ඇමරිකානු සුපිරි මෝටර් රථ විශේෂඥයෝ ඇමරිකානු ජනාධිපති වෙනුවෙන් අති සුබෝපබෝගී අති ආරක්ෂිත මෝටර් රථයක් නිර්මාණය කළහ. එයට ගැට්ටකින් පන්නන්නටවත් බැරි මෝටර් රථයක් බව පසුගියදා හෙළි විය.
කරුමෙකට මෙය වුනේ අයර්ලන්තයේදීය. බලා සිටි අයිරිෂ් කාරයෝ සරදම් කථා කියමින්, විසිල් ගසමින් සහ හූ කියමින් (සුද්දන් හූ කියන්නේ ආතල් එක වැඩි උනාමය) ආතල් ගැනීම ගැන ඔබාමාට මල පැන ඇත්දැයි දැන ගැනීමට අප උත්සාහ කළ මුත් සාර්ථක නොවිනි.