

රන්වාහිනී ලාභ ලබන විට තර වෙන්නේ සත්ගුණවත් මාසෝ මැතිනියගේ එකවුන්ට් එක නොවේ.

සරණ ජන හරහා මහා සමාජ සේවයක් කරමින් මාසෝ මැතිනිය බෙදා දෙන්නේ මෙසේ අසාධාරණව ඉපැයූ සල්ලි නොවේ.

වශී ගුරුකම් කාරයන්ව ප්‍රමෝට් කර අසරණ මිනිසුන් බිලි බා ගැනීමට ඉඩ දීම වැනි තුට්ටු දෙකේ බිස්නස් මාසෝ මැතිනිය කවදාවත් කරන්නේ නැත.

පෝය දාට බලා හිතෙන්නට ආස හිතෙන බණ පෙන්වන රන්වාහිනියම බොරුවද, බෙලි කැපීමද, මරා ගැනීමම රජ කරන මෙගා වැඩසටහන්ද ලවින් ස්ටාර් වැනි ලස්සන වැඩසටහන්ද ප්‍රචාරය නොකරයි.

අතිශය ගරු කටයුතු මාධ්‍ය සදාචාරයක් ප්‍රකට කරන රන්වාහිනිය මිනිසුන් වැරදියට පාර පනින එකේ වැරැද්ද නිව්ස් වලින් ටක්කෙටම පෙන්වා මිනිසුන් යහමඟට ගැනීමට කටයුතු කරයි.

ගරු කටයුතු විර්මන් තුමා අමාත්‍ය තනතුරේ තබා ගෙන සිටින රජතුමා හා සමතැන් ගනිමින් මාසෝ මැතිනිය විර්මන් මැතිතුමා තමන්ගේ මාධ්‍යයෙන් පුම්බා වීරයෙක් කිරීමට කටයුතු කර නැත. එබැවින් එතුමිය විර්මන් මැතිතුමාගේ කප්පම් එකතු කිරීම වැනි සමාජ විරෝධී කටයුතු වලට අනුග්‍රහයක් දක්වා නැත.

සමීකරණය විසඳන්න.

Posted in Uncategorized | Tagged , , , , , | ප්‍රතිචාර 3

(ගොසිප්) රැජින ඔබාමා මරා ගෙන කෑම !!!!!!!!!!!

ගැට්ටට අහුවුන ඔබාමාගේ ලීමෝව ගැන අපි මීට කලින් වාර්තා කල අතර ඔබාමාගේ එංගලන්ත රස කථා මින් නිම වන්නේ නැත.

ලීමෝව අළුත්වැඩියා කරගෙන රැජින විසින් දුන් භෝජන සංග්‍රහය පිළිගන්නට බකිංහැම් මාළිගයට ගිය ඔබාමාට මෙවර නම් සිදු වූයේ වස විළිලැජ්ජාවකි.

රැජිනත් සමඟ සවුදිය පුරන්නට ගිය ඔබාමා දෙස දවා අළු කරන බැල්මක් හෙලූ රැජින අහක බලා ගත්තාය. වුනේ මොකක්දැයි නොදන්නා ඔබාමා තුෂ්නිම්භූතවී ගලක් ගිල්ලාසේ හිටගෙන හිටියේය.

බලාගෙන යනකොට වුනේ මේකය. ඔබාමා සවුදිය පුරන කථාව කරන අතරේ බෑන්ඩ් කාරයෝ සංගීතයක් වැයීමට පටන් ගත්හ. වැයෙන සංගීතය තමන්ගේ කථාවට පසුබිම් සංගීතයක් වන්නට ඇතැයි සිතූ ඔබාමා තමන්ගේ කථාව දිගටම කරගෙන ගියේය. සංගීතය ඇරඹද්දී දිගටම කථා කරගෙන යන ඔබාමා දෙස රැජින නොරුස්නා බැල්මක් හෙලුවත් ඔබාමාට එය තේරුම් ගන්නට බැරිවිය. බලනකොට වාදනය වී ඇත්තේ එංගලන්ත ජාතික ගීයය.

ජාතික ගීය යන අස්සේ ඔබාමා සවුදිය පුරන්නට අඬ ගැසීම ගැන රැජිනට මල පැනීම සාධාරණ ද? අසාධාරණ ද? තීරණය පාඨක ඔබට බාරය.

මේ ගැන පැහැදිලි කිරීමක් ලබා ගැනීමට ධවල මන්දිර ප්‍රකාශකයකු සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ කළ මුත් සාර්ථක නොවීය.

Posted in Uncategorized | Tagged , , , , , , , | ප්‍රතිචාර 2

(ගොසිප්) ගැට්ටට අහුවුන ඔබාමා !!!!!!!!!!!!!!!!

ඇමරිකානු සුපිරි මෝටර් රථ විශේෂඥයෝ ඇමරිකානු ජනාධිපති වෙනුවෙන් අති සුබෝපබෝගී අති ආරක්ෂිත මෝටර් රථයක් නිර්මාණය කළහ. එයට ගැට්ටකින් පන්නන්නටවත් බැරි මෝටර් රථයක් බව පසුගියදා හෙළි විය.

කරුමෙකට මෙය වුනේ අයර්ලන්තයේදීය. බලා සිටි අයිරිෂ් කාරයෝ සරදම් කථා කියමින්, විසිල් ගසමින් සහ හූ කියමින් (සුද්දන් හූ කියන්නේ ආතල් එක වැඩි උනාමය) ආතල් ගැනීම ගැන ඔබාමාට මල පැන ඇත්දැයි දැන ගැනීමට අප උත්සාහ කළ මුත් සාර්ථක නොවිනි.

Posted in Uncategorized | Tagged , , , , , , , | ප්‍රතිචාරයක් ලබාදෙන්න

චානුක ඔයා නාමික ද? මං නිර්නාමික ද?

අරුණි ශපීරෝ නැමැති බ්ලොග් කාරියගේ ලිපියක දී චානුක වත්තේගම නැමැති බ්ලොග් කරුවාත් ලලී නැමැති “නිර්ණාමික” (චානුකට අනුව) කොමෙන්ටුකරුවාත් කොමෙන්ට් වාරණයක් ගැන ගේමකට අවතීර්ණවී තිබෙනු දක්නට ලැබුණි. ඇනෝලා ගැන ලියූ ලිපියේද මේ ගැන අපි කථා කර ඇතත් මේ නාමික හා නිර්නාමික බ්ලොග්කරුවන් යන අපබ්‍රංසය නැවතත් මතුවී ඇති බැවින් ඒ ගැන පිටකොටුව නැමැති “නිර්ණාමික” බ්ලොග් කරුවාගේ අදහස් බිඳක් පහත පළ කරමි.

චානුක නාමික බ්ලොග්කරුවන් ලෙස හඳුන්වන්නේ මොක්කුදැයි මට ඇති උභතෝකෝටික ගැටළුවකි. සරල උදාහරණයක් ලෙස මා හෙට දින අළුත් බ්ලොග් එකක් පටන් ගනිමි. මගේ බ්ලොගයේ නම “ආර්.ජේ.කේ. ප්‍රසන්න වීරසිංහගේ සටහන්” ලෙසත් බ්ලොග් ID එක “ප්‍රසන්න වීරසිංහ” ලෙසත් සඳහන් කරමි. මා ලියන්නේ කාපු බීපු දේවල් ගැන හෝ දේශපාලනය ගැන හෝ කම්පියුටර් ගැජමැටික් හෝ වෙන ඕන බම්බුවක් විය හැකිය.

දැන් චානුක වත්තේගම නැමැති නාමික / නාමික නිර්නාමික බ්ලොග් කරුවන් අතර වෙනස ටක්කෙටම කියන්නට දන්නා බ්ලොග්කරුවා මා හඳුනාගන්නේ නාමික බ්ලොග් කරුවෙක් ලෙසද? නිර්නාමික බ්ලොග් කරුවෙක් ලෙසද?

එවිට පිටකොටුව නම් නිර්නාමික බ්ලොග් කරුවා ආර්.ජේ.කේ. ප්‍රසන්න වීරසිංහ නැමැති “නාමික” බ්ලොග් කරුවෙක් බවට රූපාන්තරණය වෙනවාද?

චානුක නාමික බ්ලොග් කරුවන් හඳුනා ගැනීමට හඳුනා ගන්නා නිර්නායකයන් කුමක් ද? (මොකද නමක් ද නිර්නාමික (ආරූඪ නමක්) විය හැකි බැවිනි. උදාහරණයක් ලෙස නාමල් රාජපක්ෂටද අවශ්‍ය නම් කේතුමතී බණ්ඩාරනායක නමින් බ්ලොග් ලියන්නට කාගෙන්වත් තහනමක් නැත. )

1. පෞද්ගලිකව හැඳිනීම

2. සිංහල (හෝ දෙමළ හෝ ඉංග්‍රීසි) නමක් භාවිතා කරමින් බ්ලොග් ලිවීම / කියවීම

3. පෞද්ගලිකව නොහඳුනන නමුත් බ්ලොග් එකේ ඇති අහවල් කඩෙන් කෑවා, අහවල් ඉස්කෝලෙට ගියා, බූට් කෑවා වැනි දේවල් හරියටම වුනා වගේ ලියා ඇති බැවින් මූ නියම නාමික බ්ලොග්කරුවෙක් බව උපකල්පනය කිරීම

නාමික බ්ලොග් කරුවෙක් වීමට නම් චානුක වත්තේගම, අරුණි ශපීරෝ වැනි ගූගල් කල විට හොයා ගන්නට යමක් තිබෙන චරිතයක් විය යුතුද? නැත්නම් ඇත්ත හෝ බොරු ෆේස් බුක් එකවුන්ට් එකක් තිබිය යුතුද?

ආනන්දවර්ධන යනු නාමික බ්ලොග් කරුවෙක්ද? නිර්නාමික බ්ලොග්කරුවෙක්ද? (ඇත්තටම මා දනනේ නැත. මා සිතාගෙන සිටියේ නම් ආරූඪ නමක් බවයි. එහෙත් චානුකට අනුව එය එසේ නොවේ. ඒ අනුව චානුක ආනන්දවර්ධන හඳුනන බව පෙනේ. කරුමෙට මං අඳුනන්නේ නෑනේ 😦 )

බ්ලොග් ලියන්නට පටන් ගන්න නම් ලංකාවේ පුද්ගලයන් හඳුනාගැනීමේ දෙපාර්තමේන්තුවේ ඩේටා බේස් එකට (එහෙම එකක් තිබේ නම්) ඇතුලත්වීමට හැකියාව ඇති අය විය යුතුද? (කොමෙන්ට් කාරයෝ ඇත්ත එවුන්ද බොරු එවුන්ද යන්න සොයා ගැනීමට)

මට පෙනෙනෙ හැටියට නම් මේ නාමික/නිර්නාමික බේදය වුවමනාවන්ම ගොඩනැගීමට තැත් කරන්නේ තමන්ගේ වාසියට බවයි. ඇනොලාගේ, නිර්නාමික බ්ලොග්කරුවන්ගේ ප්‍රශ්න කිරීම් නැවතුනු කල ඕන කුණුහරුපයක් ලියා “ආ නියමයි මචං, පට්ට ඈ” වර්ගයේ කොමෙන්ට් ගොඩක් මැද සතුටින් ප්‍රීතියෙල් කල් ගත කිරීමට පුළුවන. අනේ ඉතින් එහෙම ඉන්න එක ගැන නම් අපේ කිසිම ඊරිසියාවක් නැත. එහෙත් අපගේ දැන ගැනීම පිණිස බ්ලොග් එකේ උඩින්ම “මිතුරන් අතරේ පමණයි. positive කොමෙන්ට් පමණි.” කියලා සඳහන් කලා නම් පංකාදුය.

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , , , , , , , | එක් ප්‍රතිචාරයක්

පාරට පේන්නට උජාරුවෙන් ආප්ප ගැසීම නොහොත් GAY PRIDE

(ගොසිප් ලංකා හි පිටකොටුව පළ කල කොමෙන්ටුවක කොපියකි)

සමලිංගිකයන්ට ලිංගික ක්‍රියාවල නිරත වීමේ අයිතිය තහවුරු කළ යුතු නමුත් එය (සමලිංගිකත්වය) ප්‍රමෝට් කිරීම නොකළ යුතු බව අපේ අදහසයි. එසේ කිරීමෙන් එය සමලිංගික විවාහ නැමැති විකාර සහගත ක්‍රියාවලිය දක්වා වුවත් දුර දිග යාමේ ප්‍රවනතාවයක් ඇති විය හැකි බැවිනි. ප්‍රජාතාන්ත්‍රවාදය යනු බහුතරයේ කැමැත්තට ඉඩ දීමයි. බහුතරයේ කැමැත්ත වන විෂම ලිංගිකත්වය හා සබැඳි සමාජ ක්‍රියාවලියට ඉඩදී සමලිංගිකයන් පැත්තකටවී සිටීම ලාංකේය සමාජයේ ඉදිරි ගමනට වැඩ දායකය. අපිට පෙනෙන හැටියට අපේ සමාජයේ සමලිංගිකයන්ට කෙරෙහි මතුපිටින් පෙනෙන පිළිකුලක් එල්ල වුවද සමලිංගිකයන්ට සමලිංගිකයන් ලෙස ජීවත්වීමට කිසිදු බාධාවක් නැත. මන්ද විෂම ලිංගිකයන් හෝටල්වලට පැන පොලීසියෙන් අල්ලන් ගියද කිසි තැනක සමලිංගිකයන් ලිංගික ක්‍රියා වල යෙදී සිටියදී පොලීසියෙන් අල්ලන් ගිය බව වාර්තා වී නොමැති බැවිනි. එබැවින් එන්.ජී.ඕ. කාරයන් සරම කැසපට ගහන්නේ සමලිංගිකයන් ගැන ඇති ** අමාරුවකට නොවන බවත් ඊට එහා ගිය ව්‍යාපෘතියක් මෙතන ක්‍රියාත්මක වන බවත් පෙනී යයි. ඒ ගැන අවධානයයෙන් සිටීම වඩා යහපත්ය.

lINK : GAY PROMOTIONS IN SRI LANKA

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , , , | ප්‍රතිචාර 29

Goodbye පිටියේ අප්පු

පිටියෙ අප්පු @ his office

(පෙරමුණේ රාළ ගේ අටුවාවේ කොටුව ලියූ කොමෙන්ටුවක කොපියකි)

අවසානයේ පිටියෙ අප්පු විසින් ම තමන්ගේ සිය දිවි නසා ගැනීම සලකුණු කර ඇත. ඔහුගේ මමත්වය නිසා ම ඉහත කොමෙන්ටුවරයෙක් පෝස්ටය මකන්නැයි කර ඇති ඉල්ලීමද නොසලකා හැර ඇත. ඒ අවස්ථාවේම මෙම පෝස්ට් එක මකා දැම්මා නම් හානිය අවම වීමට ඉඩ තිබුනි.

කාලෝ පොන්සේකා වරක් ගිනි පාගා පෙන්නුවාසේ දේවාලවල ශාන්ති කර්ම වල සිදු වන මෙවැනි ඊනියා “ප්‍රාතිහාර්ය” වලට ඉතා සරල විද්‍යාත්මක පැහැදිලි කිරීම් ඇත. පිටියේ අප්පු මේවා දැක පුංචි බබෙක්සේ ඇස් උඩ ඉන්දුවා ගැනීම පුදුම සහගතය.

ආදර්ශය –
ලිවීමට දෙයක් නොමැති වූ කල්හි නැත්නම් අදහස් ගල් වුන විටදී බ්ලොග් කරුවන් කළ යුතු හොඳම දේ නිහඬව ම සිටීමය. මොකක් හෝ ලියා බ්ලොග් එක අප්ඩේට් කිරීමට තැත් කිරීම නිසා කාලයක් තිස්සේ උපයාගත් දේවල්ද ක්ෂණයකින් විනාශ වී යාමට ඉඩ ඇත.

Link – අල්ලා සුබානවතාලට අභියෝගයක්

Posted in Uncategorized | Tagged , , , , , , , , , , , , , , , | එක් ප්‍රතිචාරයක්